Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටවත්තේ සුධීරානන්ද නා හිමි තෙමස් පූර්ණ ගුණ සැමරේ

පානදුර වෑකඩ බැන්ඩිය විවේකානන්දාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කළුතර දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධර්ම කීර්ති කර්මාචාර්ය කෝට්ටවත්තේ සුධීරානන්ද නා හිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම නිමිත්තෙන් ජුලි 06 වන දින සිට 09 වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව 6, 7, 8 යන තෙදින තුළ අටවිසි බුද්ධ පූජා හා ධර්ම දේශනා මාලාවක් පවත්වා 09 වන දින දවල් මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පින්කම පැවැත්වේ.

06 වන දා දොඩන්ගොඩ අස්සජි නාහිමියන්ගේ දහම් දෙසුමක් ද, 07 වන දා බොරැල්ලේ අතුල නාහිමියන්ගේ දහම් දෙසුමක් ද, 08 වන දා මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දහම් දෙසුමක් ද වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.