|
71 වන කොටස
|
22 – නිරය වග්ගය
306. අභූතවාදී නිරයං උපෙති
යොචාපි කත්වා න කරෝමීචාහ
උභොපි තෙ පෙච්ච සමාභවන්ති
නිහීන කම්මා මනුජා පරත්ථ
අහේතුක චෝදනා -අනුන් වෙත යොමු කරන – කිසි විටෙක තමා කළ - වරද
පිළිනොගන්නා - තැනැත්තෝ නිරය වෙත යොමු වී සිටින්නෝය. කිසිදාක සැනසුමක්
නොලබා සිටින්නෝය.
අහේතුක, චෝදනා නොකරන්න – තමාගෙන් වූ වරද බිය නැතිව පිළිගන්න.
307. කාසාව කණ්ඨා බහවො - පාපධම්මා අසඤ්ඤතා
පාප පාපෙහි කම්මෙහි – නිරයං තෙ උපපජ්ජරෙ
තුන් දොරින් අසංවර – නිරන්තර පව් කරන – දුසිල්වත් මහන කැල – නිරයටම
යන්නේය.
සිල් රෙද්ද දරාගත් පමණකින් යම් කෙනෙකු සුගතියට ගමන් නොකරන්නේය.
308. සෙය්‍යා අයෝගුළෝ භුත්තෝ – තත්තො අග්ගි සිඛූපමො
යඤේච භූඤේජය්‍ය දුස්සීලො-රට්ඨපිණ්ඩං අසඤ්ඤතො
සැදැහැවත් දානයෙන් – දුසිල් මහණෝ යැපෙති – ගිනි බෝල ගිල දැමුම – ඊට
වැඩියෙන් හොඳය.
ඔබ ඔබට - නොගැලපෙන පරිද්දෙන් – දිවිය ගත නොකළ යුතු - බව සිතා ගත යුතුය.
309. චත්තාරි ඨානානි නරො පමත්තෝ
ආපජ්ජතී පරදාරූ්‍යසේවී
අපුඤ්ඤලාභං න නිකාම සෙය්‍යං
නින්දංතතීයං නිරයං චතුත්ථං
වැරැදි කම් සේවනය – පව් උනන උල්පතකි – එම නිසා අන්තිමට අපායම උරුම වේ.
කම් සුවය සතුට දනවන්නේය. එහෙත් එය වැරැදි ලෙස සේවනය නොකළ යුතු. |