| 
						 පිඬුසිඟා වැඩම කළ භික්‍ෂූන් වහන්සේ 
						එකසිය පණස් (150) නමකට දානය පිළිගැන්වීම පසුගියදා 
						අනුරාධපුරයේ දී සිදු කැරිණි. එම පුණ්‍යෙීත්සවය, ශ්‍රී ලංකා 
						රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙන් 
						විහාරාධිපති ගිරාඹේ ආනන්ද සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 
						නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී, පූර්වාරාමාධිපති පොතානේ 
						ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි 
						සාරිපුත්‍රාරාමාධිපති හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමියන්ගේ 
						අධීක්‍ෂණය තුළින් ඇතුල්නුවර සමස්ත බෞද්ධයින්ගේ අයිතීන් 
						සුරැකීමේ සංගමයේ සභාපති ගාමිණි චන්ද්‍රසිරි, ලේකම් උපාලි 
						දිසානායක යන මහත්වරු ප්‍රධාන සාමාජික සාමාජිකාවන් විසින් 
						සංවිධානය කරන ලදී. පූර්වාරාම විහාරස්ථානයට වැඩම කළ 
						භික්‍ෂූන් වහන්සේ ඇතුල් නුවර සංඝමිත්තා මාවත ඔස්සේ වැඩම කර 
						මහමෙවුනා උයනේ මහාපාලි දාන ශාලා පරිශ්‍රය වෙතට වැඩම කරවන 
						ලදී. අනතුරුව භික්‍ෂූන් වහන්සේලා වෙත දානය පිළිගන්වන ලදී. 
						මහ සඟරුවන පිඬු සිඟා වැඩම කළ අවස්ථාව. 
						සටහන හා ඡායාරූප - වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා 
						විශේෂ  |