Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රජා සංවර්ධන පදනමට වසර 30 ක් සපිරෙයි

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට අනුබද්ධිතව ඇරැඹි ප්‍රජා සංවර්ධන පදනමට මේ මස 26 වැනි දිනට වසර තිහක් සපිරෙයි. පදනමේ සභාපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන පදනම අනාගතය කරා එළඹෙන දූ දරුවන්ගේ ජීවන මඟ මෙන්ම ඔවුන්ගේ සුබ සාධනය මානසික සංවර්ධනය උදාකරලීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධානයකි. තිස් වැනි සංවත්සරය වෙනුවෙන් ආදි සාමාජික එකමුතුවක් නාට්‍ය, ගායන, වාදන ඇතුලත් සංස්කෘතික කලා ප්‍රසංගයක් පදනමේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.