රෙජී වීරමන්
අති ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික උරුමයක කොටස්කරුවන් වීමට ලක්වැසියනට හැකිවුණේ
මිහිඳු සමිඳුන්ගේ සම්ප්‍රාප්තිය නිසාය.
මේ අධ්‍යාත්මික උරුමය ලක්වැසියන්ගේ ජීවිතයට ආලෝකයක් හා අරුතක් ලබා
දුන්නේ ය. සිංහල ජනතාවට බලාපොරොත්තුවේ මිණි පහන දල්වා ගෙන අභිමානයෙන්
ඉදිරියට ගමන් කිරීමට හැකිවුණේ මේ උරුමය නිසාය.
අපරාජිත ජීවවේගයක් ගැබ්වුණු මේ උරුමය මෙරට වැසියන්ගේ කුසලතා මනෝඥ ලෙස
වර්ධනය කර ගැනිමට මඟ පාදා දුන්නේ ය. මේ උරුමයේ ඇතැම් ලක්ෂණ ගැඹුරු වන
අතර අනෙක් ලක්ෂණ සරලය.
මගේ අරමුණ මේ විශිෂ්ට උරුමයේ ලක්ෂණ කිහිපයක් විචාර පූර්වකම සලකා
බැලීමය.
අපරාජිතවාදය
1. මිනිස් සන්තානයේ ඇති අපරාජිත ජීව වේග ඉවහල්වන්නේ, සියලු බාධාවන්
මැඩගෙන උසස් තලයකට නැඟ ගැනීමට ජනතාවට ඉඩකඩ සලසාදීමටය. මේ අපරාජිත
සංකල්පය ඇතුළත් වන්නේ පාරමිතා ධර්ම තුළය. පාරමිතාවල අගය දක්වන උගතුන්
පවා මේ කරුණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා නැතැයි කීම වරදක් නොවේ.
බෝසතාණෝ දිගු භව ගමනක යෙදී දස පරමිතා පුරා එහි මහිමයෙන් උතුම් සම්මා
සම්බෝධිය ලබා ගත්හ. මානව ප්‍රගතිය පිළිබඳ සංකල්පය ඒ සංසාරගත
ක්‍රියාවලියේ ගැබ් වෙයි.
සමාජය ස්වර්ණමය යුගයක සිට කලියුගයක් කරා ගමන් කරන්නේ ය යන මතය ද බෞද්ධ
සාහිත්‍යයේ ඇතුළත් වෙයි. සමාජ පරිහානිය පිළිබඳ සංකල්පය ජෛන ධර්මයේද
ඇතුළත්වන බව බී.සී. ලෝ පඬිවරයා ලියූ පොතක සඳහන් වෙයි. තීර්ථකයන්
විසිහතර දෙනා අතුරෙන් විසි දෙනෙකු බඹගණන් උසස් සිරුරු ඇති අය නමුදු
අන්තිමට සිටින පාර්ශ්වනාථ හා මහාවීර අඩි හයක් උස් වූ බවත් ඒ පොතෙහි
සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ සමාජයේ පිරිහීමයි.
නූතන විද්‍යා ඥානය සහ ඩාර්වින් ගේ පරිණාමවාදය පෙන්වාදෙන්නේ සමාජය
ක්‍රමයෙන් දියුණුවන බවයි.
ගල්විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
ඈත යුගයකදී මානව ප්‍රගතිය පිළිබඳ සංකල්පය පාරමිතා ධර්මවල ගැබ් වී තිබීම
ඉතා වැදගත් බව සැලැකිය යුතුය. පාරමිතාවල ගැබ්වන අපරාජිතවාදය අපේ
අධ්‍යාත්මික උරුමයේ පළමුවන ලක්ෂණයයි.
ගැටලු විසඳීම
2. මේ ලොව ඇති සියලුම ගැටලු නිර්මාණය වූයේ මිනිසා ගේ ක්‍රියාකලාපය
නිසාය. ඒ නිසා ඒ ගැටලු විසඳාගත යුත්තේ ද මිනිසාමය. මීට ශක්තියක් මිනිස්
වර්ගයා තුළ ඇති බව බුදු සමය පෙන්වා දෙයි.
බොහෝ කාලයක් ම මිනිසුන් විශ්වාස කෙළේ දෙවියන් ගේ් පිළිසරණ ලබාගෙන ගැටලු
විසඳාගත යුතු බවයි. මේ කාලයේද ඒ මතය දරන බොහෝ දෙනෙක් වෙති.
