දියකපනාතොට කොත්වහන්සේ 
			නිරාවරණය පෝදා
			- කේ. බණ්ඩාරනායක 
			
			 
			මහනුවර ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරයේ නව චෛත්‍යරාජාණන් 
			වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය නිකිණි පුර පසළොස්වක පෝදා 
			උදේ 08.45 ට යෙදෙන ශුභ මොහොතින් සිදු කෙරේ. අස්ගිරිය මහා 
			විහාරපාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමියන් 
			ප්‍රධාන ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය 
			පැවැත් වේ. 
			   |