UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

අනුරාධපුර මහා විහාර ඇසළ පුන් පොහොය වැඩසටහන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේදී පවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 13 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ. ඇසළ පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහා විහාර සන්නිපාත ශාලාවේදී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින ඇරැඹුණු සම්බුද්ධත්ව ජයන්ති පදවීතිහාර පූජාව තෙවැනි වරටත් ඇසළ පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වේ.

මීට අමතරව ඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා ,බුද්ධ පූජා, සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් 2011 ජූලි මස 15 වැනි දා, සිකුරාදා එනම් ඇසළ පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක්ද මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


බොරැල්ලේ ගෝතමි විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමි විහාරස්ථානයේදී පොහොය නිමිත්තෙන් ඇසළ පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත.

පෝදා පෙරවරු 6.00 ට උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සි හිමි. පෙරවරු 6.30 ට සම්බුද්ධ පූජාව. 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි. 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම , දායකත්වය හසිත දියබලනගේ හා තිලංක දියබලනගේ සොහොයුරන්. 10.00 ට ධර්ම දේශනාව, ශාස්ත්‍රපති ඕමල්පේ සුමනරතන හිමි. පෙරවරු 11.00 ට සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්ම දේශනාව පණ්ඩිත අම්බුළුගල සුමංගල හිමි. පස්වරු 3.00 ධර්ම දේශනාව පොල්ගම්පල සුධම්මවංස හිමි .පස්වරු 4.30 ධර්ම සාකච්ඡාව ඇල්විටිගල මාවතේ රාජායතනාධිපති ශාස්ත්‍රපති වහුමුවේ විජේවංශ හිමි. පස්වරු 5.30 ට වස් ආරාධනාව, පස්වරු 6.00 ට ශීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව, ඤාණික්කුලමේ ධම්මපාල හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී ඇසළ පුර පසළොස්වක පොහෝ දා ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක්, සල්පිට් හේවාගම දෙකෝරලෙයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටාකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක, උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු , 06.30-7.00 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව , විහාරාධිකාරි රජවත්තේ වප්ප හිමි, 07.00 – 07.30 , සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, මෙහෙයවීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි. 08.00 –9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි. 09.15 – 10.15 ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංශ හිමි. 10.30 –11.00 දහවල් බුද්ධ පූජාව මෙහෙයවීම

තලල්ලේ මහින්ද නාහිමි.දවල් 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 01.00 – 02.00 විහාරස්ථ උපාසක , උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 02.15 – 03.00 භාවනා වැඩසටහන් තලල්ලේ සිරි මහින්ද නාහිමි . 03.15 – 04.15 ධර්ම දේශනාව වලේබොඩ ගුණසිරි නාහිමි.04.30 –05.30 ධර්ම දේශනාව ඉද්දමල්ගොඩ වජිරඥාන හිමි. 06.00 සිල් පවාරණය 07.00 – 07.45 මල් පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව. 08.00 – 09.00 දක්වා ධර්ම දේශනාව.


කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණිය තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වනු ලබන ඇසළ පෝදා පින්කම මාලාවේ වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන , 9.15 ධර්ම දේශනය මහියංගනය ධම්මකුශල හිමි, 10.30 බුද්ධ පූජාව පස්වරු 1.00 ධර්ම දේශනය , 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී ඇසළ පෝදා පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෝදා පෙරවරු 6.30 සිට 7.30 දක්වා සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව, හා බුද්ධ පූජාව මෙහෙයවීම නෙළුවේ ආනන්ද හිමි. පෙරවරු 8.00 සිට 9.45 දක්වා ධර්ම දේශනය වතුරුගම නන්දසිරි හිමි. පෙරවරු 10.00 සිට 11.00 දක්වා ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි.

