සීනිගම ඇසළ උළෙල
			
			 
			සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දේවාලයේ 44 වැනි වාර්ෂික ඇසළ උත්සවය අගෝස්තු 
			මස 18 සිට 25 දින දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සීනිගම 
			ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර මණ්ඩල රැස්වීමේදී භාරකාර ඩී. එච්. 
			සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා තීරණය කරන ලදී. 
			එම උත්සවයේ කප් සිටුවීමේ මංගල්‍ය අගෝස්තු මස 10 දින පෙරවරු 11. 50 
			යෙදෙන ශුභ මොහොතින් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල ශුද්ධ භූමියේදී 
			පැවැත්වේ. 
			අගෝස්තු මස 18 වැනි දින පෙ. ව. 6. 30 ට ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ 
			සිහිපත් කොට බුද්ධ පූජා ශබ්ද පූජා මධ්‍යයේ පවත්වා පෙ. ව. 7 ට ශ්‍රී 
			දෙවොල් දෙවියන් වෙනුවෙන් මුරුතැන් පූජාවක් පිරිනමා ආරම්භ කොට පෙරවරු 10 
			ට මහානා හිමිවරු මැති ඇමති ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ 
			සහභාගිත්වයෙන් උත්සවය ශ්‍රී දෙවොල් මහා දේවාල පුදබිමේදී පැවැත්වේ. 
			මෙදින රාත්‍රි 8 ට ගරුතර සංඝරත්නය විසින් සිදුකරන සර්ව රාත්‍රික පිරිත් 
			සජ්ඣායනාව ද, 19 වැනි දින පෙරවරු 7. 30 ට මහා සංඝරත්නය උදෙසා සපිරිකර 
			දක්ෂිණාවක් සහිත හීල මහා දානය පිරිනැමීමෙන් උත්සවයේ මූලික වැඩ නිමවේ. එ 
			දින රාත්‍රි 9 ට ආරම්භ කෙරෙන සංස්කෘතික නැටුම් ගැයුම් සංදර්ශනය 
			රාත්‍රිය මුළුල්ලේ සිදු කෙරේ. 
			20 වැනි දින දිවා මහා පෙරහර පස්වරු 2 ට තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් 
			රජ මහා විහාරයට ද 21 වැනි දින දිවා මහා පෙරහර පස්වරු 2 ට හික්කඩුව 
			සංචාරක පුරවරයට ද 22 , 23 යන දෙදිනයන් හි රාත්‍රි මහා පෙරහර රාත්‍රි 8 
			ට සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ සිට පැරෑලිය බාමියන් බුදුරුව 
			පැදකුණු කොට තොටගමුව ශ්‍රී විජයබා මහා විද්‍යාලය දක්වා ගමන් කොට දේවාල 
			පුද බිමට සැපත් වේ. 
			24 වැනි දින රාත්‍රි 8 ට පන්තිස් කොල් මුර දෙවොල් මුර දෙවොල් මඩු යාගය 
			සහිත දේව තොවිලය හා ගිනිමැල සතක් තරණය කිරීම ද සිදුවේ. 
			25 වැනි දින පෙරවරු 8 ට බැතිමතුන් උදෙසා පැවැත්වෙන කිරි දානය සිදු 
			කැරේ.  |