ශ්‍රීමත් සිරිල් ද සොයිසා ජන්ම සමරු පින්කම 26 වන දා
			
			 
			 කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා 
			මැතිතුමාගේ 115 වෙනි ජන්ම දින සමරු පින්කම ඔක්තෝබර් මස 26 වෙනි දිනට 
			යෙදී ඇත.ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය තුළදී පැවැත්වීමට 
			කටයුතු යොදා ඇත.  
			ඔක්තෝබර් 26 වෙනි දින පෙරවරු 06.00 ට කිරිපිඬු පූජාව, බෝධි පරිශ්‍රයේ 
			දී කම්මට්ඨානාචාර්ය පාදුක්කේ සද්ධාධජ හිමියන් විසින් මෙහෙයවන අතර 
			පෙරවරු 09.00 ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා 
			මැතිතුමාගේ පිළිරුවට මල් මාලා පැළඳවීම, ගෞරව දැක්වීම ද, පෙරවරු 10.00 ට 
			ගල්දූව ආරණ්‍යවාසී මහා සංඝරත්නය 60 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් 
			පිරිනැමීම ද සිදු කැරේ.  |