ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වස් විසීම
			
			 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික සියලු සබ්‍රහ්මසරුන් වහන්සේ වෙත කෙරෙන 
			කාරුණික නිවේදනයයි. ශ්‍රී. බු. වර්ෂ 2555 ක් වූ ව්‍යවහාර වර්ෂ 2011 
			ජූලි මස 14 වැනි දින පොහොය කොට ජූලි මස 15 වැනි සිකුරාදා පෙර වස් 
			සමාදන් විය යුතු ය. පසු වස් සමාදානය 2011 ක් වූ අගෝස්තු මස 14 වැනි ඉරු 
			දින සිදු කළ යුතු ය. 
			 
			වස් පවාරණය 
			පෙර වස් විසුවන් වර්ෂ 2011 ක් වූ ඔක්තෝබර් මස 11 වැනි අඟහරුවාදා පෙර 
			වස් පවාරණය සිදු කළ යුතු ය. පසු වස් පවාරණය වර්ෂ 2011 ක් වූ නොවැම්බර් 
			මස 9 වැනි බදාදා සිදු කළ යුතුය. යනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
			මහානායක අග්ගමහා සද්ධම්මජොතිකාධජ, සාහිත්‍ය චක්‍රවර්ති, ධර්ම ශාස්ත්‍ර 
			ශිරෝමණී වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් විසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ 
			මහා නිකායේ සියලු සබ්‍රහ්මසරුන් වහන්සේ වෙත වස් විසීමේ නිවේදනය නිකුත් 
			කරමින් සඳහන් කරති.  |