අග්ගමහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි
ගුණ සමරුවට පින්කම්
දෙස් විදෙස් පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත මහ නා හිමියෝ බොහෝ කලකින්
පහළවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ නමකි. 1887 ජූලි 23 දින
අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයේ උපත ලද කුමරු පොල්වත්තේ අග්ගාරාමාධිපති
පෝරඹ ධම්මාධාර රාජගුරු නාහිමි වෙතින් 1899 නොවැම්බර් 02 දින පැවිදිවිය.
මේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයා ලොවට බිහිකළ ඒ ගුරු හිමියෝ ද පාලි, බුදුදහම බෞද්ධ
දර්ශනය පිළිබඳ පෘථුල දැනුම් සම්භාරයෙන් හෙබි අතර ඉන්දියාවේ විශ්ව
විද්‍යාලයන්හි ඉගැන්වූ මහා විද්වතෙකි.
ඉතිරිය»
වියට්නාමයේ බොදු උරුමය
වියට්නාමය බෞද්ධ රටකි. වසර ගණනාවක්ම පැවැති යුදමය තත්ත්වය හේතුවෙන්
වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ විනාශ විය. එහෙත් යුද්ධය පැවැති කාලයේදී තම
රටේ වෙහෙර විහාර බේරාගෙන ඒවා ආරක්ෂාකිරීමට වියට්නාම් බෞද්ධ භික්‍ෂූන්
වහන්සේ පෙරමුණ ගත් බව කියයි. යුද්ධයෙන් හානි නොවූ වෙහෙර විහාර පැරණි
තත්ත්වයෙන්ම අදටත් පවතී.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල් වඩමු - අකුසල් දුරලමු
ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති.
සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ
ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය
යනාදිය ද මේ සඳහා
නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත්
කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය.
ඉතිරිය»
බුදුරදුන්ගේ
වචන භාවිතය
යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක් යැයි දනී ද,
ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ
එබඳු වචනය කාලානුරූපීීව දේශනා කරති.
යම් වචනයක් සිදුවූ, සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනී ද,
ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ
එබඳු වචනය කාලානුරූපීව දේශනා කරති.
ඉතිරිය»
|