| 
						 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය 
						නිමිත්තෙන් විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 
						වෙත බුදුපිළිම වහන්සේ පූජා කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
						මහතා අතින් අරලියගහ මන්දිරයේ දී (9) සිදු කෙරිණි. ඒ මහතා 
						එම බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කළ අයුරු. පූජ්‍ය 
						එල්ලාවල මේධානන්ද හිමි, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. 
						එල්. පීරිස්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති 
						ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති 
						නීතිඥ කිංස්ලි රණවක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
						 
						ඡායාරූපය - සුදත් සිල්වා  | 
					
					
						| 
						 පාණදුර වලාන ශ්‍රී විජය සෞගත 
						විද්‍යාල පිරිවෙනේ අභිනවයෙන් ඉදි කළ අටවිසි බෝධි ඝරය හා 
						රන්වැට විවෘත කිරීම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ 
						මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එහිදී 
						ජනාධිපති ආර්යාව රන් වැට විවෘත කළ අයුරු. අම්බලන්ගොඩ ශ්‍රී 
						සුමංගල මහ නාහිමි, පාණදුර රන්කොත් විහාරාධිපති මහාචාර්ය 
						කහපොළ සුගතරතන අනුනාහිමි හා මහාචාර්ය කොටපිටියේ රාහුල 
						නාහිමි එම අවස්ථාවට සහභාගි වූ අතර, විහාරාධිපති පාණදුරේ 
						විජිතනන්ද නාහිමි හා මොරවින්නේ විජිත හිමි ද ඡායාරෑපයේ 
						වෙති. ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ  |