දරුවන් එපා නම්, පන්සලට ගෙනැවිත් බාර දෙන්න
විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යවල සුලභව පළවන පුවතක් බවට දෙමව්පියන්
විසින්ම දරුවන් මරා දැමීම අද දක්නට, අසන්නට ලැබේ. මෙයට විවිධ හේතු
තිබෙන්නට පුළුවනි. ඉපදී ඇති දරුවා වෙනත් පියෙකුගේ යැයි නීතියෙන් සම්මත
පියාට ඒත්තු යාම. මව වෙනත් අනියම් අයෙකු සමග දීග කෑමට සූදානම් වන
අවස්ථාවේදී තමාගේ දැනට සිටින දරුවන් බාධකයක් ලෙසට සැලකීම. දරුවා හදා
වඩා ගැනීමට ආර්ථික ශක්තියක් නොමැතියැයි මව් පිය දෙපලම කල්පනා කිරීම.
නීත්‍යානුකූල විවාහයකට පෙර ඇතිකර ගන්නා වූ අනිසි සම්බන්ධයක් මත දරුවෙකු
කුසෙහි පිලිසිඳ ගැනීම සහ බිහිවීමෙන් පසු තමාට සමාජයට මුහුණ දිය නොහැකි
යයි දෙදෙනාම විසින් හෝ එක් අයෙකු විසින් කල්පනා කිරීම, මේ ආදී වූ බොහෝ
කරුණු මීට හේතු පාදක වී ඇති බව පෙනී යයි.
එහෙත් එම දරුවා මේ කිසිවකටත් වගකිවයුත්තෙකු නොවේ. මව හෝ පියා හෝ
දෙදෙනාම තමන් විනාශ කරන්නේ තම තමා නිසාම හටගත් දරුවෙකු යැයි නොසිතීම
අතිශය ඛේද ජනකය. එසේම ප්‍රකෝටි සංඛ්‍යාත සත්ව ජීවිත අතරින් අතිශය
දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මය මුළුමනින්ම තිරිසන් ආත්මයක් බවට පත්කර ගැනීමක්
යයි නොසිතීම මහා භයංකාරය. මනුෂ්‍යයෙකු හැටියට මෙලොව උපත ලබන්නා මහා
භාග්‍යවන්තයෙකි. ඒ භාග්‍යවන්තයාට මෙලොව ජීවත් වීමට ඉඩ සලසා දිය යුතුය.
ඒ දරුවන් අතර පඬිවරු, විද්‍යාඥයන්, චින්තකයන්, බුද්ධිමතුන්, ප්‍රාඥයන්,
නායකයන් අපමණවත් සිටිය හැකිය. ඒ අය එන්නේ සමාජයට රටට, ලොවට සේවයක්
කිරීමටය. ඔවුන්ට ඒ සඳහා ජීවිතය ලබා දිය යුතුය.
දරුවන් මරා අභාග්‍ය සම්පන්නයන් වනවාට වඩා එම දරුවන් ජීවත් කිරීම මගින්,
එම මවට හෝ පියාට මහා භාග්‍යවතුන් විය හැකිය.
මොන යම්ම හේතුවක් නිසාවත් දරුවන් මරා දමන්න එපා. ගමේ පන්සලට ගොස්
විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ සමග කතා බස්කර හාමුදුරුවන්ට දරුවා භාර
දෙන්න. ගමේ පන්සලට යා නොහැකි නම් අසල ගමේ වෙනත් පන්සලකට ගොස් භාර
දෙන්න. මෙයට ජාතිය, කුලය, ආගම, තරාතිරම ප්‍රශ්නයක් කර ගන්න එපා. ගැහැණු
දරුවෙකු නම් හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආසන්න භික්ෂුණී
ආරාමයකට හෝ සීල මාතා ආරාමයකට භාර දෙන්න. අනිවාර්යෙන්ම සමාජයට රටට වැඩ
දායක ගුණ ගරුක පුරවැසියෙක් බවට ඒ දරුවා පත් කරනවා ඇත. දරුවන් මරා දමන
මනුෂ්‍ය ඝාතන මහා පාප කර්මයෙන් මිදී සමාජයට ගුණයහපත් පුද්ගලයන් ලබාදීමේ
මහා පුණ්‍ය ක්‍රියාවට ඔබට සම්බන්ධ විය හැකි බව කාරුණිකව සැලකුව මැනවි.
පොරවගම ශ්‍රී සෝමාලංකාර නා හිමි
සර්වෝදය ජාතික සංඝ සම්මේලනය
ජාත්‍යන්තර බුද්ධාලෝකය,
සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති |