67 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ
පකිණ්ණක වග්ගය
290. මත්තා සුඛපරිච්චාගා - පස්සේ චෙ විපුලං සුඛං
චඡේමත්තාසුඛං ධීරො - සම්ඵස්සං විපුලං සුඛං
මේ ලොවේ නැණවත්තු, මහ නිවන් සුව පතා, ඉතා සුළු
කම් සුවය වහා අත්හැර දමති.
හිතවතුනි, ඉතා සුළු කැපකිරීමක් නිසා, උතුම් වූ
සම්පතක් ඔබට හිමිවන්නේ ය.
291. පර දුක්ඛූපදානෙන – අත්තනො සුඛ’මිච්ඡති
වෙරසංසග්ගසංසට්ඨො - වෙරා සොන පරිමුච්චති
අනුන් වෙත දුක් දෙමින්, සැප විඳින්නට සිතන සිතන,
තැනැත්තා වෛරයේ ගොදුරක් ම වන්නේ ය.
හිතවතුනි, අනුන්ගේ සැප පිණිස වෙහෙසෙන්න.
එවිට ඔබ පතන සැප නිසැකවම ලැබෙනු ඇත.
292. යං හි කිච්චං තදපවිදධං - අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං - තෙසං වඩ්ඩන්ති ආසවා
දැහැමි ලෙස නොහැසිරෙන, නොකළ යුතු දේ කරන
තැනැත්තා තුළ නිතර, අකුසල් වැඩෙන්නේ ය.
හිතවතුනි, ජීවිතේ දියුණුවක් ලබන්නට තුන් දොරින්
සංවරව දවස ගත කළ යුතු ය.
293. යෙසඤ්ච සුසමාරද්ධා - නිච්චං කායගතාසති
අකිච්චං තෙන සෙවන්ති – කිච්චේ සාතච්චකාරිනො
සතානං සම්පජානානං - අත්ථං ගච්ඡන්ති ආසවා
කායානුපස්සනා, භාවනා කරන්නා, ටිකෙන් ටික නිවන්
සුව වෙතට ළං වන්නේ ය.
හිතවතුනි, මනා ලෙස කය මෙහෙයවන්නාට තමාගේ
අරමුණට ළඟා විය හැක්කේ ය.
මතු සම්බන්ධයි
|