ශාන්ති පදනම මගින් 22 වන වරටත් පැවැත්වෙන
පිච්ච මල් පූජාව
දර්ශනපති
රත්නපාල වික්‍රමසිංහ
ශාන්ති පදනම
පළමුවන පිච්චමල් පූජාව 1990 මැයි මස 05 වන දින 100 කට අඩු පිරිසකගේ
සහභාගීත්වයෙන් පැවැත්විණ. කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ සෑම
වසරකම ජනවාරි මස 20 වන දින මහා බෝ සමිඳුන් වැඳීමට වැඩම කරවීම
චාරිත්‍රයක් වශයෙන් සිදු කරනු ලබයි.
එයට හේතුව වන්නේ උන්වහන්සේ සසුන්ගත වූයේ එම දිනයේ බැවින් එය සිහිපත්
කිරීම සඳහා ය. උන්වහන්සේ උඩමලුවට එදින රැගෙන ගිය සමන්පිච්ච මල් මිට මහ
බෝ සමිඳුන් පාමුල පුදනා විට ඇති වූ පිවිතුරු පුණ්‍ය සිතිවිල්ල
සමන්පිච්ච මල් පූජාව පැවැත්වීමේ අරමුණ බවට පත් විය.
“ජුලි මස 9 හා 10 වන දින අනුරපුර පුදබිමේ පැවැත්වෙන පිච්චමල් පූජා
පින්කම නිමිත්තෙන් පළවන ලිපියකි.”
තුණුරුවන්
කෙරෙහි ඉමහත් බැතියෙන් යුතුව සුදුවතින් සැරසුනු සැදැහැවතුන් පිරිසක්
සහභාගීවන සුවිශේෂි පින්කමක් ලෙස 22 වන වරටත් පැවැත්වෙන පිච්ච මල් පූජාව
හැඳින්විය හැකි ය. එම පින්කම ජූලි මස 9 සහ 10 වන දින අනුරපුර මහමෙව්නා
පුදබිමේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ශාන්ති පදනම මඟින්
දැනට මැනවින් සංවිධානය කර ඇත.
සැදැහැවතුන් සෑම දෙනෙකුම වාගේ අඩුම තරමින් සමන්පිච්ච මල් මිටක් හෝ
රැගෙන එදින පැමිණීම විශේෂයෙන් දක්නට ලැබේ. පිච්ච මල් ප්‍රවේශමෙන් නෙලා
ජලය ඉතා ස්වල්පයක් ඉස වාතය ගමන් කළ නොහැකි පරිදි කුඩා පොලිතින් බෑගයක
තැන්පත් කර රැගෙන ඒම එදින සිදුවේ. එසේ නැතහොත් අමු කෙසෙල් පතුරුවලින්
සකසා ගත් කුඩා භාජනයක පැන් ඉසීමකින් තොරව තැන්පත් කර මල් රැගෙන ඒමද
දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණයකි.
මෙම පින්කමට සහභාගී වීමට අපහසු සෑම අයෙකුටම තම ගෙවත්තේ හෝ අසල්වැසි
නිවෙස්වල ඇති පිච්චමල් නෙලා බාරදීමට දිවයිනේ ඇති පුදබිම් රාශියක් මල්
එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස වාර්ෂිකව පවත්වාගෙන එනු ලැබේ. එමෙන්ම මෙයට
සහභාගී වන බොහෝ දෙනෙක් තම ගෙවත්තේ අඩු තරමින් පිච්ච මල් පඳුරක් හෝ
වවාගෙන තිබීම ද එහි විශේෂත්වයකි.
සිරිලක සුවඳවත් කරන මෙම පූජාව සඳහා සැදැහැවත් බෞද්ධයන් පමණක් නොව අන්‍ය
ජාතිකයන් හා ආගමිකයන්ද සහභාගී වීම තවත් එම පින්කමේ දැකිය හැකි
ලක්‍ෂණයකි. මින් ජාතීන් අතර එකමුතු කම සමගිය හා සහජීවනය ගොඩනැගීමට එය
ඉවහල් වී ඇත. එමෙන්ම රටපුරා ජාතික මෙන්ම ආගමික ප්‍රබෝධයක් ඇති කරලීමට
සෑම වසරකම මෙම පූජාව සමත් වී ඇත.
