ලෙනවර රජමහා විහාරයේ දී පින්කම් මාලාවක්
			
			 
			හල්තොට ලෙනවර රාජ මහා විහාරයේ දී මෙම 05 වන දා සිට 12 වන දා දක්වා 
			ශාස්ත්‍රපති හිඳුරන්ගල සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් 
			පැවැත්වේ. 
			ලෙනවර රාජ මහා විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ගෝවින්නේ ශ්‍රී 
			සෝමරතන නාහිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් එම පින්කම් 
			මාලාව සිදු කැරේ. 
			ධර්ම දේශනා, සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පින්කම් මාලාවට ඇතුළත් වේ. ඒ 
			අනුව ඔක්තෝබර් 05 වන දා රාත්‍රී 7ට කාව්‍ය ධර්ම දේශනය යටිපස්ගමුවේ 
			අරියවංශ හිමියන් විසින්ද 06 වන දා පස්වරු 5 ට පදලංගල ධම්මදේව හිමියන් 
			විසින් ද 07 වන දා රාත්‍රී 07 ට තුම්බෝවිල ධම්මරතන හිමියන් විසින්ද 08 
			වන දා රාත්‍රී 07 ට දොඩන්දූවේ සිරිකර නා හිමියන් විසින් ද 09 වන දා 
			රාත්‍රී 07 ට සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින් ද 10 වන දා රාත්‍රී 7 
			ට හෑගොඩ විපස්සි හිමියන් විසින් ද 11 වන දා රාත්‍රී 7 ට මඩිහේ සුගතසිරි 
			හිමියන් විසින් ද එම ධර්ම දේශනා පවත්වනු ලැබේ. 
			ඔක්තෝබර් 12 වන දා අලුයම කඨින පෙරහර හල්තොට ෆොන්සේකා පාර ඩබ්ලිව්. 
			ජයසේන මහතාගේ නිවෙසින් පිටත් වේ. 12 වන දා උදේ කඨින වස්ත්‍ර පූජාව හා 
			සපිරිකර සංඝගත දක්‍ෂිණාව සිදු කැරෙන අතර එදින රාත්‍රී 07 ට කඨිනානිශංස 
			ධර්ම දේශනාව හිඳුරන්ගල සෝරත හිමියන් විසින් පවත්වනු ලැබේ.  |