පස්වරු 1 –2.15 දහම් දෙසුම සුගතකිත්ති හිමි. 2.30 –4 දහම් දෙසුම රංවල ඥානාවාස හිමි. 4.30 –6 දහම් දෙසුම හැටන්ගම පේමානන්ද හිමි. 6.15 –7 පානදුරේ අරියධම්ම හිමියන් මෙහෙයවන බෝධි පූජාව. (පටිගත කළ එකකි) 7-8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදී ඇසළ පුර පසළොස්වක පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදානය මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෙරවරු 6-7 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි. 7 –8 බුද්ධ පූජාව . 8-9 ධර්ම ;ද්ශනාව දෙහිවල ශ්‍රී මහාබෝධි විහාරාධිපති මිහිරිපැන්නේ සෝභිත නාහිමි. 9-10 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මානුශාසනාව. 10-11 ආරාධිත දේශනය ශාන්ත ජෝතිවංශ මහතා. 11-12 දවල් ආහාර බුද්ධ පූජාව

පස්වරු 12 –1 විවේක කාලය සහ පිරිත් දේශනාව. 1 -2.30 භාවනා මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා . 3-4 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කිරම පේ‍්‍රමානන්ද හිමි. 4 –5 ගරුතර මහා සඟරුවනට වස් ආරාධනාව සිදුකිරීම. 5.30 – 6.00 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි.


මාකන්දන සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේදී ඇසළ පුර පසළොස්වක පෝදා සිට දින සියයක් පුරා පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප කුලඟන සමිතිය , සංකල්ප දහම් පාසල, සංකල්ප නව යෞවන එකමුතුව කටයුතු සංවිධානය කර ඇත.

ඇසළ පෝදා දහසකට අධික පිරිසක් සහභාගි වන මහා සිල් වැඩසටහන ඇරඹේ.

එම සිල් වැඩසටහනට මීතලාවේ විනීත ගලගොඩඅත්තේ ඤාණසාර, කහපල නන්දරතන, කොටියාගල සීවලී, වල්ගම චන්දරතන යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ ගිහිදේශනයක්ද ඇතුළත් වේ. මෙදින රාත්‍රි අටට දින සයක අට විසි ගිලන්පස බුද්ධ පූජාව ඇරඹේ. ඉන් අනතුරුව වස් ආරාධනා පින්කම කේ. බුවනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඇසළ පුන් පොහෝ දින (14) අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.00 පානළුවේ සතිමා දසසිල් මාතාව විසින් මෙහෙවන භාවනා වැඩසටහනක්ද 9.30 – 11.00 පන්නිපිටියේ ආසංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1.00 – 2.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනකින්ද 2.30 – 3.30 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 3.30 – 4.30 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


අරුප්පිටියේ ශ්‍රී ශාන්තියෝගාශ්‍රමය

බත්තරමුල්ල දකුණු තලංගම අරුප්පිටියේ ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමවාසී යෝගාවචර මහ සඟරුවනට වස් ආරාධනා කිරීමේ පින්කම ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින ප.ව. 3.00 ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමීය ධර්ම ශාලාවේ දී සිදු කැරේ.

පසළොස්වක පොහෝ දින පෙ.ව. 9.00 පමණ පැවිදි කිරීමේ පින්කමක්ද පැවැත්වේ. ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ සිරිත් පරිදි සිදු කරගෙන එනු ලබන ශීල භාවනා වැඩසටහන ද වෙනදා මෙන් හබුරුගල ධම්මසිද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකැරේ.හබරණ ත්‍රිකුණාමල පාරේ කි.මී. 118 කණුව අසල පිහිටි කොඩිගලකන්ද ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනාව ජූලි මස 15 වෙනිදා සිකුරාදා පෙරවරු 9.00 සිදු කැරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම මෙසේය. පෝදා පෙරවරු 6. 00 – 7. 00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි 8. 00 – 9. 00 – භාවනාව වැලිමඩ පසන්නමානස හිමි 9. 00 – 10 . 00 – ධර්ම දේශනාව - මහරගම පදුම හිමි 10. 00 – 11. 15 – පරෝපකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12. 25 – 12. 30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12. 30 – 1. 00 – පිරිත් හා තෙරුවන් ගුණ – ආරියගම සද්ධානන්ද හිමි, 1. 00 – 2. 00 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2. 00 – 3. 00 - වෙසෙසි දෙසුම – ආචාර්ය සමන් චන්ද්‍රනාත් රණසිංහ මහතා 3. 00 – 4. 00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර මාහිමි, 4. 15 – 5. 00 – ධම්මපදය – ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5. 00 – 6. 00 – ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සී හිමි, 6. 00 – 6. 30 - බෝධි පූජාව මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී ඇසළ පුන් පෝදා පැවැත්වෙන සීල සමාදාන පින්කම මෙසේය

