සමාජාභිවෘද්ධියට
ශීලය
බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමාධිකාරී
ගා/ ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති
බද්දේගම සමථ මූල මණ්ඩලයේ සභාපති
බද්දේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති
ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
තමාටත් සමාජයටත් අහිතකර වූ
කායික වාචසික හා මානසික ක්‍රියාවන්ගෙන් වැළකී
හිතකර වූ ක්‍රියාවන්ගෙන් යුක්ත වීම අධ්‍යාත්මික
සංවර්ධනයයි. ගුණ දහමින් වැඩි දියුණුවීම මින් අදහස් කරයි. එසේම මෙලොව
සැපවත් දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පෞද්ගලික හා සාමාජික භෞතික
වස්තූ®න් වැඩි දියුණු කර ගැනීම භෞතික සමාජ සංවර්ධනය ලෙස නම් කළ හැක. මේ
දෙ අංශය සඳහාම සංවර්ධනය අර්ථවත් කර ගැනීමට ශීලය අත්‍යවශ්‍ය වෙයි.
බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ගැන පමණක් සිතන විට නොකළ යුතු
දුසිරිත් මෙන්ම කළ යුතු සුසිරිත් සිදු කිරීම තුළින් මේ පුද්ගල මෙන්ම
සමාජ සංවර්ධනය උදා කර ගත හැක.
සමාජය යනු පුද්ගලයින් සමූහයයි. පවුල එහි මුල්ම සමාජයයි. පවුල් සමාජය
හැරුණු විට පාසල එහි දෙවන පියවරයි. මේ පුද්ගල එකතුව යම් නීති
පද්ධතියකින් හා සාරධර්ම පද්ධතියකින් සමන්විත වන හෙයින් අර්ථවත් සමාජ
ඒකක ලෙස හැඳින්විය හැක. මේ සමඟ විවිධ ස්ථානවලට විවිධ අවශ්‍යතා මත
ඒකරාශි වන පුද්ගල සමූහයද සමාජ ගනයට ඇතුළත් වෙයි. සෑම උපන් පුද්ගලයෙකුටම
ජීවත් වීම සඳහා සමාජයක් අත්‍යවශ්‍ය වෙයි. සමාජයකින් තොරව යමෙක් ජීවත්
වන්නේ නම් ඔහු මනුෂ්‍යයෙක් නොවෙයි. තිරිසන් සතුන්ට පවා ඔවුන්ගේ සමාජ
ඇත.
මෙකී සමාජ සංවර්ධනයට හෙවත් අභිවෘද්ධියට බෞද්ධයන් වන අපි සමාදන්වන ශිලය
කෙතෙක් දුරට ඉවහල් වේදැයි විමසීම මේ ලිපියෙන් අපේක්ෂා කෙරෙයි. සමාජ
ඒකකයක් වන පුද්ගලයා පිළිබඳව මෙහිදී අමතක කළ නොහැක. සෑම පුද්ගලයෙකුටම
යම් ප්‍රතිපත්තියක් තිබිය යුතුය. තිසරණගත බෞද්ධයාගේ ප්‍රතිපත්ති පහ
පංචශීලය ලෙස හැඳින්වෙයි.
සමොදානං සීලං, යන නිර්වචනය තුළින් සීලය යනු කුමක්දැයි පැහැදිලි කෙරෙයි.
පුද්ගල කය, වචනය, පාලනය කොට හොඳ පැත්තට සංවර්ධනය කර ගැනීම මින් අදහස්
කරයි. තමාටත් සමාජයටත් අහිතකර වූ කායික වාචසික හා මානසික
ක්‍රියාවන්ගෙන් වැළකී හිතකර වූ ක්‍රියාවන්ගෙන් යුක්ත වීම අධ්‍යාත්මික
සංවර්ධනයයි. ගුණ දහමින් වැඩි දියුණුවීම මින් අදහස් කරයි. එසේම මෙලොව
සැපවත් දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පෞද්ගලික හා සාමාජික භෞතික
වස්තූ®න් වැඩි දියුණු කර ගැනීම භෞතික සමාජ සංවර්ධනය ලෙස නම් කළ හැක. මේ
දෙ අංශය සඳහාම සංවර්ධනය අර්ථවත් කර ගැනීමට ශීලය අත්‍යවශ්‍ය වෙයි.
බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ගැන පමණක් සිතන විට නොකළ යුතු
දුසිරිත් මෙන්ම කළ යුතු සුසිරිත් සිදු කිරීම තුළින් මේ පුද්ගල මෙන්ම
සමාජ සංවර්ධනය උදා කර ගත හැක.
