62 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ
268
න මොනෙන මුනි හොති – මුල්හරූපො අවිද්දසු
යො ච තුලං ව පග්ගයහ – වරමාදාය පණ්ඩිතො
මීඩයා මුනිවතින් – නැණැත්තකු වෙන්නේ නෑ.
නැණැත්තා නුවණැසින් – අවැසි දේ අර ගනී.
හිතවතුනි, හිස් වචන – කියන්නා නුවණ නැති - මෝඩයෙකු බව ලොවට හෙළිදරව්
වන්නේ ය.
269
පාපානි පරිවජ්ජේති - ස මුනි තෙන සො මුනි
යො මුනාති උභො ලොකෙ – මුනි තෙන පවුච්චති
තිදොර සංවර කෙරුණු - පාපයෙන් දුරස් වූ - ලොව නියම තතු දකින – නැනැත්තා
මුනි කෙනෙකි.
හිතවතුනි, ටිකෙන් ටික – පාපයෙන් දුරු වන්න. එවිට ලෝකය ඔබට උපහාර කරනු
ඇත.
270
න තෙන අරියො හොති - යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණනං - අරියෝ ‘ ති පවුච්චති
අහිංසක නොවන්නා - ‘අරිය’ වන්නේ නොවේ.
අරිය වනු කැමැති නම්, - අහිංසක විය යුතු ය.
හිතවතුනි, ඔබ ලොවට - හොඳ කෙනෙකු වන්ට නම්
නමින් නොව ගති ගුණෙන් - හොඳ කෙනෙකු විය යුතුය.
271
න සිලබ්බත මත්තේ න – බාහු සච්චේන වා පුන
අථ වා සමාධි ලාහේන – විච්ච්ච සයනෙන වා
රකින වත් පිළිවෙතින් - ශීලයෙන් යුතු වුණත් - සෙනසුනක විසුවත් – ජීවිතය
පිරී නැත.
හිතවතුනි, ජීවිතය – නිසි ලෙසින් පිරෙන්නේ – පාපයෙන් දුරස් වී -
සුපිරිසුදු වූ විට ය.
272
ඵුසාමි නෙක්ඛම්ම සුඛං - අපුථුජ්ජන සේවිතං
භික්ඛු විස්සාසමාපාදි - අප්පත්තෝ ආසවක්ඛයන්ති
ලෝකයෙන් එතෙර වූ - නිවන නම් සැපක් ඇත. එය ලැබෙන තුරාවට – දිරිය නොහැරිය
යුත්තේ ය.
හිතවතුනි, අරමුණෙහි – එල්බ ගෙන දිරි ගන්න – නිසැක ලෙස දිනෙක හිස - මත
පියුම් පිපෙනු ඇත.
මතු සම්බන්ධයි |