පළමුවන පිච්චමල් පූජාව 1990 මැයි මස 05 වන දින 100 කට අඩු පිරිසකගේ
සහභාගීත්වයෙන් පැවැත්විණ. කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ සෑම
වසරකම ජනවාරි මස 20 වන දින මහා බෝ සමිඳුන් වැඳීමට වැඩම කරවීම
චාරිත්‍රයක් වශයෙන් සිදු කරනු ලබයි.
එයට හේතුව වන්නේ උන්වහන්සේ සසුන්ගත වූයේ එම දිනයේ බැවින් එය සිහිපත්
කිරීම සඳහා ය. උන්වහන්සේ උඩමලුවට එදින රැගෙන ගිය සමන්පිච්ච මල් මිට මහ
බෝ සමිඳුන් පාමුල පුදනා විට ඇති වූ පිවිතුරු පුණ්‍ය සිතිවිල්ල
සමන්පිච්ච මල් පූජාව පැවැත්වීමේ අරමුණ බවට පත් විය.
ශ්‍රී ලංකාවේ වැඩෙන ඉතා සුළභ සුදු පැහැති පිච්ච මල් වර්ග රාශියක් ඇත.
මෙහිලා වැඩි වටිනාකමක් හා දුර්ලභ බවක් හා සුවඳක් ගන්නේ සමන්පිච්ච හා
දෑසමන් යන වර්ගයි. මින් පිච්ච මල් පූජාව සඳහා ගනු ලබන්නේ සමන්පිච්ච,
ගැටපිච්ච, පොකුරු පිච්ච, දෑ සමන් මල් වර්ග පමණි. ලංකාවේ පිච්ච මල්
බහුලව හටගන්නේ මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ය. එබැවින්
සෑම වසරකම ජූලි මස මුල් සති දෙක ඇතුළත මෙම විශේෂ පින්කම අනුරාධපුරයේ දී
පැවැත්වීම සිදුවේ. දිවයිනේ දස දෙසින්ම ඉතා ගෞරවයෙන් නෙලාගෙන එනු ලබන
ලක්‍ෂ සංඛ්‍යාත පිච්ච මල් තැන්පත් කළ රන්වන් පාත්‍ර සියගණනක් ඉතා
අලංකාර මුතු කුඩ හා උඩුවියන් යටින් එදින ථූපාරාම චෛත්‍ය පුදබිමේ සිට
ජයසිරි මහ බෝසමිඳුන් වෙත පිදීම සඳහා මහා සංඝයා වහන්සේ පෙරටුකරගෙන
පෙරහරින් වැඩම කෙරේ.
මෙම පෙරහරෙහිද විශේෂත්වයක් වන්නේ අලි ඇතුන් හෝ නිලමේ වරු කාවඩි වැනි
අංග එයට ඇතුළත් නොකිරීමය. එහිදී පිච්චමල් පෙරහරට පමණක් ආවේණික වූ දේශීය
සංස්කෘතික අංග පමණක් එයට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
ජාතික සාරධර්ම වලින් ශක්තිමත් කළා වූ ජාතක පොත් වහන්සේ හා සර්වඥධාතූන්
වහන්සේ රැගත් සධාතුක කරඬුව විශේෂ පීඨයක තැන්පත් කර සියලු පුද පෙරහරෙන්
එදින වැඩම කරවීම ද විශේෂත්වයකි. ඉන් පසු පිච්ච මල් පෙරහර පහත මාලයේ සිට
තෙවරක් ජයසිරි මහ බෝධීන් සමිඳුන් පැදකුණු කොට උඩමළුව කරා රන්වන් පාත්‍ර
රැගෙන යනු ලබයි.
අවසන රන් වැට මළුව හෙවත් උඩමලුවේ බිම මහා සංඝරත්නය විසින් සුදු පලසක්
ලෙස පිච්ච මල් වලින් අතුරනු ලැබේ. ඉන් පසුව අමරකිත්ති නාහිමිපාණන්
වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේ විසින් පවත්වන සිරිමහ බෝසමිඳු වන්දනා
කිරීමේ වැඩසටහන එදින සවස 04.00 සිට ආරම්භ කරනු ලැබේ. එවිට පින්කමට
සහභාගී වන ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන් සියලු දෙනා පහත මාලයේ වාඩි වී
එකම මොහොතක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම ආරම්භ කරනු
ලැබේ.
