පැවිදි නාමය :- ඇඹරළුවේ පඤ්ඤාසීහ නා හිමි
තනතුරු නාමයන් :-
ගෝනහේන ශ්‍රී වර්ධනාරාමය වෑබඩ පුරාණ රජමහා විහාරය
යන උභය විහාරාධිපති සියනෑ අළුත්කූරු දෙකෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය
වැඩ වසන විහාරස්ථානය :-
ගෝනහේන ශ්‍රී වර්ධනාරාම මූලගන්ධකුටි මහා විහාරය.
උපන් දිනය :-
1924 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනි දින.
ගිහි නම :- කේ. ජී. මහින්ද සෝම
පියා :- පොඩිසිංඤෝ අප්පුහාමි මුදලාලි මහතා
මව :-
ලෝරිනෝනා උපාසිකා මාතාව
පැවිදි වීම :- 1940 වර්ෂයේ මැයි මස
මූලික අධ්‍යාපනය :-
ඇඹරළුව මහා විද්‍යාලය
උසස් අධ්‍යාපනය :- ගම්පහ පහළගම විද්‍යාරවින්ද්‍ර මහ පිරිවෙන,
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන
උපාධයන් වහන්සේ :- වෑබඩ පුරාණ රාජ මහා විහාරාධිපති බෙන්තර
සෝනුත්තරාභිධාන මහාක්ෂවීරපාදයන් වහන්සේ
ආචාර්යන් වහන්සේ :- වෑබඩ ධම්ම රතනාභිධාන හිමි.
උපසම්පදා වීම :- 1944 වර්ෂයේ මැයි මස 25 වැනි දින මල්වතු පාර්ශ්වයේ
මහා විහාරීය උපෝසථාගාරයේදී
ශාසනික හා සමාජ සේවාවන් :- දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප පිරිවෙන
ආරම්භ කිරීම, සුගත තථාගත දහම් පාසල ආරම්භ කිරීම,
පහළගම විද්‍යාරවින්ද්‍ර පිරිවෙනේ ආචාර්යවරයෙකුව සිටීම. |