පෙ. ව. 6. 00 – 07. 15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව : රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනා හිමි, 08. 00 – 9. 00 – ධර්ම දේශනාව : වෙරළුගල්ලේ උදයානන්ද හිමි 09. 00 – 9. 30 – ධර්ම දේශනාව : අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහනා හිමි, 9. 30 – 11. 00 – භාවනාව සහ අනුශාසනාව : ගම්පහ පාසාදික හිමි, 11. 00 – 11. 15 – බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12. 30 – 1. 30 – ධර්ම දේශනාව : සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි 1. 30 – 3. 00 – ගිහි දේශනාව : මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ භාවනා උපදේශක මහාචාර්ය කොග්ගලගේ මහතා 3. 30 – 4. 30 – ධර්මානුශාසනාව : සිරි වජිරඤාණ ධර්මායතනවාසී දියතලාවේ පියදස්සි හිමි 4. 30 – 5. 30 – ධර්ම සාකච්ඡාව - වැලිගේපොල සීලවංශ මාහිමි 5. 30 – 6. 30 – දම්සක් පැවතුම් සූත්‍රය දේශනාව හා අටවිසි බුද්ධ පූජාව - රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි 6. 30 – 7. 00 – වස් ආරාධනාව සහ වැසි සළු පූජාව


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමයේ දී ඇසළ පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 – 07.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ආරියගම සුගතඤාණ හිමි, 07.00 – 07.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, 08.30 – 09.45 ධර්ම දේශනාව, වජිරාරාමාධිකාරී අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 09.45 – 10.45 භාවනා වැඩසටහන උඩවත්තකැලේ සේනානායකාරාමවාසී මාතර සමිතධම්ම හිමි, 10.45 – 11.15 දවල් බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 01.15 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මොංගෝලියාවේ සුගුණ හිමි, බලංගොඩ උපසන්ත හිමි, හොර්පොල සුගතතිස්ස හිමි, 01.15 – 02.00 දහම්පද විවරණය (ධම්මපදය ඇසුරෙන්) දොඩම්ගස්යායේ මංගල හිමි, 02.00 – 03.00 ධර්ම සාකච්ඡාව බම්බලපිටිය මෙත්තාරාමවාසී දර්ශනපති උස්ගොඩ ධම්මගරු හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව, බම්බලපිටිය මෙත්තාරාමවාසී දර්ශනපති උස්ගොඩ ධම්මගරු හිමි, 04.30 වස් ආරාධනාව, 05.00 ගිලන්පස පූජාව සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී ඇසළ පුන් පෝදා පැවැත්වෙන ශීල සමාදාන පින්කම මෙසේය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව

මෙහෙයවීම සිරි ගුණසේකර ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදි ලේනබටුවේ මිත්තාලෝක නාහිමි. 8.00 ධර්ම දේශනය අඟුලුගල්ලේ ජිනානන්ද හිමි. 9.30 භාවනාව, මෙහෙයවීම බියගම සුසීල හිමි, 10.30 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත කුට්ටිකුලමෙ හේමාලංකාර හිමි, 11.45 සම්බුද්ධ පූජාව , මෙහෙයවීම ශාස්ත්‍රපති රම්මලේ අරියවිසුද්ධි හිමි.

පස්වරු 12.45 පිරිත් සහ තෙරුවන් ගුණ 1.30 ධර්ම දේශනය කොහොල්ඇල්ලේ කෝවිද හිමි, 2.30 ධර්ම දේශනය රන්මිණිතැන්නේ නන්දරතන හිමි, 3.30 විශේෂ ගිහි දෙසුම ෂේන් බ්ලොක් මහතා 5.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 7.00 ආශිර්වාදාත්මක බෝධි පූජාව හා බුද්ධ වන්දනාව.

මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය 7.30 වස් ආරාධනාව


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදි ඇසළ පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩ සටහන මෙසේය.

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම . ගල්කිස්සේ සෝමානන්ද හිමි, 08.00 –09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මක සුමණසිරි හිමි, 09.00 –10.00 ධර්ම දේශනාව කොළඹ 7 අතුලදස්සන විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමි, 10.00-11.00 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව බංගලාදේශයේ සුමනවංශ හිමි, ආරියගම සද්ධානන්ද හිමි පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව ,12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ගඟේයායේ විජිතවංශ හිමි අකුරැස්සේ ධම්මරතන හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 03.45 – 04.15 වස් ආරාධනා පින්කම් 04.15 – 05.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 05.00 – 06.00 ධර්මදේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය මඬිහේ සුගතසිරි නාහිමි. 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී ඇසළ පෝදා පැවැත්වෙන පින්කම මාලාව මෙසේය.

