Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

පොරවගම ශ්‍රී සෝමාලංකාර නා හිමි

පැවිදි නම –
පොරවගම ශ්‍රී සෝමාලංකාර නා හිමි.

වඩ වසන පන්සල - ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය.

උපන් දිනය – 1945 මැයි 16 වන දින

පියා - කේ.එල්. අප්පුසිඤ්ඤෝ මහතා.

මව - ජී.කේ. ඇසිලින් මාතාව.

සහෝදර සහෝදරියන් - සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් සිව් දෙනෙක් පමණි.

මූලික අධ්‍යාපනය – ගා/නාරංඕවිට පොරවගම මහ විදුහල.

උසස් අධ්‍යාපනය – 1959 - 1964 දක්වා කළුතර මීගහතැන්න විද්‍යාරාම විශ්වවිද්‍යාල පිරිවෙන.

1965 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම. 1982 සිට 1985 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම.

1985 සිට 1988 වර්ෂ වල කොළඹ විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යා ඩිප්ලෝමාව ලබා ගැනීම හා මනෝ විද්‍යා උපදේශනය සම්බන්ධව උසස් සහතික පත්‍රයක් ලබා ගැනීම.

පැවිදි වීම – 1958 අගෝස්තු 16 වන දින.

උපාධ්‍යයන් වහන්සේ - පොරවගම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පොරවගම ශ්‍රී ඛේමරතනාභිධාන නා හිමි.

ආචාර්යන් වහන්සේ - පොරවගම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරාධිපති විමල කීර්ති ශ්‍රී ඛේමරතන ගාලුදිසාවේ උප ප්‍රධාන සංඝනායක මා හිමි.

උපසම්පදා දිනය – 1964 ජූනි 05 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේදී,

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් - පොරවගම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරාධිපති.

පළකළ කෘති – “ථෙරී ගාථාවලින් හෙළිවන ඉන්දීය කාන්තා සමාජය”, “බුදු සමයෙන් ඉදිරිපත් කෙරෙන මිනිසාගේ ස්වාමිත්වය” “දහම් පාසල් ගුරු අත්පොත”, “පෝදා වැඩසටහන සහ බෝධි පූජා”, “සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් මනස සකස් කර ගැනීම”.

සම්මාන උපාධි ආදිය - ශ්‍රීමත් ආරියතිලක පදනමෙන් “සම්බුද්ධ ශාසන විභූෂණ” ගෞරව නාමය පිරිනැමීම.

කෝට්ටේ සංඝ සභාවෙන් “බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ඛෙමරතන” ගෞරව නාමය පිරිනැමීම.

විදේශ ධර්ම දූත සේවය – ඉන්දියාව, තායිලන්තය, නේපාලය, වියට්නාමය, මියන්මාරය, තායිවානය, හොංකොං, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, කැනඩාව, එංගලන්තය, ජපානය, ඇමරිකා යන රටවල පැවැති ලෝක බෞද්ධ සම්මේලන, ලෝක සංඝ සම්මේලන, හා අන්තර් ආගමික සම්මේලන වලට සහභාගි වීම.

1985 බුද්ධගයාවේදී පැවැත්වීමට තීරණය කරගත් උපසම්පදා විනය කර්මයේ කටයුතු සංවිධානයට පත්කරගත් ජාත්‍යන්තර කමිටුවේ සභාපතිධූරය දැරීම.

ජාත්‍යන්තර බුද්ධාලෝක සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා ද වේ.

තනතුරු - ගාලු දිසාවේ ද්විතීය සංඝනායක පොරවගම විද්‍යා ශ්‍රී වර්ධන පිරිවෙන් කෘත්‍යාධිකාරී.

දහම් පාසල් - ශ්‍රී සංඝරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

වෙනත් – 1969 දී පොරවගම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ විද්‍යා ශ්‍රී වර්ධන නමින් පිරිවෙනක් ආරම්භ කරමින් එහි 1972 වර්ෂය දක්වා පරිවෙණාධිපති ලෙස කටයුතු කිරීම.

1976 දී රාජ්‍ය අංශයේ ගුරු සේවයට ඇතුළත්ව 1996 දක්වා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම. අමි/කෙහෙල්උල්ල කනිටු විදුහල, අමි/රජගලතැන්න මහ විදුහල, ගා/නාරංගස්ඕවිට, පොරවගම මහ විදුහල, කො/ඉදිබැද්ද ධම්මරතන මහ විදුහල, කො/මෝල්පේ ශ්‍රී සෝනිත විදුහල යන විදුහල් පහක ආචාර්යවරයකු වීම.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපාධිධාරී ගුරු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පෙර සේවා ගුරු පුහුණු ආචාර්යවරයකු වශයෙන් ද, වැඩිහිටි අධ්‍යාපනයට ගුරුවරුන් පුහුණු කරවන පුහුණු ආචාර්යවරයකු වශයෙන් ද, ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධිත දරුවනට උගන්වන ගුරුවරුන් පුහුණු කරන පුහුණු ආචාර්යවරයකු වශයෙන් ද, ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වූවන් විශෝධනය කරන පුහුණු ආචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරන ලදී.

1972 සිට සර්වෝදය මොරටු මූලස්ථානයේ භික්‍ෂු සේවා අංශ භාරකරු ලෙසද, භික්‍ෂු සේවා ජාතික සංවිධායක ලෙසද, සර්වෝදය ජාතික සංඝ සම්මේලනයේ ලේකම් ලෙසද, ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලෙසද කටයුතු කිරීම. විහාරස්ථාන සඳහා කුළ දරුවන් පැවිදි කිරීමේ ජාතික වැඩසටහන් සංවිධානය කිරීම.

පිරිවෙන් හා දහම් පාසල් සඳහා දහම් දැනුම, දහම් චිත්‍ර, දහම් කවි, කථික තරග පවත්වා ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීමට කටයුතු සංවිධානය කිරීම.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.