පරපණ නසන, හිංසා කරන, නුදුන් දේ ගන්න, අසම්මත ස්ත්‍රී පුරුෂ සබඳතා ඇති
අනුන් රවටන මුසාබස් කියන, මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් විකෘති වූ
පුද්ගලයන් පිරී සමාජයක් කෙසේ දියුණුවට පත් වේද? එහි සදාචාර සංවර්ධනයක්
ගොඩ නැගෙයිද? ඒ සදාචාර විරෝධි සමාජයක් ඇතිවන භෞතික සංවර්ධනය පුස්සක්
වැනි අර්ථ ශූන්‍ය මායාවක් පමණි. ඉන් ලැබෙන සතුට තෘප්තිය පහත් අශිෂ්ට
වූවකි. එමනිසා මෙහිදී අපේ අවධානය යොමු විය යුත්තේ සදාචාර සම්පන්න ශිෂ්ඨ
සම්පන්න අධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයක් ගැන අප අනුගමනය කරමින් ශීලය
කෙතෙක් දුරට උපයෝගි වේදැයි විමසා බැලීමයි.
පංචශීලය තුළ චාරිත්‍ර ශීලයත් වාරිත්‍ර ශීලයත් ඇතුළත් වෙයි. මිනිස්
සමාජය තුළ සිරිත් විරිත් ලෙස පෙන්වා දී ඇත්තේ මෙකී ශිලයයි. චිරමනය හා
සමාදානය ලෙස හැම ශික්ෂා පදයකම අන්තර්ගත වී ඇත්තේ මේ චාරිත්‍ර වාරිත්‍ර
දෙකයි. මිනිස් සමාජය තුළ නො කළ යුත්ත පාපයයි. අකුසලයයි. එය නොකිරීම ඉන්
වැළකීම විරමණයයි. එසේම කළ යුත්ත පිනයි. කුසලයයි.
එය කිරීම ශීලය තුළ ඇතුළත් සමාදානයයි. තමාට අන් අයට හානියක් වන සියල්ලම
පාපයට ඇතුළත් වෙයි. තම හෘදය සාක්ෂියට එකඟ නොවන තම ආගම ධර්මයට පටහැනි
ප්‍රභූන්ගේ දෝෂාරෝපණයට ලක්වන තමන්ට හානියක් ගෙන දෙන සියල්ල පාපය ලෙස
තවදුරටත් විග්‍රහ කළ හැක. මෙහි අනිත් පැත්ත තම හෘදය සාක්ෂියට එකඟ තම
අදහන ආගම ධර්මයට සම්මත, ප්‍රභූ ජනතාව අගයන යම් ක්‍රියාවලියක් වේද එය
පිනයි. කුසලයයි. මෙය ක්‍රියාත්මක වීම සමාදානයයි. අප අනුමෝදන් වන පංචශීල
ප්‍රතිපත්තිය ගැන අවධානය යොමු කර බලන්න.
පරපණ නැසීමෙන් වැළකීම, පරහිංසනයෙහි නොයෙදීම, විරිත් ගනයට හෙවත් විරමනයට
ඇතුළත් වෙයි. එසේම පරපණට ගරු කිරීම, සියලු සතුනට කරුණාව අනුකම්පාව
දැක්වීම සිරිතයි. සමාදානයයි. දියුණුවක් වෙත ළඟාවීමට විශේෂයෙන්
ජීවිතරක්ෂාව අත්‍යවශ්‍ය වෙයි. එකිනෙකා වනසන එකිනෙකාට හිංසා පීඩා කරන
සමාජයක ජීවත්වීමේ අයිතිය ගිලිහීයයි. ඉන් වැඩි දියුණු වන්නේ සාමය සතුට
නොව අසමගිය ගැටුම් කලකෝලාහලයි. මානව සබඳතාවන්ගේ දැහැමි සැකැස්ම ඉන් බිඳ
වැටෙයි. බිය සැක දෙකින් තොර සැනසිලිදායක දියුණුවක් අධ්‍යාත්මිකව හා
බාහිරව ගොඩ නැගෙන්නේ මේ පළමු ශික්ෂාපදය තුළ ඇති සිරිත් විරිත් දෙකම
ක්‍රියාත්මක වීම තුළිනි.
මේ හැරුණු විට නුදුන් දේ ගැනීමෙන් වැළකීම සොරකම අත් හැරීම යනු
විරමණයයි. විරිතයි. ඒ සමඟම දුන් දේ ගැනීම සොර සිතින් තොරවීම අන්‍යයන්
සුරැකීම සමාදානයයි. සිරිතයි. මේ සිරිත ක්‍රියාත්මක වීම මානසික
සංවර්ධනයකි. එසේම සොරකමින් වැළකීම, බාහිර සමාජ සංවර්ධනයකි. එවිට සමාජ
සබඳතා තහවුරු වන අතර දේපළ අයිතීන් තහවුරු වී එහි සුරක්ෂිතතාවය ගොඩනැගී
සාමය සතුට පිරි සමාජ සංවර්ධනයක් උදාකරගත හැක.
