විරාගය
දේශබන්ධු
ඇලෙක් රොබට්සන්
විසිනි
පරිවර්තනය
ජයසුමනා ද සිල්වා රොබට්සන්
පෘථග්ජන අපි ඒ ඒ දෑ පිළිබඳව පවත්නා යථා ස්වභාවය නොදන්නා බැවින්ම අප
පි‍්‍රය කරන දෑ කෙරෙහි ඇලීමෙන් හා පේ‍්‍රමකිරීමෙන් පී‍්‍රතියක්
සොම්නසක් ලැබෙන්නේයයි සිතන්නෙමු.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, වේදනාවන්ගෙන්
පෙළෙමින්ම ජීවත්වන්නෙමු.
මාපියෙහි සමාගච්ජිඤ්–
අප්පියෙහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං -
අප්පියානඤ්ච දස්සනං
පි‍්‍රයයන් සමග එක් නොවන්න. අපි‍්‍රයයන් සමග කිසි කලෙකත් එක් නොවන්න.
පි‍්‍රයයන් නොදැක්ම හා අපි‍්‍රයයන් දැක්මද දුකකි. මේ බුද්ධාවවාදයයි.
මා සහ මගේ යන සිතිවිලි මුල්කරගෙම පි‍්‍රයකිරීම් හා අපි‍්‍රයකිරීමේ
යනුවෙන් භේද හටගන්නේ වේ. කෙනෙකු පිළිබඳව පවත්නා යහ ගුණ ගැන සළකමින් ඔහු
උසස් තැනැත්තෙකු මෙන් තැකීමටද තවත් කෙනෙකු පිළිබඳව පවත්නා දුර්ගුණ ගැන
සළකමින් ඔහු පහත් තැනැත්තෙකු මෙන් තැකීමටද අපි පුරුදුව සිටින්නෙමු. එසේ
නමුදු ඒ ඒ තැනැත්තන් ලඟින් ඇසුරු නොකොට කිසි කලෙකත් ඔවුන් පිළිබඳ වූ
පි‍්‍රය හැඟීම් හෝ අපි‍්‍රය හැඟීම් ඇති කරගත නොහේමය. යහපත් හෝ අයහපත්
මෙන් හැඳින්විය හැකි දෙයක් නොමැත. එහෙත් තණ්හාව මුල්කොටගෙනම යමක් හොඳ
හෝ නරක දෙයක් මෙන් තීරණය වේ. ඒ ඒ දෑ පිළිබඳව පවත්නා යථා ස්වභාවය අප
කෙරෙන් මුවහ කර තබනු ලබන දැල, තණ්හාවම වේ. කෙනෙකුට යම් කිසිවක් යහපත්
දෙයක් මෙන්ද තවත් කෙනෙකුට එයම අයහපත් දෙයක් මෙන්ද පෙනෙනුයේ ලෝභය
හේතුවෙන්ම වේ. අප පි‍්‍රයකරන කෙනෙකුගෙන් වෙන්වෙන්නට වූ විට අපට
පුද්ගලික අලාභයක් සිදුවූවාසේ හැඟෙන අතර, අප අපි‍්‍රය කරනු ලබන අය හා
ආශ්‍රයට වැටීමට කරුණු සැළසෙත්ම අප තුළ පටිඝයක් ඇතිවේ. මේ හැඟීම් දෙකම
දුකට හේතුවේ. මේ නිසාම ජීවිතය දුකක් මෙන් බෞද්ධයින් සළකනු ලැබේ “
දුකෙඛණා ලොකො පතිට්ඨිතො”
මෙසේ ජීවිතය පිළිබඳව පවත්නා යථා ස්වභාවය අවබෝධ කරගත් සර්වඥයින් වහන්සේ,
මේ දුක හටගැන්මෙහිලා යොමුව ඇති හේතුවද සොයා ගත්සේක. ඒ හේතුව නම් මමායනය
මුල්කරගෙන ඇතිවන මුලාව වේ. මෙසේ මමායනය පිළිබඳව පවත්නා මුලාව පාලි
පෙළෙහි සක්කාය දිට්ඨිය නමින් හැඳින්වෙන අතර මෙය ලොව පවත්නා බලවත්ම
මුලාවවේ.
