හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය
			සටහන සහ ඡායාරූප - කපිල කුලසිංහ කටුකුරුන්ද සමූහ 
			 
			
			 
			 ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහත් වූ මෙහෙවරක් සළසන හල්දුම්මුල්ල ශ්‍රී 
			සුධර්මාරාම පුරාණ විහාරය ප්‍රදේශයේ ඇති වෙහෙර විහාර අතරින් කැපී පෙනෙන 
			බෞද්ධ සිද්ධස්ථානයකි. දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරස්ථානය 
			පිහිටා ඇත්තේ කොළඹ බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල නගරයට ආසන්නව ය. 
			හල්දුම්මුල්ල නගරයට මීටර 150 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය 
			හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයේ පිහිටා ඇත. 
				
					
						| 
						 
						  
			සැතපෙන පිළිම වහන්සේ  | 
					 
				 
			 
			
			කඳුකර ප්‍රදේශයක බෑවුම් සහිත භූමියට උචිත අයුරින් මෙම විහාරය ඉදිකොට 
			ඇත. මල් සහ තුරුගොමු වලින් සුසැදි විහාරය සහිත පරිසරය අතිශයින් මනරම් 
			ය. වසර 250 පමණ ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරය රත්කැරැව්වේ සද්ධානන්ද 
			නා හිමියන් විසින් ද පින්නලන්දේ ලංකානන්ද හිමියන්ගේ මග පෙන්වීමෙන් ද 
			සංවර්ධන කටයුතු සිදු වී ඇත. විහාරස්ථානයක වැඳුම් පිදුම් සඳහා තිබිය 
			යුතු සියලු අංගයන්ගෙන් මෙම විහාරය සමන්විත ය. මෙහි ඇති පැරැණි විහාර 
			චිත්‍ර හා මූර්ති ද මහනුවර හා අනුරාධපුර යුගයන්හි ආභාෂයන් සංකලනය කොට 
			නිමවා තිබේ. එහි ඇතැම් චිත්‍ර විනාශ වී යාමේ තර්ජනයට ද ලක්ව ඇත. මුල් 
			විහාරය කේන්ද්‍රකොට ගනිමින් එහි ඉතිහාසගත තොරතුරු රැසක් එක් රැස් කර 
			ගැනීමේ ව්‍යාපෘතියක නිරතවෙමින් පවතින බව වන්මන් විහාරාධිපති කහගොල්ලේ 
			ආනන්ද හිමියෝ පැවසූහ. පැරැණි විහාරය මුල් කර ගනිමින් විහාරස්ථානය 
			සංවර්ධනය කිරීමට වත්මන් විහාරාධිපති හිමියන් කරනා මෙහෙය පැසැසිය යුතු 
			වෙයි. ශාසනික සමාජ සේවා රැසක් විහාරස්ථානයෙන් අරඹා ඇති අතර දිළිඳු 
			දරුවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානයන් ද සිදුවේ. 
			බදුල්ල කොළඹ මාර්ගයේ ගමන් කරන සදැහැවතුන්ට පැමිණ වන්දනා කළ හැකි ස්වභාව 
			සෞන්දර්යයේ අපූර්වත්වයෙන් හෙබි ඓතිහාසික පූජනීය ස්ථානයක් ලෙස 
			හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරය හැඳින්විය හැකිය. 
			 
  
				
					
						
						  
			පැරණි බෝධි වෘක්ෂය | 
						
						  
			විහාරයට පිවිසෙන මාර්ගය | 
						
						  
			පැරණි බිතු සිතුවම් | 
					 
				 
			 
			
			  
			 
			 
			  
			 
			  
			 
			  
			 
			   |