බුදුගේ හින්න 
			නාග මහා විහාරය
			
			 
			ඒ.ඒ.එල්. ඩයස් 
			මාතලේ දිස්ත්‍රික් සමූහ 
			 
				
					| 
					 
					  
			ඓතිහාසික ලෙන් විහාරය  | 
				 
			 
			
			ඓතිහාසික වටිනාකමකින් යුත් අප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයන් ඇතත් එම 
			ස්ථාන ගවේෂණ මෙන්ම සංරක්‍ෂණය කිරීමේලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
			අවධානය යොමු කිරීම වටීයි. එවැනි ඉතා වටිනා අප්‍රසිද්ධ ඓතිහාසික 
			ස්ථානයකි මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටි 
			බුදුගේහින්න නාග රජ මහා විහාරය නොහොත් පුංචි දඹුල්ල ලෙන් විහාරය. 
			රංගිරි දඹුල්ල ලෙන් විහාරය හා සමකාලීනව ඉදිවූවක් බව නිගමනය කළ හැකි 
			නටබුන් රැසක්ද මෙහි විද්‍යාමානව පවතී. 
				
					
						| 
						 
						  
			සැතපෙන පිළිම වහන්සේ  | 
					 
				 
			 
			
			මෙම ලෙන් විහාරයන්හි පිහිටීම ද එක හා සමානය. තවද මෙහි විශේෂ ලක්‍ෂණයක් 
			වනුයේ ගුහාවේ කටාරම් දෙකක් එකිනෙකට අඩි තුනක් (3) පමණ් දුරකින් කොටා 
			තිබීමය. එය මත අක්‍ෂර කීපයක් සහ සෙල්ලිපියක් ද වේ. එය අනුරාධපුර යුගයට 
			අයත් ය. වළගම්බා රජු අවධියේ දි මෙම ඓතිහාසික සිද්ධස්ථානය ඉදිකිරීමට 
			ඇතැයි විශ්වාස කළත් එයට පෙරදීද මෙම ස්ථානය ආරාමයක් ලෙස පැවති බවට සාධක 
			දක්නට ඇත. මේ අතර වර්තමානයේ මෙහි දක්නට ඇති ප්‍රතිමා සහ සිතුවම් 
			බහුතරයක් නුවර යුගයට අයත් ඒවාය. 
			එමෙන්ම මෙහි ඇති සෙල්මුවා බුද්ධ ප්‍රතිමාව නිදන් සොරුන් විසින් කඩා දමා 
			තිබී පසුව එය විහාරස්ථදායක සභාවේ සහය මත එහි විසූ නායක හිමිනමක් විසින් 
			නැවත පිළිසකර කර ඇත. තවද මෙම විහාරස්ථානයෙහි රියන් දහ අටක් දිගැති 
			සැතපෙන බුදුරුවක් ද දක්නට තිබේ. මෙයට අමතරව බිත්ති චිත්‍ර සහ වියන් 
			චිත්‍ර ද මෙහි දක්නට ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයක් 
			නොමැතිකම නිසා මෙහි ඇති ඓතිහාසික චිත්‍ර සහ ප්‍රතිමා විනාශවෙමින් පවතී. 
				
					| 
					 
					  
			ලෙන්විහාරයේ ඇති සෙල් මුව ප්‍රතිමාවක්  | 
				 
			 
			
			එම විහාර භූමියෙහි ඇති සෙල්මුවා පහනට ද ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම 
			විහාරස්ථානය සම්බන්ධයෙන් එම විහාරාධිපති පූජ්‍ය ආඬියාගල නන්ද හිමියන් 
			පැවසුවේ මෙසේ ය. 
			“මෙම ස්ථානය ඉතා වටිනා ඓතිහාසික ස්ථානයක් වුවත් මෙය සංරක්‍ෂණය කිරීමට 
			පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරක් නොගත් අතර” ඊට අදාළ නිලධාරීන් 
			දැනුවත් කළ ද ඉන්ද ප්‍රතිඵලයක් නොවිණ. 
			 
				
					
						| 
						 
						  
			විහාරාධිපති 
			ආඬියාගල නන්ද හිමි  | 
					 
				 
			 
			
			“එසේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කළහොත් මෙහි ආරක්‍ෂාවට 
			පන්සලට, ගම් වැසියන්ට මෙන්ම දායකයින්ට මැදිහත් විය නොහැක. එවිට සියලු 
			නඩත්තු කටයුතු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිනි”. මෙයත් 
			ගැටලුවක් විය හැකි බව උන්වහන්සේ පවසයි. කෙසේවෙතත් මෙවන් ඓතිහාසික 
			විහාරය, චිත්‍ර හා ප්‍රතිමා මතු පරපුර වෙනුවෙන් සුරැකීම වගකිව 
			යුත්තන්ගේ යුතුකම සහ වගකීමද වෙයි. 
			  
			  
			  
			  
				
					
						| 
						 
						  
			පැරැණි දේව ප්‍රතිමාවක්  | 
						
						 
						  
			පැරැණි ශෛලමය පහනක්  | 
					 
				 
			 
			
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			 
			   |