මෙසේ සක්කාය දිට්ඨියෙන් මුලාවී සිටින පුහුදුන් අපි පි‍්‍රයයන් හා
එක්වීම හේතුවෙන්ද , අපි‍්‍රයයන් හා එක්වීම හේතුවෙන්ද දුකට පත්ව
සිටින්නමෝ වෙමු. එහෙත් අනාසක්ත ගුණය පුරුදු කිරීමෙන් අපට මේ දුක් වේදනා
තරමක් දුරට ලිහිල් කරගත හැකිවේ.අපට පිය විප්පයෝග (පි‍්‍රයයන්ගෙන්
වෙන්වීමේ) දුක්ඛයට සහ අප්පියෙහි සම්පයොගො (අපි‍්‍රයයන් හා එක්වීමේ)
දුක්ඛයටද මුහුණපෑමට කරුණු සැලසුනු කල්හි ඒ වේදනා ඉවසා දරාගැන්මට,
පුරුදු කරන ලද විරාගය, අනාසක්ත ගුණය මගින්ම ශක්තිය ලැබෙනු ඇත. සියල්ල
දත් බුදුරජාණන්වහන්සේ ගේ ඉගැන්වීමද මෙසේ වන කල, පිය විප්පයෝග සහ
අප්පියෙහි සම්පයෝග දුක්ඛ යන වේදනා දෙකෙන්ම පෙළෙන තැනැත්තාගේ ඉරණම කෙසේ
විය හැකිදැයි ඔබට වටහාගත හැක. එබැවින් අප මේ වේදනාවෙන් ගහණ වු සසර ගමන
දී සිටීමට ඉවහල් වන ජීවිතය පිළිබඳව වූ බාහිර අලංකාරයෙන් සහ පෙළඹවීම්
වලින් ඈත්වීමෙහි යොමුවු අනාසක්ත ගුණය, නිරාශාව, පුරුදු පුහුණු කිරීම
අපට ඵලදායි වේ.
ආශාව ඇලීම කුමන ස්වරූපයකින් ඉදිරිපත්වුවද, කෙසේ හෝ එය ආශාවම වන්නේ වේ.
තණ්හාවම වන්නේ වේ.
ලෝභයම වන්නේ වේ. මේ ආශාව මනුෂ්‍යමය හෝ දිව්‍යමය හෝ වේවා එහෙත් ඒ ආශාවම
වේ. තණ්හාවම වේ. මෙවැනි ඉගැන්වීම අමානුෂිකවූද සිත් පිත් නැතිවුද
ධර්මයක් මෙන් හඳුන්වන අයද සිටිත්, ආලයකොට පරාජයවීම, කිසි ලෙසකිනුදු
ආලය, නොකර සිටීමට වඩා අගනේයයි මොවුහු තර්ක කරත්. ඔවුන්ගේ අභිමතය පරිදි
මේ ජීවිතයේදී මෙන්ම ඉදිරි ජීවිත වලදීද කැමති වාර ගණනක් පේ‍්‍රම කිරීමට
හා ඉන් පරාජයවීමටද මොවුනට නිදහස ඇති නමුදු අන්තිම විග්‍රහයේදී සෑම ඉතා
සුළු පී‍්‍රතියක්ම දුකෙහි මූලාරම්භයක් වන බව ඔවුනට කවදා හරි
අවබෝධවීමෙන් සත්‍යාලෝකය උදාවනු ඇත.
