රංවල ශ්‍රී දෙව් මහා විහාරය 
			බණ්ඩාර පිලවල 
			
			 
			 
				
					| 
					 
					  
			විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  | 
				 
			 
			
			සීතාවක රාජධානියේ රජ පැමිණි වීරෝදාර රණ විරුවන්ගේ පහස ලත් පුවක්පිටිය 
			හිගුරළ රංවල ශ්‍රී දෙව්මහා විහාරය දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන 
			බොදු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය ශුද්ධ භූමියකි. 
			කොළඹ හංවැල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය රංවල ශ්‍රී දෙව් මහා විහාරය 
			අසළින් ගමන් කරන සියලු මගීන් ප්‍රාර්ථනා කැර පුද පඬුරු දමා ගමන් ඇරඹීම 
			දිගු කාලයක සිට සිදු කරන උතුම් චාරිත්‍රයකි. 
				
					
						| 
						 
						  
			රන්වැට සහිත බෝධීන් වහන්සේ  | 
					 
				 
			 
			
			තුණුරුවන් පෙරටු කැර රංවල දෙවිඳුගේ ආශිර්වාද ලැබී සියලු බලාපොරොත්තු 
			සපල කැරන බව ඔවුහු විශ්වාස කැරති. විහාරස්ථානය කේන්ද්‍රීය කැරගෙන ආරම්භ 
			කැර රංවල දේවාලය ආරක්ෂා කිරීම සඳහා බාරකාර මණ්ඩලයට කණම්පැල්ල ශ්‍රී 
			සුමනාරාමාධිපති හා සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක අපවත් වී 
			වදාළ කණම්පැල්ලේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ පළමුව පත්වූහ. 
			නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පරිදි රංවල ශ්‍රී දෙව්මහා විහාරය 
			ඉතා සීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන අයුරු දක්නට ලැබුණි. ඒ අනුව විහාර 
			මන්දිරය ප්‍රමුඛ රංවල දෙවියන් වැඩ සිටින දේව මන්දිරය නිර්මාණය විය. ඊට 
			අමතරව පොදු ජනතාවගේ පහසුව සඳහා සිංහල බෙහෙත් ලබා ගැනීම සඳහා පින් 
			බෙහෙත් ශාලාවක් ආරම්භ කළ නමුත් එය කාලයාගේ ඇවෑමෙන් අකර්මන්‍ය වූ බව 
			පැවසෙයි. 
			ප්‍රදේශයේ බොදු බැතිමතුන්ගේ ජාතික ආගමික සාමාජික ප්‍රශ්න මැනවින් අවබෝධ 
			කැර ගත් කණම්පැල්ල සුමනාරාමාධිපති හා සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන 
			සංඝනායක අපවත් වී වදාළ වටරැක පියතිස්ස නාහිමියෝ පුවක්පිටිය රංවල 
			දෙව්මහා විහාරස්ථානයේ අභිවෘද්ධිය අපේක්ෂා කළ සේක. 
			ඒ අනුව විහාරස්ථානයේ දියුණුව උදෙසා අදාළ පහසුකම් ප්‍රදේශවාසී 
			දායකකාරකාදින්ගේ ආධාර උපකාර ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. පියතිස්ස 
			නා හිමියෙන් අපවත් වීමෙන් අනතුරුව කණම්පැල්ල සුමනාරාමය, මානකඩ ශ්‍රී 
			නන්දනාරාමය, හිඟුරළ රංදෙවි ශ්‍රී මහා විහාරය යන තුන් මහා විහාරාධිපති 
			කොස්ගම කරගල්ල නිග්‍රෝධ පිරිවෙණේ හිටපු පරිවෙණාධිපති හා සියනෑ හේවාගම් 
			හාපිටිගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක මාදන්වල ආනන්ද නාහිමියෝ 
			විහාරාධිපතිත්වය පත්වූහ. 
			සිය විහාරාධිපතිත්වයට පත්වීමත් සමග විශිෂ්ට සේවාවන් රැසක්ම උන්වහන්සේ 
			සිදු කළහ. රන් අලේපිත රන්වැට සමග බෝධි ප්‍රාකාරය නිර්මාණය කිරීම, 
			දෙමහල් සංඝාවාසය සමග වැසිකිලි කැසිකිලි ජල විදුලිය සහිතව ඉදිකිරීම, 
			ප්‍රාකාර බැමි සෑදීම විෂ්ණු හා රංවල දෙවිවරුන්ගේ දේව මන්දිර දෙක 
			අලුත්වැඩියා කිරීම ඊට අමතරව පත්තිනි , සමන්, හා කතරගම දෙවිවරු වෙනුවෙන් 
			නව දේව මන්දිර තුනක්ම ඉදිකිරීම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 
			උපදෙස් පරිදි හිටපු පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී 
			ලංකා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන 
			මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විහාරය සතු භූ®මිය පූජා භූ®මියක් බවට 
			පත්කරලීම, දෙමහල් ධාතු මන්දිරය සහිත රන් ආලේපිත රන්වැට සහිත බෝධි 
			ප්‍රාකාරය සඟසතු කැර සම්බුද්ධ ශාසනයට පූජා කිරීම ඉතිහාස ගතවේ. 
				
					| 
					 
					  
			නව දෙමහල් විහාර මන්දිරය  | 
				 
			 
			
			විශේෂයෙන්ම විහාරස්ථානය ප්‍රමුඛස්ථානය තබාගෙන සිදුකරන ආගමික සාමාජික 
			සේවාවන් අතුරෙන් වාර්ෂිකව අවිස්සාවේල්ල මහ රෝහලේ වාට්ටු සංකීර්ණය සතු 
			මේස කබඩ් පුටු වරින්වර අලුත්වැඩියා කිරීම ඒ වාගේම රෝහල් ගොඩනැගිලි 
			අලුත්වැඩියා කිරීම තීන්ත ආලේප කිරීම අඛණ්ඩව සිදු කෙරේ. 
				
					
						| 
						 
						  
			විහාරාධිපති 
			නා හිමියෝ  | 
					 
				 
			 
			
			ප්‍රදේශයේ බොදු බැතිමතුන්ගේ අධ්‍යාත්මික ගුණාංග වඩා වර්ධනය කිරීම 
			අරමුණෙන් ශීල ව්‍යාපාර ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් ඇතුළු 
			වාර්ෂික කඨින චීවර පූජා පින්කම අටවිසි බුද්ධ පූජා බෝධි පූජා රංවල 
			දෙවියන් උදෙසා පත්වන දේවදානය විශේෂ ස්ථානයක් ගැනේ. 
			මහානුභාව සම්පන්න දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය පෙරටු කැරගෙන දිගු ගමනක් 
			යන රංවල ශ්‍රී‍්‍ර දෙව් මහා විහාරය පූජනීය ශුද්ධ භුමියකි. 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			   |