අධ්‍යාත්මික දියුණුවට
ගමන් කළ හැක්කේ
කෛසේද ?
මාවරලේ භද්දිය හිමි
නිවන් මග
අරමුණු
කරගන්නා වූ ගිහියාට
හෝ පැවිද්දාට
අත්‍යශ්‍යම
ආධ්‍යාත්මික ගුණාංගය ලෙස ශ්‍රද්ධාව
හඳුන්වන්නට
පුළුවන්කම
තිබෙනවා
ගෞතම බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක “හත්තක ආලවක” සමග සාකච්ඡාවක්
සිද්ධ කළා. එම සාකච්ඡාවේදී ඔහු තමන් සමග සිටින තුන්සියයක් පමණ පිරිසට
දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සහ සමානාත්මතාවය යන සතර සංග්‍රහ
වස්තුවෙන් සංග්‍රහ කරමින් එම පිරිස සමග ජීවත් වන බව හත්තක ආලවක විසින්
බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබුවා.
එහිදී ඔහුගේම උතුම් හැසිරීම් බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්
ප්‍රශංසාවට ලක්කරනු ලැබූ අතර ඔහු නික්ම ගිය පසු බුදුරජාණන් වහන්සේ
භික්‍ෂූන් වහන්සේ අමතමින් හත්තක ආලවක තුළ පවතින උතුම් අසිරිමත් අද්භූත
ධර්ම අටක් පිළිබඳව දේශනා කළා. මෙහි සාකච්ඡා කරනු ලබන්නේ හත්තක ආලවක තුළ
දක්නට වූ එකී අසිරිමත් අද්භූත ධර්ම අට පිළිබඳව, එම අද්භූත ධර්ම අට අප
තුළද ගොඩනගා ගනිමින් අධ්‍යාත්මිකව දියුණුව වෙත ගමන් කිරීම පිළිබඳව ඔබට
යම් මගපෙන්වීමක් ලැබේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව “සද්ධෝ භික්ඛවේ
හත්තකෝ ආලවකෝ”
මහණෙනි! හත්තක ආලවක ශ්‍රද්ධා සම්පන්නයි. ඔහු සතු වූ පළමු අද්භූත ධර්මය
එයයි. එහිදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව ආර්ය
මහා සංඝරත්නය, පිළිබඳව, පවතින අවබෝධයෙන් යුක්ත වූ ස්ථාවර විශ්වාසය
බුදුහාමුදුරුවෝ පළමු වන අසිරිමත් වූ අද්භූත ධර්මය ලෙස පෙන්වා දී
තිබෙනවා. සසුන් කෙතේ බීජ ලෙස බුදුරජාණන් වහන්සේ “කසී භාරද්වාජ”
බ්‍රාහ්මණයාට පෙන්වා දෙනු ලැබුයෙත් ශ්‍රද්ධාවමයි.
“ ශ්‍රද්ධා බීජං තපෝවුත්ති “
නිවන් මග අරමුණු කරගන්නා වූ ගිහියාට හෝ පැවිද්දාට අත්‍යවශ්‍යම
ආධ්‍යාත්මික ගුණාංගය ලෙස ශ්‍රද්ධාව හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා.
එපමණටම ශ්‍රද්ධාව නම් වූ මනෝභාවය,ආධ්‍යාත්මික ගුණාංගය ගිහියාටත්
පැවිද්දාටත් සසුන් ම¼ග පුහුණුවීමේදී විශාල උපකාරයක් බවට පත්වෙනවා. අචල
ශ්‍රද්ධාවක් පුද්ගලයකු තුළ ගොඩ නැගෙන්නේ සෝවාන් භාවයට පත්වුනාට පසුවයි.
එවිට ඔහු තුළ සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන මනෝභාවයන්
තුන සහමුලින්ම නැතිවෙලා යනව. එම මනෝභාවයන් තුන අතරින් විචිකිච්ඡාව එනම්
බුද්ධාදි අටස්ථානය පිළිබඳව සැකය සම්පූර්ණයෙන්ම නැතිවී යාමත් සමග එකී
පුද්ගලයා පූර්ණ ශ්‍රද්ධාවන්තයකු බවට පත්වීම සිදුවෙනවා. එනිසා
බුදුරජාණන් වහන්සේ හත්තක ආලවක” තුළ දක්නට ලැබුණු මෙම වටිනා ගුණාංගය
අසිරිමත් අද්භූත ධර්මයක් ලෙස පෙන්වා දීමට හේතු වුනේ.