මජ්ඣිම නිකායෙහි දැක්වෙන පියජාතක සූත්‍රයෙන් මේ අනාසක්ත ගුණය පිළිබඳ
තවත් අංශයක් හෙළි කෙරේ. බුදුරජාණන්වහන්සේ ජේතවනයෙහි අනාථපිණ්ඩික
ආරාමයෙහි වැඩ වාසය කරන කල්හි තම එකම පුත්‍රයා මළ ශෝකයෙන් හඬමින්
වැළපෙමින් සුසාන භූමියෙහිම බෙහෙවින් හැසිරෙන ගෘහස්ථයෙක් විය. ඔහු ආහාර
අනුභවයෙන් වැළකී සිටින්නට විය. කිසිම කාර්යයක නොයෙදෙන්නේද විය. ඔහුට
ජීවත්වීම නිසරු වූවක් මෙන් පෙනෙන්නට විය. මේ අවස්ථාවේදී මේ තැනැත්තා
බුදු ඇසට යොමුවිය. එකල ඔහු කරා වැඩමවූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ශෝකයට,
වැළපීමට හේතුව විචාරන ලදින් මෙතෙම ඒ පිළිබඳවු ශෝචනීය පුවත හෙළි කළේය.
මේ අවස්ථාවේදී එය අරමුණු කොටගෙන බුදුරජාණන් වහන්සේ පේ‍්‍රමය හේතුවෙන්
දුක ඇතිවන අන්දමද, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන මේ සියලු
වේදනාවක්ම අප පි‍්‍රයකරනු ලබන දෙයට අප දක්වන ඇල්ම හේතුවෙන් ඇතිවන
අන්දමද විස්තර සහිතව පැහැදිළි කරමින් ඔහු අරභයා පියජාතක සූත්‍රය දේශනා
කරන ලදී.
කරුණු මෙසේ වුවද පෘථග්ජන අපි ඒ ඒ දෑ පිළිබඳව පවත්නා යථා ස්වභාවය
නොදන්නා බැවින්ම අප පි‍්‍රය කරන දෑ කෙරෙහි ඇලීමෙන් හා පේ‍්‍රමකිරීමෙන්
පී‍්‍රතියක් සොම්නසක් ලැබෙන්නේයයි සිතන්නෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්
අපි ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, වේදනාවන්ගෙන් පෙළෙමින්ම
ජීවත්වන්නෙමු. කරුණු මෙසේ බැවින් අප පි‍්‍රයකරනු ලබන අය සහ දැය කෙරෙහි
ඇලී සිටීමෙන් ඒවාට ආශා කිරීමෙන් නොව ඒවා කෙරෙහි නිරාශාවෙන්, අනාසක්ත
ගුණයෙන් යුතුව පැවැත්මෙන් පී‍්‍රතිය, සුවය ලැබෙන බව අවබෝධ කරගැන්මම අප
අරමුණ විය යුතු වේ.
ත්‍රිවිධාකාරවු අනාසක්ත ගුණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාරා ඇත. එනම් කය පිළිබඳව පවත්නා නොඇලීම් ස්වභාවය (කාය විවේක) මනස
පිළිබඳව පවත්නා නොඇලීමේ ස්වභාවය (චිත්ත, විවේක) භාවයන් පිළිබඳව පවත්නා
නොඇලීම් ස්වභාවය(උපධි විවේක) ද වේ.අපගේ ඉන්ද්‍රියයකට අරමුණු වන, එමෙන්ම
ගොදුරු වන බාහිර ලෝකයෙහි දක්නට ඇති පෙළඹවීම් සහ බාධකයන්ගෙන් අප ඈත්ව
සිටින විට අප විසින් කාය විවේකය අත්දකිනු ලැබේ. ශ්‍රමණයන්වහන්සේ,
අටසිල් උපාසක උපාසිකාවෝ සහ හිමාලය ප්‍රාන්ත බද වනගත හුදකලාවෙහි කල්ගෙවන
යෝගීහුද කාය විවේකයෙන් ලැබෙන සුවය සම්පුර්ණයෙන් උසස් තත්වයෙන්ම
අත්දකිනු ලබන අය වෙත්. කෙසේ නමුදු කාය විවේකය මගින් අත්දැකීමට ලැබෙන
අනාසක්තභාවය තාවකාලික වේ. එමෙන්ම වෙනස්වන සුළු වේ. අප එවැනි වනගත
හුදකලාවෙහි කල්ගත කලද අප තුළ අනුශය වශයෙන් පවත්නා කෙලෙස් යටපත්වී
තවදුරටත් එහිම රඳා පවත්වමින් ඒ ඒ අවස්ථාවන්හි දී අපට වධදෙනු ලබන්නේ වේ.
දෙවැන්න වන චිත්ත විවේකය අත්දකිනු ලබන්නේ ධ්‍යාන ලාභීන් විසින්ම වේ. මේ
ධ්‍යාන අවස්ථාවේදී පංච නීවරණ ධර්මයන් ප්‍රහීණ වේ. කුශලමය සිතිවිල්ලෙහි
හා කුශලමය ක්‍රියාවන්හිද භාවනාවන්හි ද නිමග්න වී සිටින අවස්ථාවන්හ ි දී
ධ්‍යාන නොලැබු අයද චිත්ත විවේකය යම් ප්‍රමාණයකට ලබාගන්නේ වේ. තෙවනුව
දැක්වෙන උපධී විවේකය ලබත හැක්කේ රහත්ඵලයට පැමිණීමත් සමග ඇතිවන
පංචස්කන්ධයේ නැතිවීමත් සමග වේ. පාලි පෙළෙහි දැක්වෙන අන්දමට මේ
ත්‍රිවිධාකාර විවේකයන් මගින් විවේක සුඛය ලැබේ. මේ විවේක සුඛය සෑම
සුඛයක්ම අභිබවා පවත්නේ වේ.මේ විවේක සුඛය නිරාමිස සුඛය නමින්ද
හැඳින්වෙන්නේ වේ. නිරාමිස සුඛය වනාහි සාමිස සුඛයට (බලාපොරොත්තු කඩවීම්
වලට මෙන්ම දුකටද හේතුවන ඉන්ද්‍රියබ_ ආස්වාදයට) හාත්පසින්ම විරුද්ධව
පවත්නා සුවජනක වූද විඳීමකි. නිරාමිස සුඛය සාමිස සුඛයට වඩා බෙහෙවින්
උසස් වේ. සාමිස සුඛය වනාහි තාවකාලිකවූද වෙනස්වන සුළු වූද ඉන්ද්‍රිය
පිනවීමක්ම පමණක් වන අතර කෙලෙස් මැඩ පැවැත්වීම මගින් ඇතිවන අභ්‍යන්තරික
චිත්ත සමාදානයක්ම නිරාමිස සුඛයෙන් ලැබෙන්නේ වේ. එබැවින් නිරාමිස සුඛයම
වඩාමත් ස්ථාවර හා කල්පවත්නේද වේ. අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය ජීවිතය
පිළිබඳව පවත්නා ලෂණයෝ වෙත්, නිහීන වූ නිරයන්හි මෙන්ම උසස්තම බ්‍රහ්ම
ලෝකයන්හිද මේ ලක්‍ෂණයන් පවත්නේ වේ. භවය ස්ථිරවූවක් මෙන්ම සුවජනක වූවක්ද
මෙන් දිස්වුවද අටලෝ දහමෙහි පෙරළීමට සහ දුක් වේදනාවකටද ඕනෑම අවස්ථාවකදී
මුහුණ දීමට අප සූදානම්ව සිටිය යුතුවේ. අනාසක්ත ගුණය පුරුදු කිරීම
යෝගාවචරයාට පමණක් නොව ගෘහස්ථයනට ද අවශ්‍ය වේ. සෑම දෙයක්ම තම
අභිමතාර්ථයට අනුව ඉටුවන කල්හි ශාන්තව සිටීම කෙනෙකුට අපහසු නොවනු ඇත.
