59 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
ධම්මට්ඨ වග්ගය
256. න තෙන හොති ධම්මට්ඨෝ - යෙ නත්ථි සහසා නයෙ
යො ච අත්ථං අනත්ථංච – උභො නිච්ඡෙයිය පණ්ඩිතො
නුවණ නැති තැනැත්තෝ, අයුතු තීරණ ගනිති. නැණැත්තෝ යුතු පරිදි, උසස් තීරණ
ගනිති.
හිතවතුනි, නැණැත්තෝ ලෝකයට සම්පතකි. නුවණ නැති තැනැත්තෝ ලෝකයට ශාපයකි.
257. අසාහසෙන ධම්මේන - සමේන නයතී පරෙ
ධම්මස්ස ගුත්තෝ මෙධාවි – ධම්මට්ඨොති පවුච්චති
දැහැමි වූ විනිසුරෝ, උතුම් තීරණ ගනිති. එම නිසා එවැන්නෝ, සොබා දහමින්
රැකෙති.
හිතවතුනි, සනාතන, දහම මෙය වන්නේ ය. ධම්මෝ භවේ රක්ඛතී ධම්මචාරී.
258. න තෙන පණ්ඩිතො හොති – යාවතා බහු භාසතී
ඛේමි ආවේරි අභයො - පණ්ඩිතොති පවුච්චති
වියපත් වූ පමණකින් නැණැත්තෙකු වන්නේ නෑ. පස් පවින් තොර වුණොත් හේ මහා
නැණැත්තෙකි.
හිතවතුනි, තුන් දොරින් පව් නොකර සිටින්නා ලෝකයෙන් පුද ලබන උතුම් පණ්ඩිත
කෙනෙකි.
259. නතාවතා ධම්මධරො - යාවතා බහු භාසති
යොච අප්පම්පි සුත්වාන – ධම්මං කයෙන පස්සති
සවෙ ධම්ම ධරො හොති - යො ධම්මං නප්පමජ්ජති
බණ කියන පමණකින්, දහම් ධරයෙකු නොවේ. දහම පිළිපදින්නා දහම් ධර වන්නේ ය.
හිතවතුනි, උගත්කම, හැඳුනුකම නොවේමය. දහම් පිළිපදින විට, හැඳුනුකම ළඟා
වේ.
මතු සම්බන්ධයි
|