 63 වන කොටස
			බණ්ඩාර මඩුගල්ලේ 
			
			 
			මග්ග වග්ගය
			
			 
			273. 
			මග්ගානට්ඨංගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා  
			විරාගො සෙට්ඨො ධම්මානං - දිපදානං ච චක්ඛුමා 
			අරි අටැඟි මග උතුම්, හරි ඇත්ත සිව්සස් ය. පරම දම නිවන වේ. බුදුන් ලොව 
			උතුම් වේ. හිතවතුනි, ලෝකයේ උතුම් දේ සුලභ නැත. සුලභ දේ උතුම් නැති බව ද 
			වටහා ගන්න. 
			 
			274. 
			ඒසොව මග්ගො නත්ථිඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා 
			ඒතම් හි තුම්හෙ පටිපජ්ඡථ – මාරස්සේතං පමෝහනං 
			අරිය සස් මගින් ගොස්, නුවණ වැඩි කර ගන්න. ඒ මගින් පෙරට ගොස් රුදුරු මරු 
			පරදන්න. හිතවතුනි, නැණැත්තා, ගැටලු ළඟ නොපැරදී, නුවණ කඩුවෙන් සතුරු බලය 
			බිඳ ජය ලබයි. 
			 
			275. 
			ඒතම් හි තුම්හෙ පටිපන්නා - දුක්ඛස්සන්තං කරිස්සථ 
			අක්ඛතෝ වෙ මයා මග්ගො - අඤ්ඤාය සල්ල සන්ථනං 
			අරි අටැඟි මඟින් ගොස්, සසර දුක් නිමවන්න. මෙසේ මා කියන්නේ ලැබූ 
			අත්දැකීමෙනි. හිතවතුනි, නැණවත්තු, තමාගේ අත්දැකුම්, කුළුණැසින් කියා දී 
			ලොව ද යහමඟ යවති. 
			 
			276. 
			තුම්හෙ හි කිච්චං ආතප්පං - අක්ඛාතාරො තථාගතා 
			පටිපන්නා පමොක්ඛන්ති – ඣායිනො මාර බන්ධනා 
			බුදු කෙනෙකු යනු ලොවට උතුම් ඇදුරකු පමණි. බුදු මඟෙහි හැසුරුණොත් මාර 
			මුඛයෙන් මිදේ.හිතවතුනි, තථාගත ගුරුතුමන් අනුව ගොස් සියලු කෙලෙසුන් නසා 
			නිවන් සුව ලැබ ගන්න. 
			 
			මතු සම්බන්ධයි.  |