පෝදා උදෑසන 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව 8.00- 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි . 9.45 – 10.45 ධර්මදේශනය , ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි . 11.00 – 11.15 තෙරුවන් වන්දනාව 12.30 – 1.00 සූත්‍ර සජ්ක්‍ධායනාව අළුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි. 1.00 –2.00 ධර්ම දේශනය, ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි 4.00 – 5.00 ධර්මදේශනය අළුත්වෙල ධම්මසති හිමි 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි. ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ප්‍රඥා ප්‍රභා සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කරන ධර්ම ග්‍රන්ථයක් මෙදින ද ධර්මදානයක් ලෙස උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


කෑගල්ල තරුණ බෞද්ධ සමිතිය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් සෙවනේදී හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පුන් පෝදා පැවැත්වෙන පින්කම මාලාව මෙසේය. පෝදා පෙරවරු 6.45 – 7 බුද්ධ වන්දනා 7 –7.45 අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව අස්මඩලේ ධම්මරතන හිමි 8.30 – 9.30 බොදු දිවියට සැනසිලි මග භාවනාව මෙහෙයවීම සමරවර්ධන නිශ්ශංක මහතා 9.30 – 10.30 දහම් දෙසුම අටාලේ පියදස්සී හිමි. 10.30 – 11.30 බොදු දිවියට සැනසිලි මඟ දේශක එස්.එම්. කේ. සිරිවර්ධන මහතා 11.30 බුද්ධ පූජාව. පස්වරු 12.30 –1 සීල ආවර්ජනය දේශක බී.එම්. එස්. පී. බස්නායක මහතා 1 –2 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය 2-3.30 දම්සක් පැවතුම් සූත්‍රය පිළිබඳ දහම් හමුව රංදිලිගම පියරතන හිමි. 3.30 04 ධර්ම සාකච්ඡාව දේශකවරු එස්.එම්. කේ. සිරිවර්ධන, ඇම්.ආර්. මද්දුමබණ්ඩාර , මහින්ද කරුණාරත්න, බී.එම්. එස්.පී. බස්නායක , සමරවර්ධන , නිශ්ශංක යන මහත්වරු 4-5 දහම් දෙසුම පන්නල ආනන්ද හිමි 5 සිල් පවාරණය


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම් මාලාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම් මාලාව මෙවරද මෙම ජූලි මස 15 වෙනිදා ආරම්භ කොට ලබන ඔක්තෝබර් මස 11 වන දා දක්වා පුරා තුන් මාසයක් මුළුල්ලේ පැවැත්වේ. මෙම ඇසළ පුරපොහොදා සිට බෞද්ධ මණ්ඩලයේ සංඝාවාසයේ වස් එළඹ වැඩ සිටින පූජනීය මහා සංඝයා වහන්සේලා වෙත සිව් පසයෙන් උපස්ථානය කිරීම, ජය ශ්‍රී මහා බෝසමිඳුන් උදෙසා උදෑසන පැන් නොමුසුව පිළියෙළ කරන ක්‍ෂීරපායාසය පූජා කිරීම, දවල් ව්‍යාංජන 32 කින් සමන්විත ආහාර පූජාව සිදු කිරීම, සහ සවස වර්ග 32 කින් යුත් ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීමද සිදු කෙරේ. ඒ අතර අමාවක සහ පසළොස්වක පොහෝ දිනයන් හී බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළ සීල සමාදානයේ යෙදෙන සැහැදැවතුනට හීල් හා දහවල් දානය පිරිනැමීමටත්, ධර්ම දේශනා සමග භාවනා වැඩසටහන් පැවැත්වීමටත්, බෞද්ධ මණ්ඩලය කටයුතු යොදා ඇත.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ දී ඇසළ පෝය දින පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන සීල භාවනා ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 07.30 ධර්මදේශනාව විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමි 08.30 ධර්ම දේශනාව ගාල්ලේ සුධම්මචාරි සිල්මාතාව 09.30 ධර්ම දේශනාව දළුගම සමිතඥාණ හිමි 1.00 ධර්ම දේශනාව බුත්කන්දේ රතනජෝති හිමි, පස්වරු 02.00 ජාතක කතාව හුණුවල පියදස්සි හිමි, 3.00 භාවනාව වෑගල්ලේ රාහුල හිමි, 4.00 ධර්ම දේශනාව එඬේරමුල්ලේ ධම්මසිද්ධි හිමි, 5.00 සිල් නැවත සමාදන් වීම, පවාරණය, හා වතාවත් 6.00 අටවිසි බුද්ධ පූජාව 06.30 වස් සමාදන් කරවීම 7.00 රාත්‍රී විශේෂ ධර්ම දේශනාව කහනාවිට සමිත ධම්ම හිමි.