එහෙත් සසර සයුර තද කුණාටුවලින්ද කැළඹෙන අවස්ථා ඇති වන බැවින් පුහුණු
කරන ලද උපේක්‍ෂාව හෙවත් අනාසක්ත ගුණයම මේ අවස්ථාවලදි කෙනෙකුට
ප්‍රයෝජනවත්වේ. කටුක වේදනාවන් හා තද සිත් තැවුල් මධ්‍යයෙහි අපේක්‍ෂා
සහගතව හා නොසැලී සිටීමෙහි ශක්තිය කෙනෙකුට ඇත්තේ වේ නම් එතැන්හිම ඔහුගේ
උසස්බව රඳාපවත්නේ වේ. අප එක් වරෙක මානයෙන් උද්දාම වන අතර තවත් වරෙක
ශෝකයෙන් පසු බස්නේ වේ. එක් වරෙක ප්‍රෞඩ ස්වභාවයෙන් ඉපිලී සිටින අතර
තවත් වරෙක නිහතමානි වේ. වරෙක අනවශ්‍ය පරිදි සර්ව ශුභවාදී වන අතර තවත්
වරෙක අනවශ්‍ය පරිදි සර්ව අශුභවාදි වේ. මේ සියලු ආවේනික වෙනස්කම්වලට
හේතුවනුයේ “මම සහ මගේය’ යන මිථ්‍යා දෘෂ්ඨියම වේ.
කරුණු මෙසේ කල්හි මේ ලෝකය පිළිබඳවූ වෙනස් වන සුළු වූද තාවකාලිකවූද
දැයින් ඈත්ව අප විරාගී ගුණය කෙසේ වගාකර ගනිමුද? විරාගී ගුණය ඉතාමත්
හොඳින් පුරුදු පුහුණු කළ හැකි වනුයේ සිත ආවේග පිළිබඳ වූ ඝට්ටනයෙන්
විනිර්මුක්තව පවත්නා විට වේ. ආවේග පිළිබඳවූ ඝට්ටනයකට හෝ තද සිත්
තැවුලකට හෝ මුහුණ පා ඇති ඕනෑම කෙනෙක් ඒ දරුණු තත්ත්වයන්ගෙන් ගොඩ ඒමේ
ඇති දුෂ්කරතාවය ගැන දන්නේ වේ. මෙවැනි ආවේගික ඝට්ටනයන්හි ප්‍රතිඵලයක්
වශයෙන් ඇතැම් අවස්ථාවලදී සිය දිවි හානිකර ගැනීම් වලටද ඔහු පෙළඹෙන්නේ
වේ. ඉහළ නඟිනුවට වඩා පහළ බැසීමට පහසුවේ. එම නිසා නුවණැත්තා වඩා පහසු
අවස්ථාවේදීම සිය කාර්යය ආරම්භ කරන්නේ වේ. මෙතෙම ජයග්‍රහණය ලබාසිටින
අවස්ථාවක්ම අනාසක්ත ගුණය වැඩීමට තෝරාගන්නා අතර මේ ජයග්‍රහයන් හේතුවෙන්
ඔහු අත්දකිනු ලබන පී‍්‍රතිය පිළිබඳව ඔහු උද්දාම වන්නේද නොවේ. මෙසේ තමා
ජයග්‍රහය ලබා සිටින ලද අවස්ථාවේදී පුහුණු කරනු ලබන අනාසක්ත ගුණය දියුණු
කිරීමෙන් මොහුට දුකට පත් අවස්ථාවන්හිදී පවා ඒවා විඳ දරාගැන්මට ශක්තිය
ලැබෙනුයේ.
