සිවු දෙස දන් බෙදන අනුරපුර ස්වර්ණමාලි දන්වැට
මෙවන් සමයක තුන්සිය හැටපස් දවසෙම රන්වැලි සෑ හාමුදුරුවන් හිඳිනා මානයේ
දන් දෙන මේ පුවත ද ඉතිහාසයේ අමරණීය සටහනක් වනු ඇත. ස්වර්ණමාලි දන්
වැටෙන් දිනපතා දන් බෙදන මෙම පුවත දැන් රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී
ඇත. “බුද්ධ ස්පර්ශය ලත් බිමක හිඳ අනේ අපිටත් අසිරිමත් පින්කමක් කර
ගන්නට නොහැක්කේ දැයි “ සිතූ ඇත්තන්ට දැන් ඒ සඳහා හොඳම අවකාසය විවර වී
තිබීම පෙර වාසනාවක්මය. අටමස්ථානය වැඳ පුදා ගැනීමට යනෙන උවසු
උවැසියන්ටත් දුගී මගී ඇත්තන්ටත් තමන්ගේම දෑතින් දන් පිළියෙල කොට දහසක්
දෙනාට එකම තැනකදී දන් දිය හැකි ස්වර්ණමාලි දන්වැට වඩා දැන් දැන්
පිනැත්තෝ පෙළ සැදී සිටිති. ස්වර්ණමාලි දන්වැට පිළිබඳව මේ උතුම් අදහස
පළමුකොට පහළ වන්නේ සිවු හෙළ බෞද්ධ පදනමටයි.
ඉතිරිය»
අසිරිමත් උඳුවප්
පොහොය
දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට
සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා
කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු
වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
යසස වැඩෙන අයුරු
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මහා පරිවර්තනයකට ලක් වූ ඓතිහාසික දිනයක්
වශයෙන් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය සැලකිය හැකි ය. එමෙන්ම අනුබුදු
මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට සම්බුදුදහමේ පණිවුඩයද රැගෙන වැඩම කළ
පොසොන් පොහොය දිනය මෙන්ම වැදගත් සන්ධිස්ථානයකි මෙම පසළොස්වක පොහොය
දිනය. එනම් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධීන්
වහන්සේ මෙරටට වැඩම කර වූ ඓතිහාසික සිදුවීම මුල්කරගෙනය.
ඉතිරිය»
ආගමික පූජනීය වස්තුවක් පමණක්ම නොවන අනුරාධපුර
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේගේ ආගමනයත්
සමඟම ශ්‍රී ලාංකික ජන
සමාජයේ ඉතා වැදගත්
පරිවර්තන රාශියක් සිදු වී තිබේ. එයින් පළමුවැන්න, භික්‍ෂුණී ශාසනය
ශ්‍රී ලංකාද්වීපයෙහි
ස්ථාපිත වීමයි.
වංශ කතාවල සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවීමේ
මුඛ්‍ය පරමාර්ථය වශයෙන් දක්වන්නේ ද එයයි.
ඉතිරිය»
|