කටාන මීගමුව ප්‍රාදේශීය සිසු නිපුණතා අගැයීම් මාලාව 18 වනදා
			
			 
			බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්මේන්තුවේ සමස්ත ලංකා 
			ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි 2011 සමස්ත ලංකා දහම් පාසල් සිසු 
			නිපුණතා ඇගයීම් මාලාවේ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනා රක්ෂක මණ්ඩලයේ 
			ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් මාලාව සැප්තැම්බර් 18 වෙනි ඉරු දින 
			ප.ව. 8 සිට ප්‍රධාන සභාපති ගෞරව ශාස්ත්‍රවේදී හීනටියන නන්දතිස්ස මහ නා 
			හිමියන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී 
			සීදුවේ සුමනවංස නාහිමියන්ගේ හා කටාන ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එච්.එච්. 
			ආර්. කිරිඇල්ල මහතාගේ සංවිධානයෙන් යුතුව මීගමුව හරිස්චන්ද්‍ර ජාතික 
			විදුහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
			මෙම ප්‍රාදේශීය නිපුණතා ඇගයීම් මාලාවට ප්‍රයෝගික දැනුම, පද්‍ය ගාථා 
			ගායනා දහම්, දැනුම, ගද්‍ය රචනා, කථික, පාලි පද්‍ය ගායනා හා බෞද්ධ ළමා 
			චිත්‍ර ප්‍රාථමික, කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ තුනකින් යුතුව 
			පැවැත්වේ. ප්‍රාදේශීය සිසු නිපුණතා සඳහා සුදුසුකම් ලබා ඇති සියලුම සිසු 
			දරු දැරියන් සැප්තැම්බර් මස 18 ඉරුදින පෙ.ව. 8.00 පෙර මීගමුව 
			හරිස්චන්ද්‍ර ජාතික විදුහලට සිය අනන්‍යතා තහවුරු කිරීමේ ලිපි ලේඛන 
			රැගෙන පැමිණෙන ලෙස ප්‍රධාන ලේඛකාධිකාරි සීදුවේ සුමනවංස නාහිමියෝ ඉල්ලා 
			සිටිති. මෙම ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් මාලාවෙන් ප්‍රථම ස්ථානය 
			හිමිකර ගන්නා සියලු ශිෂ්‍ය/ශිෂ්‍යවන් ගම්පහ දිස්ත්‍රික් සිසු නිපුණතා 
			ඇගයීම් මාලාව සඳහා සුදුසුකම් ලබනු ඇත. කටාන මීගමුව ප්‍රාදේශීය 
			ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල් 47 ක සිසු දරු දැරියන් 2000කට 
			ආසන්න පිරිසක් මෙම සිසු නිපුණතා ඇගයීම් මාලාව සඳහා පෙනී සිටීමට 
			නියමිතය. මෙම දහම් පාසල් සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයීම් මාලාවෙන් 1 
			සිට 5 දක්වා ස්ථාන හිමිකර ගත් සිසු දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් 
			ප්‍රදානය කිරීම මෙදින ප.ව. 5.00 ට සභාපති ගෞරව ශාස්ත්‍රවේදී හීනටියන 
			නන්දතිස්ස මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික 
			විදුහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත. 
			එම අවස්ථාවට බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය, එම්. කේ. ඩී.එස්. ගුණවර්ධන 
			මැතිතුමා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය, 
			සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බස්නාහිර පලාත් සභා මහාමාර්ග, මාර්ග 
			සංවර්ධන අමාත්‍ය, නිමල් ලාන්සා මහතා පලාත් සභා මන්ත්‍රී ලලිත් වනිගරත්න 
			මහතා ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වීමට නියමිතය.  |