පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ
(කටුගම්පල ආසනයේ) සියලු විහාරස්ථාන සහ ආරාම සඳහා පිරුවානා
පොත් වහන්සේ පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් අග්‍රාමාත්‍ය,
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් හෙන්ඩියගල සඳලංකාව ශාස්ත්‍රෝදය මහ
පිරිවෙනෙහිදී ඉකුත් 02 වනදා අති උත්කර්ෂවත් අන්දමින්
පැවැත්විණ. කටුගම්පල ආසනයේ පිහිටි විහාරස්ථාන 68 ක් හා
ආරාම 04 ක් වෙත පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා
මහතාගේ මඟපෙන්වීම සහ දායකත්වය යටතේ පිරුවානා පොත් වහන්සේ
පූජා කිරීමේ මේ පින්කම පැවැත්වූයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව
ජයන්තිය නිමිති කර ගෙනය. මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කය
තුළ මෙවැනි පින්කමක් සිදුකර තිබෙන්නේ 04 වන පණ්ඩිත
පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේදීය. ඒ ක්‍රි.ව. 1302 –
1326 අතර කාලවකවානුවේදීය. පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ
ඉල්ලීමක් අනුව වීරසිංහ පතිරාජ ඇමැති පන්සියපනස් ජාතකය
පුස්කොළ පොතක ලියවා ඇතකු පිටතබා ඇතුගල්පුරය වටා වීදි
සංචාරය කර තිබේ. එම පින්කමෙන් පසු මෑත යුගයේ සිදුවූ එවැනි
දැවැන්ත පින්කම මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.
පී.සූරියප්පෙරුම මහතා එම උත්සවයට සහභාගි වෙමින් පැවසීය.
කැලුම් ගුණතිලක |