අප සමාජය තුළ ධර්මය පිළිබදවත් ලෝකය පිළිබඳවත් දැනුම විශාල වශයෙන්
තියෙනවා. නමුත් අවාසනාවකට ඔවුන් තුළ ශ්‍රද්ධාව පවතින්නේ ඉතාමත් අල්ප
වශයෙනි. සෑම පුද්ගලයෙක් දෙසම සැකයෙන්,අවිශ්වාසයෙන් බැලීම සාමාන්‍ය
දෙයක්. බවට පත්වෙලා තිබෙන්නේ ඒ විචිකිච්ඡා බහුල බව ක්‍රම ක්‍රමයෙන්
තුණුරුවන් කෙරෙහිත් ඇතිවන ආකාරය ඇතැම්විට අපට දැකගන්නට පුළුවන් කම
තිබෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව,ආර්ය
මහා සංඝරත්නය, පිළිබඳව පූර්ණ විශ්වාසයක්, පැහැදීමක් නොමැති කෙනෙකු බවට
පත්වුවහොත් ඔබ නිවන් මෙගත් බැහැරට ගමන් කිරීම වලක්වන්නට බැහැ. ඔබ
බුදුහාමුදුරුවන්ගේ “අරහං” ආදි උතුම් වූ බුදු ගුණය නවය පිළිබඳව උතුම්
අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳව, උන්වහන්සේගේ අසිරිමත් ජීවිතය පිළිබඳව ,
ඉහළ පැහැදීමත් ,ප්‍රසාදයක්, ගෞරවයක් ඔබ තුළ ගොඩනගා ගත යුතුවෙනවා. ශ්‍රී
සද්ධර්මය තුළ පවතින “ ස්වාක්ඛාත “ ආදී උදාර වූ ගුණ පිළිබඳව ආර්ය මහා
සංඝරත්නය තුළ පවතින “ සුපටිපන්න” ආදි ගුණධර්ම පිළිබඳව නොසෙල්වෙන
විශ්වාසයක් පැහැදීමක් ඔබ තුළ ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. “ හත්තක
ආලවක” බුදුහාමුදුරුවන්ගේ ප්‍රශංසාවට ලක්වන ප්‍රධාන කාරණය බවට පත්වන්නේ
ඔහු තුළ තිබෙන මෙම උතුම් වූ ශ්‍රද්ධා සම්පන්න බවමය.
දෙවැනි අද්භූත අසිරිමත් ධර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාරනව.
‘සීලවා භික්ඛවේ හත්තකෝ ආලවකෝ
මහණෙනි, හත්තක ආලවක සිල්වත් එනම් කයත්, වචනයත්, නිවැරදිව පවත්වාගෙන
යන්නෙක් කියලා. කය තුළින් වැරැදි ක්‍රියාකාරකම් නොකරන්නෙක්. සැබවින්ම
කය වචනය තුළින් වැරැදි ක්‍රියාකාරකම් නොකර යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා
නම් එය අසිරිමත් දහමක් මැයි අති දුෂ්කර වූ හැසිරීමක් ලෙස අපට හඳුන්වන්න
පුළුවන්. රාග,දෝස,මෝහ වලින් පෙළෙන සිත් ඇත්තෙකුට කය, වචනය, රැකගැනීම
අති දුෂ්කර කාර්යයක්. බාහිරින් දැකගැනීමට ලැබෙන අරමුණු රූප,ශබ්ද
ගන්ධ,රස, ස්පර්ශ, මේ හැම අරමුණකම මේ අපේ ඉන්ද්‍රියන් ඇළෙන කොට අප
විසින් සංකල්ප ගොඩනගනවා .එම සංකල්ප සමඟ අප දන්නෙම නැතිව ඇතැම් කායික
වැරැදිවලට ඇතැම් වාචසික වැරැදිවලට අප ගමන් කරනවා. ශ්‍රද්ධාව තිබෙන
පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ දහම ගැන තිබෙන අසීමාන්තික විශ්වාසයෙන්
ඔහු මෙකී වූ කායික වාචසික වැරැදිවලින් අනිවාර්යයෙන්ම වළකිනවා. එයට
හේතුව ඔහු පින පව විශ්වාස කරන නිසා කර්මය සහ කර්ම ප්‍රතිවිපාක පිළිබඳව
විශ්වාසය , පරලොව පිළිබඳව පවතින විශ්වාසය නිසාත් “ හත්තක ආලවක “
ශ්‍රද්ධා සම්පන්න නොවුනා නම් ඔහු සිල සම්පන්න වන්නෙත් නැහැ. කර්ම ඵල
විශ්වාස නොකරන කෙනෙක් කවදාකවත් සිල්වතෙක් වේවි කියල කිසිවෙකුටවත් තර්ක
කරන්න බැහැ. මක් නිසාද යත්? ශ්‍රද්ධාවන්තයා තුළ පවතින කර්මඵල විශ්වාසය
තමයි ඔහු සිලවන්තයකු දක්වා මෙහෙය වන්නේ ඔබ ශ්‍රද්ධාවත් සමග සීලයෙනුත්
සංවර්ධනය විය යුතුයි. ගිහියන් වන ඔබට නිත්‍ය පංච ශීලය තිබෙන්නේ පැවිදි
පිරිසට සාමණේර දස සීලයත්, උපසම්පදා ශීලයත්, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයත්
දේශනා කර තිබෙනවා. ගිහි පැවිදි දෙපිරිසම එකී උපෝසථයන්හි එකි සීලයන්හි
පිරිහෙන්නෙ නැතිව කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. එවිට ඒ අසිරිමත්
අද්භූත වූ දෙවැනි අධ්‍යාත්මික ගුණාංගය ඔබ තුළත් වර්ධනය කරගත යුතුය.
“ හත්තක ආලවක” තුළ තිබුණු තුන්වන අධ්‍යාත්මික ගුණය ලෙස ගෞතම බුදුරජාණන්
වහන්සේ දේශනා කළේ “හිරිමා භික්ඛවේ හත්තකෝ ආලවකෝ” මහණෙනි හත්තක ආලවක
පවට ලැජ්ජා ඇති කෙනෙක් යනුවෙනි. මනුෂ්‍යයකු පවින් වළක්වාලන පළමුවන කරුණ
ඔවුන් තුළ පවතින බව පිළිබඳ වූ ලැජ්ජාව. පවට ලැජ්ජාව ඇති වුවහොත් එළිපිට
පමණක් නොව රහසින් වත් පව්කිරීමට කෙනෙකු පෙළඹෙන්නේ නැහැ.අප තුළ ගොඩ නගා
ගත යුතු අසිරිමත් තුන්වන අද්භූත ධර්මය ලැජ්ජාවයි.
මතු සම්බන්ධයි
සටහන - හේමමාලා රන්දුනු |