බුදු දහමෙහි පෙන්වා දෙන පරිදි අලෝභ, අදෝස අමෝහ, නෙක්ඛම්ම පච්චේක,
නිස්සරණ, අදහස්වලින් යුතුව දිවි ගෙවීම, විරාගී ගුණය වගාකර ගැන්මට
බෙහෙවින් ආධාරවේ. මේ ෂඩ්විධ ආධ්‍යාසයන් වගාකරන තැනැත්තෝ භවය පිළිබඳව
පවත්නා නිස්සාරත්වය වටහා ගැන්මෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ඒ ඒ දෙය කෙරෙහි
ඇලුම් කිරීම් එල්බ ගැනීම ආදියෙන් වෙන්වී අන්තිමේදී සියල්ලක්ම අත්හැර
දමන්නේ වේ. මේ තැනැත්තාට එවැනි ඥානයක් පහළවීමත් සමගම
“නත්ථිරාග සවො අගති- නත්ථි දොස සමොගහො
නත්ථි මොහ සමො ජාලං - නත්ථි තණ්හා සමො නදී” යන ධම්මපදර්ථ පාඨයෙහි අය
ප්‍රත්‍යක්‍ෂවන්නේය. සයංකාර අඣජ්‍යාස ධර්මයන් වන අලෝභ, අදෝස අමෝහ,
නෙක්ඛම්ම, පච්චේක නිස්සරණ යන මේවා සෑම සෝවාන් සකෘදාගාමී, අනාගාමී
අර්හත් පච්චේක සහ සම්මා සම්බුද්ධයන් වහන්සේ කෙනෙකු විසින්ම පුරුදු කරනු
ලබන්නේ වේ. මේ ගුණධර්ම සියල්ලක්ම කැටිකොට නෛෂ්ක්‍රම්‍යය නෙක්ඛම්ම
නමින්ම හැඳින්වේ. සමහරුන් විසින් අවබෝධ කරගෙන ඇති පරිදි නෙක්ඛම්ම යනු ඒ
ඒ දෑ අත්හැරීමක් පමණක් අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම නෙක්ඛම්ම යනු වැඩීම
වේ. අප පි‍්‍රයකරනු ලබන තැනැත්තෙකුගේ සිත් දිනාගැනීමේ පරමාර්ථයෙන් හෝ
එසේත් නැත්නම් අන්‍යයන්ගෙන් හොඳ නම ලබාගැන්මේ ආධ්‍යාශයෙන්ම අප ඒ ඒ
දේවල් ඒ ඒ අයට දීමෙහි පෙළඹෙන්නෙමු. නමුත් මේ වනාහි නෛෂ්ක්‍රම්‍යය නොවේ.
නියම නෛෂ්ක්‍රම්‍යය වනුයේ අභ්‍යන්තරයන්ම පැන නගින්නාවු ඒ ඒ දේ අත්හැර
දැමීම පිළිබඳ උනන්දුව වේ. සුළුදෙයක් මෙන් පෙනෙන නමුදු, ඉතාම උදාර දෙයක්
වන මේ අත්හැරීමම නෛෂ්ක්‍රම්‍යය වේ.
ජීවන කුණාටුවට අසුව ඒ මේ අත ගසාගෙන යන අපට වුවද යම් ප්‍රමාණයකට මේ
අනාසක්ත ගුණය පුහුණු කළ හැකිවේ. බින්දු බින්දු එකතුවීමෙන් බඳුනක්
පිරෙන්නාක් මෙන්, අපට මෙසේ අනාසක්ත ගුණය ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීම
මගින් කෙදිනක හෝ අපගේ අවසාන දිනුම් කණුව වන නිවන කරා ලගාවීමට අවස්ථාව
ලැබෙනු ඇත. එකල්හි අපටද රහතන් වහන්සේලාට මෙන් මෙසේ උදන් ඇණිය හැකිවනු
ඇත.
“ ඵුට්ඨස්ස ලොක ධම්මෙහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගල මුත්තමං”
|