බෞද්ධ ප්‍රතිපදාව තුළ
සහජීවනය
කැලණිය විශ්ව විද්‍යාලයයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
කේන්ද්‍රීය බෞද්ධ සාරධර්ම ලෙස
සලකන බුදුදහමේ ඉගැන්වෙන සිව් බඹ විහරණයන් තුළද සීමාවන් පනවා නොමැත.
මෙත්තා නම් සියලු
සත්වයන්ගේ සෙත යහපත, සුවය සැපත අපේක්‍ෂා
කිරීමයි. කරුණාව නම් දුකට පත් කවරෙකුට වුවද සානුකම්පිත වීමයි
බෞද්ධ ප්‍රතිපදාව නිබඳවම සර්ව සාධාරණයි. ඒ තුළ ආලමික සීමාවන් නැති
පිළිපැදිය යුතු සාරධර්මත් අත්හල යුතු අසාර ධර්මත් උගන්වනවා. ගෙහසික
ශීලය නැතහොත් ගිහි බෞද්ධයෙකුගේ නිත්‍යශීලය වන්නේ පංචශීලයයි. ඒ තුළ
පවතින්නේ රැකිය යුතු සිල් පද පහක්. පළමුවැන්න පරපණ නොනැසීමයි. පරහට ගරු
කිරීමයි. එය සුරැකිමින් හිංසනයෙන් බිය වැද්දීමෙන් වැළැකිය යුතුය. සියලු
සත්වයෝ කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය පෙරටු කොටගෙන ක්‍රියා කළ යුතු බව
බුදු දහමේ ඉගැන්වෙනවා. එයට ආගමික සීමාවන් නෑ.
කවර ආගමිකයෙක් වුවත් ඔහු සප්‍රාණී මනුෂ්‍යයෙක් සිය ජීවිතයට පි‍්‍රය කරන
කෙනෙක්. ඒ වාගේම දඬුවමට අකැමැති නිදහස කැමැති අයෙක්. සියලු සත්වයන්ට
ජීවිත දානය දීම තමයි බෞද්ධ පිළිවෙත වන්නේ, ඒ නිසා ආගමික හෝ කුමන හෝ
විශේෂත්වයක් සලකන්නේ නැහැ.
පරපණ නොනැසීම, නුදුන් දේ නොගැනීම දුන් දේ කැමැති වීම, අසම්මත වූ අශිෂ්ට
වූ කාම මිත්‍යාචාරයෙන් වැළැකීම, ශිෂ්ට සම්මත අඹු සැමි සම්බඳතා
පැවැත්වීම, රැවටීමෙන් මුසාවෙන් වැළැකීම, සත්‍යවාදී වීම අහිතකර වූ මදයට
ප්‍රමාදයට හේතුවන උත්තේජන භාවිතයෙන් වැළැකීම , මනා සිහියෙන් යුක්ත වීම
යනාදි පඤ්චශීලයේ එන සියලුම චර්යාවන් ආගමික සීමාවලින් තොරය.
කේන්ද්‍රීය බෞද්ධ සාරධර්ම ලෙස සලකන බුදුදහමේ ඉගැන්වෙන සිව් බඹ විහරණයන්
තුළද සීමාවන් පනවා නොමැත. මෙත්තා නම් සියලු සත්වයන්ගේ සෙත යහපත, සුවය
සැපත අපේක්‍ෂා කිරීමයි. කරුණාව නම් දුකට පත් කවරෙකුට වුවද සානුකම්පිත
වීමයි.
මුදිතාව නම් කවරෙකුගේ වුවද යහපත දියුණුව දැක අව්‍යාජවම සතුටුවීමයි.
උපේක්‍ෂාව නම් මැදහත් චින්තනයයි. මේ සිව්බඹ විහරණ සියලු ජාතීන්ට අයත්
ආගම් , කුල,ගෝත්‍රාදියට අයත් මිනිස් නොමිනිස් සියල්ලන් වෙත පතුරුවා
ක්‍රියා කරන බෞද්ධයාට ආගමික සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතු නැත.
එසේම දානය, පි‍්‍රයවචනය අර්ථචර්යාව නම් වූ අනුන්ගේ දියුණුවට අතදීම,
සමානාත්මතාව නම් වූ සමාජ වර්ගීකරණයන් නොසළකා සැමට සමව සැලකීමද බෞද්ධ
පිළිවෙතයි. ඒ අනුව ක්‍රියාකිරීමට උත්සාහ දරන පුද්ගලයා නිසැකවම
සහජීවනයෙන් යුත් තැනැත්තෙකු වෙනවා.
ආගම හෝ වෙනත් විශේෂතාවයක් සලකා පරොපකාරයෙහි යෙදීමට, පි‍්‍රය වචනයෙන්
කථා කිරීමට, අර්ථ චර්යාවෙහි නියැළීමට බුදුසමය උගන්වා නැත. මෙලෙස කී
නොකී සියලු බෞද්ධ සාරධර්මයන් සමාජ විෂමතා සැලකිල්ලට ගෙන ක්‍රියා කල
යුතුය. ඒ තුළින් යහපත් ලෙස ජීවිත පවත්වාගෙන යාමට අනුබලයක් ලබාදෙනවා.
මෙත්තා, කරුණාදී උතුම් ගුණ ධර්මයන්ගෙන් හා අද්විතීය ප්‍රඥා මහිමයෙන්ද
පිරිපුන් අසම සම ශාස්තෘවරයෙකු වූ බුදුන් වහන්සේ ඉතා ප්‍රසන්න වූ සෞම්‍ය
පැවතුම්වලින් යුක්ත වුනා. එනිසා ඉතා සුහදව සියලු ආගමිකයන් හා සබඳකම්
පැවැත්වූවා. සහජීවනයෙන් වාසය කළා. විවේකී අවස්ථාවල අන්‍යාගමිකයන්ගේ
ආරාමවලට වැඩමකොට ඉතා හිතවත්ව ඔවුන් ඇසුරු කළ අවස්ථා ඔවුන්ට දැනමුතුකම්
දුන් අවස්ථා සහ පිළිසඳර පැවැත්වූ තැන්ද සූත්‍රාන්තයන්හි දක්නට ලැබෙනවා.
එයින් උරුවෙල් කාශ්‍යප නම් වූ පන්සීයයක් ජටිලයනට නායක වූ මහා ජටිලයන්ගේ
අසපුවට බුදුරදුන් වැඩමකළ පුවතත් ඔහුගේ කැමැත්තද විමසා එම අසපුවෙහි
ගිණිහල්ගෙයි වැඩ සිටි බව ප්‍රකට පුවතක්. එම ජටිල නායකයා සහ බුදුරදුන්
අතර ඇතිවූ සුහද කථාබස්ද පෙළ දහමේ සඳහන් වනවා.
මෙලෙසින්ම වච්ඡගොත්ත පිරිවැජියාගේ අරමට බුදුරදුන් වැඩම කළ පුවතද පෙල
දහමෙහි සඳහන් වෙනවා.එලෙසම “ පොට්ඨපාද පිරිවැජියාගේ” අරාමයටද, සකුළුදායි
නම් සුප්‍රකට පිරිවැජියාගේ ආරාමයටද වැඩම කොට ඉතා සුහඳ පිළිසඳර කථාබස්වල
නිරත වූ බව සූත්‍රදේශනාවල වාර්තා වෙනවා.
මේ අනුව බෞද්ධ ප්‍රතිපදාව මුළුමනින්ම ආගමික සහජීවනය අගය කළ සත්‍යවාදී
දහමක් බව පෙනෙනවා.
සටහන – එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී |