කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ගල්කිස්ස බෞද්ධායතනාධිපති
දිවියාගහ යසස්සි නා හිමි
මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයයි. මේ වසර ආරම්භයේ සිටම විශාල බෞද්ධ
ප්‍රබෝධයක් ඇතිව තිබේ. මීට පෙර 1956 වසරේද මෙවන් බෞද්ධ ප්‍රබෝධයක්
ඇතිවූ නමුත් ඊට වඩා සිය ගුණයක පමණ වර්ධනයක් මෙවර දැක ගැනීමට අපට
පුළුවන. තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන් විසින් විසි වැදෑරුම්
වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කළ අතර ඊට රාජ අනුග්‍රහයද ලැබුණි. ඒ
සඳහා සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක්ද පත් කරන ලදී.
මේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. මේ වසර ආරම්භයේ සිටම විශාල බෞද්ධ
ප්‍රබෝධයක් ඇතිව තිබේ. මීට පෙර 1956 වසරේද මෙවන් බෞද්ධ ප්‍රබෝධයක්
ඇතිවූ නමුත් ඊට වඩා සිය ගුණයක පමණ වර්ධනයක් මෙවර දැක ගැනීමට අපට
පුළුවන.
තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන් විසින් විසි වැදෑරුම් වැඩ පිළිවෙළක්
සකස් කර ඉදිරිපත් කළ අතර ඊට රාජ්‍ය අනුග්‍රහයද ලැබුණි. ඒ සඳහා
සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක් ද පත් කරන ලදී.
මේ කමිටුව වසර දෙකක කාලයක් තුළ විසි වැදෑරුම් වැඩසටහන ක්‍රියාවට
නැංවීමට අදාළ කටයුතුවල නියැලෙන්නට විය. 2011 වෙසක් පොහොය දිනය වන විට
එම උත්සාහයෙන් බොහෝ ප්‍රතිඵල දැක ගත හැකි විය. 2500 බුද්ධ ජයන්තියේදී
ලක්ෂ 10 ක පමණ පිරිසක් අෂ්ටාංග ශීලය සමාදන් වුවද, මෙවර වෙසක් පොහෝ දින
ලක්ෂ 50 කට අධික පිරිසක් අෂ්ටාංග ශීලය සමාදන් වී ඇති බව තහවුරු විය.
විශේෂයෙන්ම පාසල් දරු දැරියන් ලක්ෂ 21 ක් පමණ අෂ්ටාංග ශීලය සමාදන් වීම
මෙහිලා බෙහෙවින් අගය කළ යුතු ය.
කොළඹ නගරය ආශි‍්‍රතව වෙසක් කලාප රැසක් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණි. ඒ
අතර බෞද්ධාලෝක වෙසක් කලාපය, අරලිය ගහමැදුර ආශි‍්‍රතව ක්‍රියාත්මක වූ
වෙසක් කලාපය, ගංගාරාම වෙසක් කලාපය ඉහළින්ම කැපී පෙනුණි.
කොළඹ නගරය පුරාම අස්සක් මුල්ලක් නෑර වෙසක් පහන් දල්වා පිළිවෙත් පුරනු,
දක්නට ලැබුණි. මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ බෞද්ධයන් මෙන්ම
අන්‍යාගමිකයන් ද මෙම පුණ්‍ය කටයුතු සඳහා එක්වීම යි. අන්‍යාගමික
දේවස්ථාන, පුදබිම්වල පවා මෙවර වෙසක් පහන් කුඩු දැල්වූවා. එය කෙතරම්
ප්‍රශංසනීයද? මේ සියල්ල මෙරට සියලු ජනකොටස් එකතු කළ මහා විප්ලවයක් සේ
හඳුන්වා දිය හැකි යි. අප උත්සාහ කළ යුත්තේ මේ තත්ත්වය දිගින් දිගටම
වර්ධනය කරගෙන ජාතීන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීම යි.
එසේම රටේත් ජනතාවගේත් සුබසිද්ධිය තකා මත්පැන්, මත්ද්‍රව්‍ය මෙරටින්
තුරන් කිරීමට ද අප සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු යි. මෙරට ජාතික
ආදායමින් 12 % ක් පමණ ලැබෙන්නේ මත්පැන් සහ දුම්වැටි අලෙවියෙන් රජයට
ලැබෙන බදුවලින් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශ
වාර්තා අනුව පෙනී යන්නේ 22% පමණ ජාතික ආදායමෙන් වැය කළ යුතු වන්නේ
මත්පැන් හා දුම්වැටි නිසා රෝගාබාධයන්ට පත්වන්නන්ට බවයි. මේ අනුව අපට
පෙනී යන්නේ ජාතික ආදායමෙන් 10 % ක් පමණ ඉතිරි කර ගැනීමට මත්පැන් සහ
දුම්වැටි නැවැත්වීම හේතුවන බව ය. රෝහල් සඳහා ඇදී එන ජනතාවගෙන් බෝ නොවන
රෝගීන්ගෙන් 500 ක පමණ පිරිසක් මත්පැන් හෝ දුම්වැටි භාවිතා කරන්නන් බවද
වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා.
මෙයින් මත්පැන්වලට වඩා දුම්පානය අහිතකර බව කිව යුත්තේ එය පානය කරන්නාට
මෙන්ම සෙසු පුද්ගලයන්ට ද බලපාන බැවිනු යි. කුඩා දරුවන්ට ගැබිනි
මවුවරුන්ට දුම් බොන්නන් නිසා සිදුවන්නේ බලවත් අකටයුත්තක්.
2006 වසරේ දුම්වැටි හා මධ්‍යසාර පනත ඉදිරිපත් කළ ද එහි අඩුපාඩුකම්
තිබෙනවා. එම අඩුපාඩු සකසාගෙන ඉදිරියට ගෙන ඒමටත් සම්බුද්ධත්ව ජයන්ති
මෙහෙයුම් කමිටුව බලාපොරෙත්තු වනවා.
විශේෂයෙන්ම දුම්පානයෙන් තොර ලෝකයක් බිහිකිරීමට අප රටද අස්සන් තබා ඇති
බව ද සිහිතබා ගත යුතු යි. ඒ රටවල් 168 ක් නියෝජනය කරනු ලබන ලෝක සෞඛ්‍ය
සංවිධානය සමග යි.
ලෝකයේ රටවල ජනගහනය අතුරින් 86.4 % ක් එම සංවිධානය සමඟ එක්ව සිටින බව ද
අප මෙහිදී සිහි තබා ගත යුතුය. එම නිසා දුමින් තොර ලෝකයක් කරා යන ගමනට
අප ද එක් විය යුතුවනවා. ලෝකයේ සෑම තත්ත්පර 6.5 කට වරක් දුම්පානය නිසා
එක් පුද්ගලයකු මියයන බවත් අප දැනගත යුතුයි.
දුම්පානය මුදල් ගෙවා මරණය ළඟාකර ගැනීමක් බව ලෝකයේ දියුණු රටවල් මේ වන
විට අවබෝධ කරගෙන තිබෙනවා. දුම්බොන පිරිස් අතුරින් වයස අවුරුදු 35 ත් 69
ත් අතර පිරිස 32.5% ක් බවත් අපට වාර්තා වෙනවා.
එමෙන්ම කුමන ආකාරයේ බලතල සහිත රජයක් බලයට පත් වුව ද රජයට පමණක්
මත්උවදුර දුරු කිරීම කළ නොහැකියි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් අංශ තුනක්
ඒකාබද්ධව කටයුතු කළ යුතු යි. ඒ සඳහා රජයත්, ආගමික අංශයත් සමාජ
සංවිධානත් එක්විය යුතු යි.
විශේෂයෙන්ම මෙහිදී සමාජ සංවිධාන හා ආගමික අංශයන්ට වගකීම් රැසක්
පැවරෙනවා. මරණාධාර සමිති, ප්‍රජා සේවා සමිති වැනි සමිති සංවිධාන යම්
අයෙක් මිය ගියාට පස්සෙ සුබසාධක සේවා ක්‍රියාත්මක කරනවා. එහෙත් මතට
ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට වැඩපිළිවෙලක් මෙවන් සංවිධානවල දක්නට
ඇත්නම් ඒ අල්ප මාත්‍රයක් පමණ යි. අවම වශයෙන් යමක් තේරුම් ගත හැකි
මට්ටමේ අය හෝ වෙන් කරගෙන ඔවුන් ආගමික ස්ථානයකට කැඳවා මතින් වෙන් වන බවට
පොරොන්දු කරවාගෙන ඔවුන්ට යම් සමාජ පිළිගැනීමක් ඇති කිරීම මෙහිලා
බෙහෙවින් වැදගත් වනවා. රාජ නීතිය මෙන්ම මේ ආගමික ක්‍රමවේදය ක්‍රියාත්මක
කළ හැකි යි. එය ප්‍රතිඵලදායක බවින් වැඩි බවත් කියන්න පුළුවන්.
‘මතට තිත’ සංකල්පය රට තුළ ක්‍රියාත්මක වුවත් එක් මත්පැන් පොළක් වටලා
ඉවත් කරන විට තවත් තැනක් බිහිවෙලා. වැරැදි කරලා බන්ධනාගාර ගත කළත් එහේ
ගිහිල්ලත් කරන්නෙ එවැනි කාර්යයන්. මේ නිසා පනත සංශෝධනයට ලක්කළ යුතු යි.
මීට අමතරව සත්ත්ව ඝාතනය නැවැත්වීමට ද අප කටයුතු කළ යුතු යි. එය
නීතියෙන් නොව ජනතා සිත් දහමට නැඹුරු කිරීම තුළින් ඇති කළ යුතු යි.
මාධ්‍ය මඟින් ද මේ සඳහා සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි යි. ඇත්තෙන්ම
මේ සම්බුද්ධත්ව ජයන්ති වසරේ රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා මෙන්ම
මුද්‍රිත මාධ්‍යය තුළින් ද නිරතුරුවම ධර්ම දේශනා අසන්නට ලැබෙනවා.
මේ ධර්ම දේශනා අනුව යමින් බොහෝ පිරිස් අන් අයග් දිවි තොර කිරීම
විශේෂයෙන්ම සත්ත්ව ඝාතනය, මාංශ අනුභවය වැනි ක්‍රියාවන්ගෙන් වැළකී
තිබෙනවා. ඒ බෞද්ධයන් පමණක් නොවෙයි. අන්‍යාගමිකයන් පවා ඒ තත්ත්වයට පත්ව
ඇති බව දැනගන්නට තිබෙනවා. තම ආගම දහම අදහන ගමන් ඕනෑම ආගමක දර්ශනයක ඇති
සදාචාර ගති පැවතුම් තම ජීවන ප්‍රතිපත්තිවලට ඇතුළත් කර ගැනීම බෙහෙවින්
වැදගත් වනවා. මීට අමතරව ව්‍යාපෘතීන් වශයෙන් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම
උදෙසා ඉටු කළ හා ඉටු කරමින් පවතින කාර්යයන් ගැනත් මඳක් හෝ අවධානය යොමු
කළ යුතු වෙනවා.
එහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ සිල් මාතාවන් උදෙසා ලබාදී ඇති අනුග්‍රහය
යි.
කාලාන්තරයක් තිස්සේ එතරම් සැලකිල්ලකට යොමු නොවු දස සිල් මාතාවන් උදෙසා
දකුණු පළාතේ මූලටියන පියදාස රත්නායක අනුස්මරණ අභ්‍යාස ආයතනය වසර
කිහිපයකට පෙර ඇරැඹීම පෙන්වාදීමට පුළුවන්. එපමණක් නොව මේ වන විට මාදිවෙල
සිල් මාතා ආරාමය වැඩි දියුණු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ලක්ෂ
23 කට අධික මුදලක් වෙන් කර තිබෙන අතර හයමසක් ඇතුළත එහි වැඩ නිම කිරීමට
කටයුතු යොදා තිබෙනවා.
එසේම කළුතර දිස්ත්‍රික්කයේ කෝරළේ ඉම සිල්මාතා ආරාමයත් වැඩි දියුණුවට
කටයුතු කර තිබීමත් වැදගත් වනවා. මෙ මඟින් බලාපොරොත්තු වන්නේ දස සිල්
මාතාවන්ගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ නංවාලීමත් ඔවුන්ට අවශ්‍ය ධර්ම
කාර්යයන් කිරීමට මඟ සලසා දීමත් ය. එසේම පිරිවෙන් අධ්‍යාපනය හදාරන
භික්ෂුන් වහන්සේලාට මෙන්ම දසසිල් මාතාවන්ටත් අධ්‍යාපනය ලබාගත හැකි
අයුරින් පිරිවෙන් පනත සකස් කිරීමද මෙහිලා බෙහෙවින් වැදගත් වනවා.
දහම් පාසල් සේවය නැංවීම උදෙසා දහම් පාසල් 2600 කට මූල්‍යාධාර ලබාදීමට
කටයුතු යොදා ඇති අතර දැනටමත් දහසකට අධික සංඛ්‍යාවකට එසේ ආධාර ලබා දී
තියෙනවා. එසේම පහසුකම් අඩු විහාරස්ථාන 2600 ක් ප්‍රතිසංස්කරණයට කටයුතු
යෙදීමද මෙහිලා වැදගත් කටයුත්තක්.
පසුගිය දිනක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුරුලු බැද්ද ගම්මානයට ගිය විට
දකින්නට ලැබුණේ ඇතැම් ස්වාමින් වහන්සේ කටුමැටි ගැසූ කුඩා පැල්පත්
සංඝාවාස ලෙසින් පරිහරණය කරන ආකාරයයි. එක්පැත්තකින් පරණ ගෝණි මල්ලකින්
ආවරණය කරලා, තවත් පැත්තකින් ඉවත් කරපු සිවුරුවලින් ආවරණය කරල. ආගම දහම
රැකගන්න ඒ හාමුදුරුවරු විඳීන්නෙ පුදුමාකාර දුකක්. අවුරුදු 30 ක
යුද්ධයකින් බැටකාපු ඒ අයට අපේ පිහිට අවශ්‍ය කාලයයි..මේ එළඹිලා
තියෙන්නෙ.
ඒ සංඝාවාසය හදන්න මේ වන විට කටයුතු කරනු ලබන්නේ ගල්කිස්ස වටරප්පල පාරේ
ධර්මායතනයට අනුබද්ධ සිසුන් පිරිසක් . සම්බුද්ධ ජයන්තියට නියම
පිළිවෙතින් පෙළ ගැසීම අපට පෙනෙන්නේ එවන් කාර්යයන්හි නියැලුණහොත් පමණයි.
අපේ දරුවන් බෝසත් දරුවන් බවට පත්කළ යුතු යි. උදේ ඉදන් රෑවන තුරු
අධ්‍යාපනයට හඹා යාමෙන් සිදුවන්නේ දැනුම ඇත්තෙක් වීම පමණ ය. කොතරම්
දැනුමක් තිබුණත් ගුණ දහම් අගයන්ගේ නැතිනම් ඉන් සමාජයට හෝ ඔහුට හෝ ඵලක්
නොවන බව අප සිහි තබා ගත යුතු යි.
අප අතීතය දෙස බලා වැරැදි අඩුපාඩු සකස් කර ගැනීමටත් ඒ අඩුපාඩු යළි ඇති
නොවීමටත් වගබලා ගැනීම ඉතා වැදගත් 2500 බුද්ධ ජයන්තියේදි ඇතිවූ
ප්‍රබෝධයක් ලෙස ත්‍රිපිටකය සිංහල භාෂාවෙන් ලැබීම පෙන්වා දීමට පුළුවන්.
අපි මෙවර සිහි තබා ගත යුත්තේ අඩුම වශයෙන් සංඝයා වහන්සේගේ ගෞරව රැකෙන
පරිදි ශාසනය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න ගැන ය. මෙහිදී කතිකාවන් පණ
ගැන්වීම බෙහෙවින්ම වැදගත් වෙනවා. එක් එක් නිකායට අයත් කතිකාවත් බල
ගන්වා ඒවා නීතින් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු යි. මේ
කාර්යයට අකැමැති අයත් සිටිනවා. නමුත් අද සමාජයේ ඇතැමුන් චීවරයට මුවාවී
කරනු ලබන කාර්යයන් දෙස බැලීමේදි පෙනී යන්නේ නිසි පරිදි කතිකාවන්
නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව ය. සිවුරක් පෙරවගෙන යම් අයෙක් කරනු ලබන
වැරැදි ක්‍රියාවක් නිසා ශාසනයට සිදුවන්නේ අපකීර්තියක් පසුගිය දිනවල
රුවන්වැල්ල ප්‍රදේශයේ චීවරධාරියෙක් සම්බන්ධව මාධ්‍ය මඟින් හෙළි කළ
කරුණු දැන් රටම දන්නවා.
චීවරයට ඇති පිළිගැනීමයි, ඒ තැනැත්තන් අයුතු ලෙස යොදාගෙන
තිබෙන්නේ.භික්‍ෂූන් වහන්සේට කැප හා අකැප කටයුතු සම්බන්ධව නිසි ආකාරයේ
විනය ප්‍රතිපත්ති මාලාවක් මේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ හෝ එළිදක්වා
ගැනීමට නොහැකි වුවහොත් සම්බුද්ධත්ව වර්ෂය නිමා වී වැඩි කලක් යාමට පෙර
අපට සිදුවන්නේ පරිහානියට පත්වන බුද්ධ ශාසනයක් දෙස බලා සිටීමට ය.
අන්‍යාගමිකයන් අපේ බෞද්ධයන් හරවා ගැනීම ගැන කතා කිරීමට පෙර අප කළ
යුත්තේ ජනතාවට විහාරස්ථානය විශ්වාස ස්ථානයක් බවට පත් කිරීම යි. ඒ සඳහා
සියලු භික්‍ෂූන් වහන්සේ, විශේෂයෙන් මේ සම්බන්ධව වගකීමක් දැරිය යුතු නා
හිමිවරු මූලිකත්වයක් ගත යුතු යි.
චිරාත් කාලයක් මෙරට නිර්මලව පැවැති බුදු දහම තවත් චිරාත් කාලයක් පවත්වා
ගැනීමට නම් සංඝ සමාජය ආරක්ෂා කළ යුතු බව අප සැවොම තේරුම් ගත යුතු යි.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර |