සේඛ බල වැඩෙන අයුරු
ප්‍රත්‍යවේක්‍ෂා කරමු
නාවලපිටියේ
අරියවංශ හිමි
අප නිවන් මග හඳුනාගන්නට ඕනෑ නිවන් මග හඳුනාගෙන, ඒ නිවන් මග පුරුදු
කරගන්නට අප දක්ෂ වෙන්නට ඕනෑ. ඒ නිවන් මග හඳුනාගන්නටත්, ඒ හඳුනාගත්
නිවන් මඟ පුරුදු කිරීම පිණිසත්, අපට බොහෝ උපකාරීවන දෙයක් තමයි
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම. අප පුරුදු කරන්නා වූ දෙය, පුරුදු කළයුතු දෙය
හඳුනා ගන්නටත්, ඒ පුරුදු කළ යුතු දෙයම පුරුදු කරනවාද කියල තහවුරු
කරගන්නටත්, උපකාරී වන දෙය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමයි. ඒ නිසා අපි නිවන
අවබෝධ කරගන්නට කැමැති අය විදියට, ආරම්භයේ පටන්ම, ඒ පුරුදු කරන දේ
පිළිබඳව නුවණින් විමසල බලන්නට, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නට පුරුදු වෙන්නට
ඕනෑ.
බණ භාවනා කරන අය විදියට, ඒ බණ භාවනා කිරීමෙන් අප අපේක්ෂා කරන අවසන්
ඉලක්කය කුමක්ද ? චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඤාණය පරිපූර්ණ කර
ගැනීම. ඒ සඳහා තමයි අපි මේ බණ භාවනා කරන්නේ. ඒ සඳහා තමයි අපි ධර්ම
ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ, විදර්ශනා, කියන මේ අංග හතර පුරුදු කරන්නේ.
එතකොට ඒ ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම පිණිස සුදුසු මග කුමක්ද කියන කාරණාව
අප දැන ගන්නට ඕන. ඊළඟට ඒ සුදුසු මග අපි පුරුදු කළ යුතු වෙමු. ඒ සුදුසු
මග පුරුදු කරන කොට, අපි ඒ මග හරියට පුරුදු කරනවද ? කියල දැනගන්නත් ඕන.
ඒ සඳහා ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ උපකාරවන දෙයක්.
ප්‍රත්‍යවේක්‍ෂා කරන්නට අදක්ෂ වුණොත්, ඒ ගැන හොඳින් තේරුණේ නැතිනම්, එය
හොඳින් නොකළොත්, නිවන් මග පරිපූර්ණ කරගන්ට නොහැකි වෙන්නට පුළුවන්.
නිවන් මගට පිවිසෙන්ටවත් නොහැකි වෙන්නට පුළුවන්. නිවන් මගට පිවිසුණත්,
අප ප්‍රමාදයට හසුවෙන්නට පුළුවන්. යම් කෙනෙක් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නට
දක්ෂ වුණොත්, ප්‍රමාදයට නොවැටී අප්‍රමාදී බව උපදවාගන්ට පුළුවන්කම
තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිළිබඳව තේරුම් අරගෙන, හොඳින්
එය කිරීමට පුරුදු වෙන්න.
බණ භාවනා කරන කෙනාගේ පරමාර්ථය වන්නේ ප්‍රඥාව පරිපූර්ණ කරගැනීමයි. ඒ
කියන්නේ, ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය පරිපූර්ණ කරගැනීම. ඒක නේද අපේ
ඉලක්කය වන්නෙ?එතකොට ප්‍රඥාව පරිපූර්ණ කරගන්නට නම්, සමාධිය පරිපූර්ණ
වෙන්ට ඕන. සමාධිය පරිපූර්ණ කරගන්න කෙනාට, ප්‍රඥාව පරිපූර්ණ කරගන්ට
පුළුවන්. එවිට සමාධිය පරිපූර්ණ වෙන්ට නම්, සීලය පරිපූර්ණ වෙන්න ඕන.
දැන් වැටෙහෙනවා නේද කාරණාව ? එබැවින් ප්‍රඥාව පරිපූර්ණ වීමෙන්, නිවන්
මග පරිපූර්ණ වෙනවා. ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය යම් කාලයකදී අංග
සම්පූර්ණ වෙනව නම්, අප නිවන අවබෝධ කරල නේද? එහෙමනම් ආර්ය සත්‍යය පිළිබඳ
අවබෝධ ඤාණය පරිපූර්ණ කරගැනීම තමයි අපේ අපේක්ෂාව, කැමැත්ත විය යුත්තේ.
අපේ ඉලක්කය වන්නේ ඒකයි. එහෙනම් ඒ ප්‍රඥාව පරිපූර්ණ වෙන්ට නම්, සමාධිය
පිරෙන්නට ඕන. සමාධිය පරිපූර්ණ වෙන්නට නම්, සීලය පරිපූර්ණ වෙන්න ඕන.
එතකොට සීලය පරිපූර්ණ කරගැනීම ආරම්භයේදීම කළ යුතු විශේෂ කරුණක්. සීලය
පරිපූර්ණ වෙන්ට නම්, මොකක්ද කරන්ට තියෙන්නෙ? සීලය පිරෙන්නේ කුමක්
පිරීමෙන්ද? සේඛ බල පිරීමෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නෙ. සේඛ ධර්ම
පරිපූර්ණ වෙන්නේ, ආභි සමාචාරික සීලය පරිපූර්ණ වීමෙන්. ආභි සමාචාරික
සීලය පරිපූර්ණ වෙන්නේ ගරු සරු ඇතිව වාසය කිරීමෙන්.
එතකොට පටන් ගන්නේ කොතනින්ද ? එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට
පුරුදු වීමෙන්. ඒ ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදු වෙන්නේ කොතනද?
කල්‍යාණ මිතුරු ඇසුරේ. කල්‍යාණ මිතුරු ඇසුරේ යම් කෙනෙක් ඉන්නව නම්,
එයාට ශ්‍රද්ධාව, හිරි ඔතප්, වීර්ය, ප්‍රඥාව කියන සේඛ බල පිරෙන්නට පටන්
ගන්නවා. සේඛ බල පිරෙන කෙනා තුළ, සීලය පිරෙන්නට පටන් ගන්නවා. සීලය
පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. සීලය පරිපූර්ණ වෙන්න වෙන්න සමාධිය
පරිපූර්ණ වෙනවා. සමාධිය පරිපූර්ණ වෙන කෙනා තුළ ප්‍රඥාව පිරෙනවා. මේක
තමයි නිවන් මග. එහෙනම් අප ඒ නිවන් මග ඉගෙන ගන්න ඕනෑ. හඳුනා ගන්න,
පිළිගන්න, තේරුම් ගන්නට ඕනෑ. එසේ ඒ පිළිගත් මග පුරුදු කරගන්න අප කැමැති
වෙන්නට ඕනෑ. එසේ කැමැති වන කෙනා නිවන් මග පුරුදු කරනව. අන්න ඒ නිවන් මග
පුරුදු කරන කෙනා ‘මම ඒ නිවන් මග පුරුදු වෙනවද? පුරුදු කරනවද? කළ යුතු
දේ කරනවද? කියල හොයල බලන්නට ඕනෑ. ආන්න එතකොට එයාට ප්‍රමාදයට වැටෙන්න
තියෙන ඉඩ අහුරගන්නට පුළුවන්. අප්‍රමාදී බවට එන්න පුළුවන්කම තියෙනවා.
ආරම්භ කරන්නේ කොතැනින්ද? කල්‍යාණ මිත්‍ර ඇසුරේ, එකිනෙකා කෙරෙහි ගරු සරු
ඇතිව වාසය කිරීමෙන් තමයි ආරම්භ වන්නේ. අන්න ඒ විදියට වාසය කරන කොට,
එයාට සංවරභාවය ඇති කරගන්නට පුළුවන්කම තියෙනව. ඒ සංවර වෙන කෙනා තුළ සේඛ
ධර්ම වැඩෙනවා. සේඛ ධර්ම පිරෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන්නෙත්, සේඛ ධර්ම
පිරෙන්නෙත්, අර මූලික කරුණු සිදුවුණොත් නේද? කල්‍යාණ මිත්‍ර ඇසුරේ,
එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව, එකිනෙකාට උපකාර කරමින් වාසය කරනකොට තමයි,
සේඛ ධර්ම ඇති වෙලා ඒවා පිරෙන්නේ. එතකොට යම් කාලෙකදි අපට ඒ කල්‍යාණ
මිත්‍ර ඇසුර මග හැරුණොත්, ගරු සරු දක්වන ස්වභාවය මග හැරුණොත්, එකිනෙකාට
උපකාර කිරීම් මග හැරුණොත්, සේඛ ධර්ම පිරෙන එකට මොකද වෙන්නෙ, ප්‍රමාද
වෙනව නේද?
යම් තැනක ශ්‍රද්ධා හිරි ඔතප්, වීර්ය, ප්‍රඥා කියන මේ සේඛ ධර්ම වඩන්නේ
නැත්නම්, එතන සීලයට මොකද වෙන්නේ. සීලය පිරෙන්නේ නෑ. එතකොට සමාධියට මොකද
වෙන්නේ. සමාධිය පිරෙන්නෙත් නෑ. එතකොට ප්‍රඥාව සම්පූර්ණ වෙන්නෙත් නෑ. ඒක
අප තෝරා බේරා ගන්නට ඕනෑ. මා කල්‍යාණ මිත්‍ර ඇසුරේ, හොඳීන් වාසය කරනවාද?
එකිනෙකා කෙරෙහි ගරු සරු බව මා පුරුදු කරනවාද ? කියල අප සොයා බලන්නට
ඕනෑ. සොයා බැලුවොත් තමයි අපිට තේරෙන්නේ, ‘මා තුළ ගරු සරු බව තියෙනවද?
කල්‍යාණ මිත්‍ර ඇසුරේ මා ඉන්නවද ? එකිනෙකාට ගරුසරු ඇතිව උපකාර කරනවද?
කියන දේ. අන්න එතකොට එයා තුළ සේඛ ධර්ම පිරෙනවා. සොයල බැලුවොත් තේරෙයි
තමා තුළ ශ්‍රද්ධාව පිරෙනවද? පවට ලැජ්ජාව, බය තියෙනවද කියල. සොයල බැලුවෙ
නැත්නම් එයාට තෝරා බේරා ගන්නට බෑ.
බලන්න, ප්‍රත්‍යවේක්‍ෂාව කියන එක කොතරම් නම් අප තුළ වැටහීමක් ඇති කරල
දෙන දෙයක් ද කියල, ප්‍රත්‍යවේක්‍ෂාව කියන එක හොඳට පේන ඇස් දෙකක් වගේ.
ඇස් නැති කෙනාට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවත්, පේනවද? නෑ. එහෙනම්
ප්‍රත්‍යවේක්‍ෂාව කියන්නේ ඇස් දෙකකටත් වඩා අපට ලෝකය පෙන්වා දෙන දෙයක්.
ඒකටයි නුවණැස කියල කියන්නේ. මේ ඇගේ තියෙන එකට කියන්නේ මසැස
කියලනේ...නේද? නුවණැස දියුණු කර ගත්තොත්, අපේ ගමන වේගවත්.
එහෙනම් බණ භාවනා සඳහා අප තුළ වීර්ය තියෙනවද කියල බලන්න. වීර්ය අඩුනම්,
ඒ ඇයි කියල බලන්න. අපට ආරම්භයේදී වීර්ය තිබුණද? නැද්ද? කියල බලන්න.
ආරම්භයේදී තිබුණු වීර්ය දැන් අඩුද? වැඩිද? බලන්න. දැන් ඒ වීරිය
වැඩිවෙලා නම් ඒක අපේ දියුණුවක් නේද? සේඛ ධර්ම පිරීමක් නේද? වීරිය අඩු
වෙලානම් තියෙන්නේ සේඛ ධර්ම පිරෙනවද? තිබුණු ටිකත් පිරිහෙනව නේද? කලින්
වීර්ය තිබුණා. ඒ කියන්නේ කලින් සේඛ ධර්ම ඇතිවෙමින් තිබුණා. දැන් මොකද
වෙන්නේ? වීරිය අඩුවෙලා.
ඒ කියන්නේ සේඛ ධර්ම වැඩෙන්නෙ නෑ පිරිහිලා නේද? තමා ගැන තමා ම නුවණින්
කල්පනා කරල බැලුවොත් තමන්ට තේරෙනවා, මගේ සේඛ ධර්ම දැන් වැඩෙන්නේ නෑ.
පිරිහිලා. ඇයි වීර්ය වැඩෙන්නේ නැත්තෙ? හිරිඔතප්, වැඩෙන්නෙ නැති නිසා.
ඇයි හිරි ඔතප් වැඩෙන්නේ නැත්තේ. ශ්‍රද්ධාව වැඩෙන්නෙ නැති නිසා. එතකොට
ශ්‍රද්ධාව වැඩෙන්නේ නැත්නම්, හිරි ඔතප් වැඩෙන්නනෙත් නෑ. වීර්ය
වැඩෙන්නෙත් නෑ. එහෙනම් ප්‍රඥාවට මොකද වෙන්නෙ, වැඩෙයිද ? වැඩෙන්නෙ නෑ.
එතකොට සේඛ ධර්ම වැඩෙන්නෙ නෑ නේද? දැන් එතකොට සීලය රැකෙයි ද? ශීලය
රැකෙන්නෙ නෑ. ටික කාලයක් සීලය රැකෙයි. ශීලය පරිපූර්ණ වෙන්නේ නෑ. සේඛ
ධර්ම පිරුණෙ නැත්නම් සීලය කිළිටි නොවෙන තත්වයට පත්වෙන්නේ නෑ. යම් කලක
එයාගෙ සිල් පද කැඩෙන්ට පුළුවන්. කිළිටි වෙන්න පුළුවන්. නමුත් සේඛ ධර්ම
පිරුණොත්, එයාගෙ සීලය කිළිටි වෙන්නෙ නෑ. සීලය පිරෙනවා. ශීලය පිරුණු
කෙනාගේ, සමාධිය පිරෙනවා. සමාධිය පිරුණ කෙනාගේ, ප්‍රඥාව පිරෙනවා.
එතකොට අපි තුළ සේඛ ධර්ම වැඩෙනව ද? පිරිහෙනව ද? කියල තේරුම් ගන්නෙ
කොහොමද? ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් නේද? හොයල බැලුවොත් නේද දැනගන්ට
පුළුවන් වන්නේ? අපේ ශ්‍රද්ධාව වැඩෙනව ද? පිරිහෙනව ද? අපේ හිරි ඔතප්
වැඩෙනව ද? පිරිහෙනව ද? වීර්ය වැඩෙනව ද? පිරිහෙනව ද? නුවණ වැඩෙනව ද?
පිරිහෙනව ද? කියල තමාම තේරුම් ගත යුත්තේ. වෙන කෙනෙකුට පුළුවන් ද පෙන්නල
දෙන්ට? වෙන කෙනෙකුට පෙන්නල දෙන්ට බෑ. තමා ම තමාගේ සේඛ ධර්ම වැඩෙනව ද?
නැද්ද? කියල තෝරා බේරා ගත යුතුයි. අන්න ඒ විදිහට තෝරා බේරාගත හැක්කේ
ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්.
නූපන් කුසල් උපදවාගන්ට කැමැත්ත තියෙන කෙනා වීර්ය කරනවා. අප, අප ගැන ම
සොයා බැලුවොත්, අපට තේරුම් ගන්නට පුළුවන් කම තියෙනවා, අපි සේඛ ධර්ම
දියුණු කරගන්නව ද? නැද්ද? කියන එක. ඉතින් අපට අපේ සේඛ ධර්ම දියුණු
කරගන්න පුළුවන් වුණොත් අප නිවන් මග පුරුදු කරනව ද? නැද්ද? පුරුදු
කරනවා. යම් කෙනෙක් තේරුම් ගත්තොත්, මම සේඛ ධර්ම පුරුදු කරන කෙනෙක්,
දියුණු කර ගන්න කෙනෙක් කියල, එයා සතුටු සිතින් වාසය කරයි ද?
කනස්සල්ලෙන් වාසය කරයි ද? සතුටු සිතින් වාසය කරනවා. ඇයි ඒ? එයා දන්නවා,
මම නිවන් මගයි පුරුදු කරන්නේ කියල. එයා දන්නවා මා දුකින් නිදහස්වෙන්ට
මග පුරුදු කරන්නේ කියල. මම පරිපූර්ණ සැපය අති කරගන්න පුළුවන් මග ඉන්නේ
කියල. මෙතන අද්භූත දෙයක් නෑ නේද? ප්‍රායෝගිකව තමන්ට තේරුම්ගන්ට පුළුවන්
දෙයක් නේද? මේකට අකුරු සාස්තරේ ඕනද? මා විභාගෙ පාස් නෑ. මට බෑ කියල
එහෙම එකක් තියෙනව ද? නෑ නේද? මට කටපාඩම් නෑ මට ගාථා පාඩම් නෑ, ඒ නිසා
මට සේඛ ධර්ම තේරුම්ගන්න බෑ කියල එකක් තියෙනව ද? නෑ. එහෙම එකක් නෑ.
මේ ධර්මය අසා දැනගෙන, ඒක පිළිගත්ත කෙනාට, නුවණින් තේරුම්ගන්න පුළුවන්,
මා ළඟ ශ්‍රද්ධාව තියෙනව ද? ශ්‍රද්ධාව දියුණු වෙනවද? පවට බය, පවට
ලැජ්ජාව, තියෙනව ද? ඒක දියුණු වෙනවද? වීර්ය තියෙනව ද? ඒ වීර්ය දියුණු
වෙනව ද? මේ ආදී වශයෙන් තෝරා බේරාගන්න තමාට ම පුළුවන්. එසේ තෝරා බේරාගත
හැක්කේ නුවණින් කල්පනා කර බැලීමෙනුයි.
සියලු දෙනාටම මේ උතුම් දහම තේරුම් ගැනීමේ භාග්‍යය උදා වේවා!
|