එසේම අශිෂ්ට අසම්මත ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවලින් වැළකීම, ඔවුනොවුන්
අතර රාගික හැඟීම්වලින් තොරවීම, පංචශීල ප්‍රතිපත්තියෙහි තුන්වන
විරමණයයි. චාරිත්‍රයයි. ශිෂ්ට සම්මත ස්ත්‍රී පුරුෂ සබඳතාවය ගොඩනගා ගෙන
විශ්වාසය, සතුට ගොඩනගා ගැනීම එහි සමාදානයයි. චාරිත්‍රයයි. මෙය
පුද්ගලයාගේ සහ සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. පවුල් ඒකක සදාචාර
වන විට සාමය සමගිය ගොඩ නැගෙයි. ඉන් බිහිවන දූ දරුවන් ශිෂ්ට සමාජ
සංවර්ධනයක් සඳහා යොමු වෙයි. මේ හැරුණු විට අනුන් රැවටීමෙන් මුසාබස්
කීමෙන් යමෙක් කටයුතු කරයි නම් එය සිරිතට හෝ විරිතට ඇතුළත් නොවෙයි.
මුසාවෙන් වැළකී සිටීම විරිතයි. සමාජයෙහි පිළිගත හැකි වචන සත්‍ය වචන කතා
කිරීමෙන් සිරිත සපිරෙයි.
අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා එක් මාධ්‍යයක් වන්නේ වාචිකව
මුඛයෙන් කෙරෙන කාර්යයි. එකිනෙකා නොමග යවන, රවටන, වචන භාවිතයෙහි
නිරතවූන් ඇති සමාජය පිරිහීමට පත්වන අතර එහි සංවර්ධනයක් ඇති නොවෙයි.
බොරු කියන්නාට නොකළ හැකි පවක් නැති බව සමාජ මතයකි. එසේනම් බොරුව කේලම,
පරුෂවචන, හිස් වැඩකට නැති වචන තෙපලීමෙන් පුද්ගල හානිය මෙන්ම විශාල
සමාජමය හානියක් ද පාරිසරික විපරීතතාවයන් ද ගොඩ නැගෙයි.
මෙසේ විවිධ පුද්ගල සහ සමාජ සංවර්ධනයට හානිකර වාග් දුසිරිතෙන් වැළකී එහි
චාරිත්‍ර අංශය වන සත්‍යය කතා කිරීම සාමයට හා සමාජ සංවර්ධනයට තුඩු දෙයි.
පංචශීලයෙහි අවසාන ශික්ෂාපදය වන්නේ මත්වතුර මත් ද්‍රව්‍යය භාවිතයෙන්
වැළකීමයි. මින් මනා සිහිනුවණ අප්‍රමාදය ප්‍රකෘති මානසික සංවර්ධනයක් ගොඩ
නැගෙයි. පුද්ගල කායික මානසික ප්‍රගතියක් ගොඩ නැගෙයි. අද සමාජය තුළ
පවුල් ඒකකය තුළ බොහෝ අවුල් අසමගිතා ගොඩනැගී ඇත්තේ මත් ද්‍රව්‍ය භාවිතය
නිසා බව කිවයුතු නැත. කායික මානසික රෝගපීඩා ධන හානි සමාජ ගැටුම් අපරාධ
මිනීමැරීම ආදී සමාජද්‍රෝහී සියලු ක්‍රියා පසුපස මේ මත් රකුසා ගමන්
කරයි. ඉන් ආරක්ෂා වීම පුද්ගල අධ්‍යාත්මික ගුණාත්මක සංවර්ධනයට මෙන්ම
සමාජ ශුභ සිද්ධියට ඉවහල් වෙයි.
මෙකී ශීලය තුළින් පුද්ගල සංවර්ධනයක් හා සමාජ සංවර්ධනයක් උදාකරගත හැකි
අයුරු මනාව පැහැදිලි වෙයි. ඔබත් ඔබේ පංචශීල ප්‍රතිපත්තිය මනාව ආරක්ෂා
කර ගනිමින් එහි විරති හෙවත් වැළකීම් අංශයත් එහි සිරිත හෙවත් සමාදාන
අංශයත් ක්‍රියාවට නංවා යහපත් පුද්ගලයෙකු වී යහපත් සමාජයක් ගොඩනැංවීමට
අදිටන් කර ගන්න. |