හොරේතුඩුව ශ්‍රී ගංගාරාමය

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. අලුයම 05.00 ඝන්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, 06.00 සිල් සමාදන් කරවීම බුද්ධ වන්දනාව සහ බුද්ධ පූජාව, 08.00 ධම්ම චක්ක සූත්‍ර දේශනාව පූජ්‍ය කෑගල්ලේ නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 09.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම මහියංගනයේ විශාකා සිල් මාතාව, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 01.00 විශේෂ ගිහි දෙසුම, අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 04.00 ධර්ම දේශනාව පානදුර උතුර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොටුගොඩ ජෝතිරතන නා හිමි, 05.30 බෝධි පූජාව සහිත ගිලන්පස බුද්ධ පූජාව.


උක්ඕවිට කිරිපිඬු පූජා පින්කම

ගාල්ල, උඩුගම, උක්ඕවිට ආලෝක මහා විහාරයේ දී ඇසළ පොහෝදින විශේෂ පින්කම් මාලාවක් විහාරාධිපති, ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝණදෙණියේ කුසලඤාණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. පෝදා පෙරවරු 06.30 ට පැවැත් වෙන ශීල සමාදානය මෙහෙයවනු ලබන්නේ ගා/උඩුගම මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති වැයිහේනේ ඥානාලෝක හිමියන් විසිනි. විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය 1969 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන කිරිපිඬු පූජා පින්කමද මෙවරත් පැවැත්වේ. රාත්‍රියේ පැවැත්වෙන විශේෂ බෝධිපූජාමය පින්කම පවත්වනු ලබන්නේ ගෝණදෙණියේ ඥානානන්ද හිමියන් විසිනි. රාත්‍රී 08.30 ට විහාරස්ථානයේ උපසම්පදාලාභී භික්‍ෂූන් වහන්සේලා සඳහා වස් ආරාධනය සිදු කිරීමටද විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ දී ශාස්ත්‍රපති ත්‍රිපිටකවේදී යටිනුවර සුමන නාහිමිගේ අනුශාසකත්වයෙන් ඇසළ පෝදා (ජූලි 14) පැවැත්වෙන පෝදා වැඩසටහන මෙසේ ය. උදේ 06.00ට සිල් දීම, යටිනුවර සුමන නාහිමි, 07.30 බුද්ධ පූජාව 08.30 – 09.30 ධර්ම දේශනාව ඉල්වානේ ආනන්ද හිමි, 09.45 – 10.30 භාවනාව දිවුලන්කඩවල සීලානන්ද හිමි 10.30 – බුද්ධ පූජාව 12.15 ට පිරිත් දේශනාව 1.00 – 2.00 දක්වා ධර්මසාකච්ඡාව පණ්ඩිත දුල්වල රතනසාර හිමි, 02.00 – 03.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති බටුගොඩ සංකිච්චායන හිමි බැතිබර දායකත්වය පුවත්පත් කලාවේදී කේ. බණ්ඩාරනායක 3.15 – 4.00 දක්වා වස් ආරාධනාව (දායක සභාව) 04.15 – 05.15 කාව්‍ය ධර්ම දේශනාව උඩුරාවණ නාලක හිමි, 05.15 – 06.15 ධර්ම දේශනාව දිවුලන්කඩවල සීලානන්දහිමි, 06.30 ට සිල් පවාරණය.


කොටුගොඩැල්ල පුරාණ විහාරය

මහනුවර කොටුගොඩැල්ල පුරාණ විහාරයේ දී මල්වතු මහා විහාරාධිවාසි අමුණුගම රාජගුරු විපස්සිනාහිමිගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත කෝන්වැවේ සුනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන පෝදා වැඩසටහන මෙසේ ය. උදේ 06.00 ට සිල් දීම, කෝන්වැවේ සුනන්ද හිමි, බුද්ධ පූජාව, උදේ 08.00 – 09.00 ධර්ම දේශනාව ගොඩගම සුභානුදස්සි හිමි, 09.15 – 10.00 භාවනාව නාපාන ධම්මානන්ද හිමි, 10.30 – 11.00 බුද්ධ පූජාව සවස 01.00 – 2.00 ධර්ම දේශනාව පණ්ඩිත කෝන්වැවේ සුනන්දහිමි සවස 02.15 ධර්මසාකච්ඡාව මෙහෙයවීම, කෝන්වැවේ සුනන්ද හිමි, එමල් ජයසිංහ සවස 03.00 ධර්ම දේශනාව තොරටියේ පේමරතන හිමි, 04.15 – 05.00 බෝධිපූජාව රාජකීය පණිඩිත වාර්තුවල ගුණසාගර හිමි, සවස 06.00 ට සිල් පවාරණය.