තවද මෙම පින්කමේ දී බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ ගුණයන්ගේ ගුණ ලිවූ
රන්වන් බෝ පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් රුවන්වැලි මහ සෑයේ පේසා වළලු
වටා ඉතා අලංකාරවත් ලෙස පළඳවනු ලැබේ. සිංහල රජ දරුවන්ගෙන් පසුව
රුවන්වැලි මහ සෑයට කරනු ලැබූ අතිශය දුර්ලභ ගණයේ පින්කමක් ලෙස එය ජාතියේ
ඉතිහාසයට එක් වී ඇත. මෙම අගනා බෝපත් පළඳනාව පිච්ච මල් පූජාව පවත්වන දින
වලට පමණක් සැදැහැවතුනට දැක බලා ගැනීමට හැකි ය. තවද රුවන්වැලි සෑ
උඩමළුවේදී විශේෂ අලංකාර මණ්ඩප 28 ක එදින අටවිසි බුද්ධ ප්‍රතිමා
වහන්සේලා වඩා හිඳුවනු ඇත. ජූලි 09 වන දින රාත්‍රියේ හා පසුදින උදෑසන
ඉතා අලංකාර ලෙස එම බුදුන්වහන්සේලාට අටවිසි බුදුරජාණන් වහන්සේ පූජා
වන්දනාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 09 වන දින රාත්‍රී 08.30 ට
රුවන්වැලි මහ සෑ මළුව වෙත පැමිණෙන පිච්ච මල් පෙරහර ජය ශ්‍රී මහා බෝ
සමිඳුන් වැඩ සිටින උඩ මළුවේ සිට ආරම්භ වේ. එම පෙරහරේ තවත් විශේෂත්වයක්
වන්නේ පිච්ච මලින් සරසා ආලෝකමත් කළ රුවන්වැලි සෑ මහ සෑයේ අනුරුවත්
බැතිමතුන්ගේ කර පිටින් පෙරහරේ රැගෙන යාමය. ඉන් පසු සෑමළුවේ සියලුදෙනාම
වාඩි වී අප මවුබිමට හා රටවැසියන් සියලු දෙනාටම සෙත් පතා එක්සිත් පහන
දැල්වීමෙන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව රැය පහන්වනතුරු මහා
සංඝයා වහන්සේ සියගණනක් විසින් සජ්ඣායනා කෙරේ. එවිට රුවන්වැලි සෑ පුද
බිම හා අවට එකම හිස් ගොඩක් බවට පත් වේ.
පසුදින උදෑසන 06.00 ට මෙම පින්කම ආරම්භ වන්නේ රුවන්වැලි මහ සෑ රදුන්ට
හා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පිදෙන විශේෂ කිරිපිඬු බුද්ධ
පූජාවකිනි. මහා සංඝයා වහන්සේ සිය ගණනක් සහභාගී වන පිණ්ඩපාත චාරිකාවද
එදින පිච්ච මල් පූජාවට ඇතුළත් වූ තවත් අංගයකි. උදෑසන පිණ්ඩපාත
චාරිකාවෙන් පසු සියලු දෙනාම සහභාගී වන විශේෂ භාවනා වැඩසටහනක් මහමෙව්නා
පුද බිමේ දී පැවැත් වේ. මරණයට කැප වූ ගවයන් රැසකට අභය දානය දී දිළිඳු
ගොවි පවුල් වෙත එම ගවයන් පිරි නැමීමෙන් එදින පින්කමේ කටයුතු දහවල අවසන්
කෙරේ.
ඔබගේ සිල් සුවඳින් පිපෙන පුණ්‍ය සිතුවිලි නමැති මල් සුවඳින් මුළු
සිරිලකම සැමදා සුවඳවත් වනු දැකීම ශාන්ති පදනමේ පැතුමයි. තවද ගෙවී ගිය
21 වන වසර මුළුල්ලේ සමස්ත දිව්‍යරාජ මණ්ඩලයේම ආශිර්වාදය ලැබුණ මෙම
පිච්ච මල් පූජාවේ අනුහසින් ලෝ වැසි සැමට සියලු යහපත හා සැනසිල්ල
උදාවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. |