61 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ
264) න මුණ්ඩකෙන සමණො - අබ්බතො අලිකම්භණං
ඉච්ඡා ලෝභ සමාපන්නෝ - සමණො කිං භවිස්සති
හිස රැවුල් ගා දමා - සමණ වෙස් ගත් නමුදු - සමණ ගුණ නැති කෙනා - සමණයෙකු
නොවේ ම ය.
හිතවතුනි, කිසි දෙයක – පිට ඔපය දෙස බලා - වටින නොවටින බවක් තීරණය නොකළ
යුතු.
265) යො ච සමේති පාපානි – අණුං ථුලානි සබ්බසො
සමිතත්තාහි පාපානං - සමණොති පවුච්චති
ලොකු කුඩා සියලු දොස් - නසන්නට වෙර දරන – පැවිද්දා උතුම් වූ - මහණ ගුණ
දරන්නෙකි.
හිතවතුනි, ටිකෙන් ටික – වැරැදි අඩු කරන විට – ඔබ තුළ ද උතුම් වූ -
චරිතයක් ගොඩ නැගේ.
266) න තේන භික්ඛු හොති – යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය – භික්ඛු හොති න තාවතා
පිඬු සිඟා යැපෙන්නා - තිදොර සංවර නැතොත් – ඒ තැනැත්තා නියම – මහණ
කෙනෙකුන් නොවේ.
හිතවතුනි, හැසිරීම – පමණක් ම දැකීමෙන් – නියම වූ මහණකැයි – හැඳින ගත
හැකි නොවේ.
267) යොධ පුඤ්ඤංච පාපංච – බාහෙත්වා බ්‍රහ්මචරිය වා
සංඛාය ලොකෙ චරති - සවේ භික්ඛුති වුච්චති
බුදු සසුන් ගත වෙලා - පාපයෙන් දුරස් වී – ගුණ දහම් රකින්නා - නියම වූ
බුදු පුතෙකි.
හිතවතුනි, ටිකෙන් ටික – වැරැදි අඩු කර ගන්න – එවිට ඔබ ඉක්මනින් –
වැදගතකු වන්නේ ය..
මතු සම්බන්ධයි
|