කැලණියේ චෛත්‍ය පූජාව 18 වනදා
			
			 
			කල්‍යාණි රාජ මහා විහාරස්ථානය් දී ජුනි 18 වනදා පස්වරු 6 .00 ට මහා 
			චෛත්‍ය පූජාවක් පැවැත්වේ. එහිදි ෂඩ් වර්ණ විදුලි බුබුළු වලින් චෛත්‍ය 
			රාජයා ආලෝකමත් කිරීම, ෂඩ්වර්ණ කප්රුක් පූජාව, අෂ්ට පරිෂ්කාර සියයක 
			පූජාව, ගිතෙල් පහන් දහසක ආලෝක පූජාව, සුවඳ කූරු දස දහසක සුවඳ දුම් 
			පුජාව, නෙළුම් මල් දස දහසක මල් පූජාව, අෂ්ටපාන චතුමධුර ගිලන්පස පූජාව, 
			චෛත්‍ය රාජයාණන්ට ගරු භාණ්ඩ සහිතව සෙසු පිරිකර විශාල ප්‍රමාණයක පූජාව 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සිරි සුගත ශිෂ්‍ය සංසදයේ සංවිධානත්වයෙන් 
			සිදු කැරේ.ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ ( 
			වික්ටෝරියා විහාරය ) වැඩ වෙසෙන කඩවත සමින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 
			එම පින්කම පැවැත්වේ  |