Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා විවෘත කිරීම 19 දා

ගම්පොළ, නාරංවිට පුරාණ විහාරස්ථානයේ විහාරමන්දිරයේ අභිනවයෙන් ඉදිකළ අසූමහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා විවෘත කිරීම ජනවාරි 19 වැනි දින සවස අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අගමැති දි.මු. ජයරත්න මැතිතුමා ප්‍රධාන ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවේ. ඒ නිමිත්තෙන් දිනපතා බුද්ධ පූජා, බෝධි පූජා අසූමහා ශ්‍රාවක පූජා සිදුවන අතර 26 වැනි දින රාත්‍රී පිරිත් දේශනාවක් පවත්වා පසුදින උදේ සඟසතු මහා දානයක් පූජා කිරීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති වරකාපනේ සෝරත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිවුරුපිටියේ සිරි සීවලී, අඹන්වල සුමංගල යන හිමිවරුන්ගේ හා දායක සභාවේ සංවිධානයෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.