ගන්නෝරුව රජ මහ විහාරය

පේරාදෙණිය ගන්නෝරුව රජ මහ විහාරයේ දී යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක කම්මාචාර්ය අඹන්පොල, සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඇසළ පෝදා උදේ 06.00 සිට සවස 08.00 දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.


සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාමය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මාදම්පේ සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාමයේ විහාරාධිපති බ්‍රාහ්මණයාගම ධම්මාවස හිමියන්ගේ අනුශාසනා පරිදි මැදවච්චියේ සුමේධ හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව මඟින් ඉදිකරවන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ උත්සවය මෙම මස 14 වන දා පැවැත්වේ.


ශ්‍රී සම්බෝධි විහාරයේ ඇසළ පුර පසළොස්වක පොහොය පින්කම් මාලාව බෞද්ධයා රූපවාහිනියේ හා බෞද්ධයා ගුවන් විදුලියේ සජීව විකාශය

පෝදා අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 06.00 – 07.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.00 ධර්මදේශනාව, බුද්ධංගල ආනන්ද හිමි, 09.15 – 10.15 ධර්මදේශනාව, ඕමාරේ සෝමේස්සර හිමි, 10.30 – 11.00 භාවනාව, බුද්ධංගල ආනන්ද හිමි, 11.00 – 11.30 සම්බුදු පූජාව, කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි පස්වරු 12.30 – 1.00 රණවිරුවන් සඳහා කෘත්‍රිම පාද පිරිනැමීම, 1.00 – 2.00 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 02.00 – 3.00 භාවනාව මෙහෙයවීම දොඩංදූවේ සිරිකර නාහිමි, 03.30 – 04.30 ධර්මදේශනාව, ගලිගමුවේ ඤාණදීප හිමි, 04.30 – 05.30 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය, මහරගම ධර්මායතනවාසී භික්‍ෂූන් වහන්සේලා විසින්, 05.30 – 06.00 කෙටි අනුශාසනාව හා සත්බුදු පූජාව සහ සිල් පවාරණය.


මහරගම පදුම හිමි මණ්ඩාගල ආරණ්‍යය

ලෙව්වන්දුව මංසන්්ධියේ සිට මණ්ඩාගල ආරණ්‍ය සේනාසනය දක්වා නීතිඥ කපිල වෛද්‍යතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 45 වන වරටත් ඇසළ පෝදා පෙරවරු 6 ට කිරිපිඬු පූජාව රැගත් පෙරහර වැඩම කරවීම, පෙරවරු 06.45 ට අටසිල් සමාදන් කරවීම කිරිපිඬු බුද්ධ පූජාව පැවැත්වීම හා බුද්ධ වන්දනාව ආරණ්‍ය සේනාසනාධිපති හැවනේ මේධානන්ද හිමියන් විසිනි. 08.30 ට ධර්ම දේශනාව 09.30 ට භාවනා වැඩසටහන මෙහෙයවීම මිරිස්වත්තේ සංඝානන්ද හිමි 10.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨනාචාර්ය හැවනේ මේධානන්ද හිමි ධර්මාචාර්ය එන්.ඩී. අබේවික්‍රම සහ ශාස්ත්‍රපති ආචාර්ය චන්ද්‍රදාස මුතුකුමාරණ මහත්වරුන් විසිනි. පස්වරු 12.30 සීල භාවනා සමිති රැස්වීම් 01.30 ධර්ම දේශනාව 03.00 වස් විසීම සඳහා වස් ආරාධනය සීල භාවනා සමිතියේ සභාපති එන්.ඩී. අබේවික්‍රම මහතා 04.00 ධර්ම දේශනාව 05.00 අටවිසි බුද්ධ පූජාව, ගිලන්පස පූජාව සහ බෝධි පූජාව වැලිපැන්නේ ඥාණරතන සහ පදියතලාවේ ජිනවංශ යන හිමිවරු මෙහෙයවන අතර රාත්‍රී 07.00 ට සෙත් පිරිත් දේශනයද වේ. ලෙව්වන්දූව ආයුර්වේද වෛද්‍ය එල්.ඊ. වෛද්‍යතිලක මහතා විසින් 45 වන වරටත් සිල් සමාදන් වූ සිල් පිරිස අතර “බුදුසරණ” පත්‍රයේ පිටපත් බෙදා දීමක් ද සිදු කෙරේ.


පන්නල ශ්‍රී දේවරාජාරාමයේ ඇසළ සදහම් කලාපය මෙවරත්

පන්නල ශ්‍රී දේවරාජාරාමය 5 වෙනි වරටත් ඉදිරිපත් කරන ඇසළ සදහම් කලාපය මෙවරත් මෙම 13 සිට 17 දක්වා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ. “ථේලපත්ත” ජාතකය ඇතුලත් ඇසළ තොරණ සිල්නද බැති ගී ප්‍රසංගය , පහන්කූ®ඩු තරග සංස්කෘතික සංදර්ශන ඇතුලු විශේෂාංග රැසක් මෙවර ඇසළ සදහම් කලාපයට ඇතුලත්ය. විහාරස්ථ ඇසළ උත්සව කමිටුව එය සංවිධානය කර ඇත.


කිරුළපන ශ්‍රී පූර්වාරාමය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී “පිළිවෙතින් පෙළ ගැසෙමු” යන තේමාව අනුව, කිරුළපණ ශ්‍රී පූර්වාරාමය, ඇතුළු විහාරගණයෙහි අධිපති පත්බේරියෙ විමලඤාණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ධර්මදේශනා, ධර්ම සාකච්ඡා , ශීල සමාදාන, මව්පිය සම්භාවනා , ධර්ම සාහිත්‍ය සම්මන්ත්‍රණ, එක්දින භාවනා වැඩ සටහන්, ගිලානෝපස්ථාන, බෞද්ධ කලා කෘති ප්‍රදර්ශන , පිණ්ඩපාත චාරිකා, ශ්‍රමදාන ඇතුළු වැඩසටහන් රාශියක් වසර පුරා ක්‍රියාත්මක කිරීමට කිරුළපණ ශ්‍රී පූර්වාරාම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කමිටුව කටයුතු සංවිධානය කර ඇත. මේ අනුව එක් දින භාවනා වැඩසටහන ජූලි මස 17 වැනි ඉරිදා පෙරවරු 8.30 සිට ප.ව. 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ගංගොඩවිල සුනේත්‍රාදේවී ථේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී කොස්ගම ධම්මසෝභා භාවනා මධ්‍යස්ථානයේ අධිපති උඩුවන රතනපාල හිමියන් ගේ උපදේශකත්වයෙන් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.


සීනිගම නෙත් තැබීමේ පින්කම

සීනිගම කුසුමාරාමයේ අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් සීනිගම එම්.ඩී. සිරිපාල විජේමුනි, දීපිකා දම්පතීන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද බුදුකුටිය සහිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නෙත් තැබීමේ පින්කම ජූලිමස 13 වැනි දින සිදු කැරේ. ජූලි මස 11 සිට 15 දක්වා හත්වරු පරිත්‍රාණ ධර්ම දේශනයක් ද එම දිනවල අටවිසි බෝධි පූජා ද, 15 වැනි දින දවාල සපිරිකර සංඝගත දක්‍ෂිණාවද පැවැත්වේ. 14 වැනි දින රාත්‍රි 09.30 දොරකඩ අස්න සීනිගම ඒ.පී.නවිදු ලක්මාල් කුල දරුවා විසින් සිදු කරන අතර අනුශාසනාව වේරහේන ක්‍ෂේත්‍රාරාමාධිපති ශාස්ත්‍රවේදී වැලිවිටියේ ධම්මාලෝක හිමියන් විසින් පවත්වනු ලැබේ.


මාතර සිරි වජිරඤාණ ධර්මායතන පින්කම්

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 07.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවානේ සිද්ධත්ත හිමි, 10.00 ධර්ම දේශනාව හත්තොටුවේ ඉන්දරතන හිමි, 11.00 බුද්ධ පූජාව ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන්වහන්සේලා 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සුගතසාර හිමි, 03.30 ධර්මානුශාසනාව පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි නාහිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත හිමි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]