| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										  අපවත් වී වදාළ 
										දික්වැල්ල දොඩම්පහළ හිරිකැටිය ශ්‍රී 
										සුභද්‍රාරාමාධිපතිව වැඩ විසූ රුහුණු විශ්ව 
										විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ 
										ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක 
										අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නා හිමියන්ගේ 
										ශ්‍රී දේහය තැන්පත් කර තිබූ ශ්‍රී 
										සුභද්‍රාරාමය වෙත (03) ගිය ජනාධිපති 
										මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය. 
										සම්බුද්ධ ශාසනයේත් ජන සමාජයේත් චිරස්තිථිය 
										උදෙසා දසක 9කට වැඩි කලක් උන්වහන්සේ 
										කීර්තිමත් සේවාවක් ඉටුකළහ. අපවත් වන විට 
										මහ නාහිමියෝ අනූදෙවෙනි වියේ පසුවූහ. අවසන් 
										ගෞරව දැක්වීමේ අවස්ථාවට ඇමැති ඩලස් 
										අලහප්පෙරුම මහතා ද එක්විය.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						සිවු දෙස දන් බෙදන අනුරපුර ස්වර්ණමාලි දන්වැට
						
			මෙවන් සමයක තුන්සිය හැටපස් දවසෙම රන්වැලි සෑ හාමුදුරුවන් හිඳිනා මානයේ 
			දන් දෙන මේ පුවත ද ඉතිහාසයේ අමරණීය සටහනක් වනු ඇත. ස්වර්ණමාලි දන් 
			වැටෙන් දිනපතා දන් බෙදන මෙම පුවත දැන් රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී 
			ඇත. “බුද්ධ ස්පර්ශය ලත් බිමක හිඳ අනේ අපිටත් අසිරිමත් පින්කමක් කර 
			ගන්නට නොහැක්කේ දැයි “ සිතූ ඇත්තන්ට දැන් ඒ සඳහා හොඳම අවකාසය විවර වී 
			තිබීම පෙර වාසනාවක්මය. අටමස්ථානය වැඳ පුදා ගැනීමට යනෙන උවසු 
			උවැසියන්ටත් දුගී මගී ඇත්තන්ටත් තමන්ගේම දෑතින් දන් පිළියෙල කොට දහසක් 
			දෙනාට එකම තැනකදී දන් දිය හැකි ස්වර්ණමාලි දන්වැට වඩා දැන් දැන් 
			පිනැත්තෝ පෙළ සැදී සිටිති. ස්වර්ණමාලි දන්වැට පිළිබඳව මේ උතුම් අදහස 
			පළමුකොට පහළ වන්නේ සිවු හෙළ බෞද්ධ පදනමටයි.   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා 
					සිකුරාදා අපර භාග 06.26 ට ලබයි. 
					10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |