ගල්දූව ආරණ්‍ය සේනාසනයේ තෙමහල් විහාර මන්දිරය විවෘත කිරීම
			
			 
			අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍යසේනාසනයේ අභිනව තෙමහල් විහාර මන්දිරය 
			ඔක්තෝබර් මස 22 දින සවස 04.00 ට සඟසතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය 
			ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති නා උයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්සේගේ 
			ප්‍රධානත්වයෙන් සිදුවේ. උදව් උපකාර කළ පින්වතුන්ට පින් අනුමෝදන් කිරීමේ 
			විශේෂ පින්කමක් ද එදින සිදු කෙරෙන අතර එදින සවස 06.00 ට විශේෂ බෝධි 
			පූජා පින්කමක් සහ 23 දා ඉරුදින උදේ 09.00 ට කඨින චීවර මහා පින්කම ද 
			පැවැත්වේ.  |