| 
			 
			  
			73 වන කොටස 
			 
			314) අකතං දුක්කතං සෙය්‍යො - පච්ඡා තපති දුක්කතං  
			කතං ච සුකතං සෙය්‍යො - යං කත්වා නා නුතප්පති 
			 
			පසුතැවිලි නොවන්නට – කරන දේ කළ යුතුය- එබඳු දේ කුසල් බව - හොඳින් වටහා 
			ගන්න 
			ඔබ ඔබේ – තුන්දොරින් කරන දේ – ඔබට හෝ ලෝකයට- සෙත් පිණිස විය යුතුය. 
			 
			315) නගරං යථා පච්චන්තං - ගුත්තං සන්ථරබාහිරං 
			ඒවං ගොපේථ අත්තානං - ඛණො වෙ මා උපච්චගා 
			ඛණා තීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා 
			 
			ඔබේ දිවියට මනා - රැකවරණ සැලසිය යුතුය – නැතොත් අන්තිමට ඔබ අපාගත වනු 
			නියතයි 
			අසංවර –ජීවිතය නිසැකවම – ටිකෙන් ටික විනාශය – කරා ළං වන්නේය. 
			 
			316) අලජ්ජිතායේ ලජ්ජන්ති-ලජ්ජිතායෙ න ලජ්ජරෙ 
			මිජ්ජා දිට්ඨි සමාදානා – සත්තා ගච්ඡන්ති දුග්ගතිං 
			 
			පාපයන් කරන්නට –හිරිඔතප්ප නැති කෙනා – කරන පව් නිසාවෙන් – දුගතියට 
			යන්නේය 
			හිරි ඔතප් - නැතිව මේ ජීවිතය – වටිනා කමක් ඇතිව - පැවැත්විය හැකි නොවේ. 
			317) අභයේ ච භය දස්සිනෝ – භයේවා ‘භය දස්සිනො 
			මිච්ඡාදිට්ඨි සමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං 
			 
			හිරි ඔතප් නැති කෙනා – නිතර පව්කම් කරයි. – ඒ නිසා නිසැකවම – ඔහු 
			දුගතියට යැවෙයි. 
			විලිබියක් – ඇතිව ජීවත් වන්න – ජීවිතේ බොහෝ දේ – එයින් සපිරෙන්නේය. 
			 
			මතු සම්බන්ධයි  |