දේවානුග්‍රහය ලබා ගන්නට මිනිසුන් යොමු වන්නේ කුමක් නිසා ද? මිනිසුන්
තුළ පවතින භීතිය හා හීනමානය මීට හේතුව යැයි සිතිය හැකිය. මිනිසා සියලු
සතුන්ට වඩා බලවත් වුවද, ඔහු කුඩා කාලයේදී අසරණයෙකි. සමාජයක් නැත්නම්
ඔහුගේ පැවැත්මක් නැත. අධ්‍යාපනයක් ලබාගෙන රැකියාවක් ලබා ගන්නා තුරුම
ඔහු දෙමාපියන් ගේ පිහිට පතයි. මේ අනුව භීතිය නිසාද, කුඩා කල අසරණවීම
නිසා මානසික දුබලතාවයක් ඇතිවීම ද බාහිර බලවේගවල පිහිට පැතීමට ඔහු
පොළඹවන හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය.
මිනිසා ගේ ස්වාමිත්වය පිළිගන්නා එකම ආගම බුද්ධාගම වෙයි. ජෛන ධර්මය
පිළිගන්නේ කර්මඵලයේ ස්වාමිත්වයයි. අපේ අධ්‍යාත්මික උරුමයේ දෙවන ලක්ෂණය
වන්නේ මිනිසා ගේ් ස්වාමිත්වය පිළි ගැනීම යි.
මානසික ශක්තිය
3. සැම දෙනා ම තම තමන්ගේ මානසික ශක්තිය දියුණු කර ගැනීමට උත්සාහ කරති.
බුදුන් වහන්සේ අසහාය පුද්ගලයකු බවට පත්වූයේ මනස ඉතා ඉහළ මට්ටමක් තෙක්
දියුණු කරගත් නිසාය. ග්‍රහ ලෝක පිළිබඳ බුදුරදුන් හෙළි කළ කරුණුවල ඇති
සත්‍යතාව ගැන නූතන විද්‍යාඥයෝ මවිතය පළ කරති. මිනිස් මනස උසස් වන්නේ
අධ්‍යාපනය හා භාවනාව නිසාය. අධ්‍යාපනයක් ලැබීම ප්‍රාතිහාර්යයක් වැනි
යැයි බුදුන් වහන්සේ දෙසූ සේක. මිනිසා දෙවිවරුන්ටත් වඩා උසස් වන්නන්
මානසික දියුණුව නිසා ය. අපේ අධ්‍යාත්මික උරුමයේ තුන්වන ලක්ෂණය වන්නේ
මිනිස් මනස හැකිතරම් ඉහළ මට්ටමකට දියුණු කළ යුතුය යන මතයයි. ඉහළ
මට්ටමකට දියුණු කළ යුතුය යන මතයයි.
සාධාරණබව
4. සාමාජික හා අධ්‍යාත්මික සමානාත්වය අපේ අධ්‍යාත්මික උරුමයේ ඇති සතර
වැනි ලක්ෂණයයි.
මිථ්‍යා සංකල්ප පදනම කොට වැඩුණු කුල භේදය හා ජාති භේදය නො සලකා හැරීමත්
මිනිසුන් ගේ සමානත්වය පිළිගැනීමත්, කිසිම භේදයකින් තොරව සියලු දෙනාට ම
අධ්‍යාපනයක් ලබාදීමට සමාන අවස්ථා සැලැසීමත් ආගමික අවශ්‍යතා ඉටුකර
ගැනීමට සමාජයේ සෑම තලයකම සිටින ජනතාවට පහසුකම් ලබාදීමත් සාමාජික හා
අධ්‍යාත්මික සමානත්වය යන්නෙන් අදහස් කරනු ලැබේ. බමුණු ඇඳුරෙන් පහළ
මට්ටමක සිටි කිසිම කෙනකුට මේ අයිතිවාසිකම් ලබා නොදුන්හ. මේ නිසා පහළ
කුලවල ජනතාව ලැබූ මානසික පීඩනය විශාලය. පොදු ජනතාවට විමුක්ති මාර්ගයක්
ලබාදීමේ උතුම් අදහස මුදුන්පත් කිරීමට සිදුහත් කුමාරයා සමත් විය.
සහනශීලිබව
5. මත පැවසීමට හා ඉවසීමට ඉඩ ප්‍රස්තා සලසන්නා වූ ද අවිචාරයෙන්
ප්‍රතිවාදීන් මර්දනයට නො පොළඹවන්නා වූද සහනශීලි ආකල්පය අපේ අධ්‍යාත්මික
උරුමය පස්වන ලක්ෂණය වෙයි. අශෝක රජු පිහිටු වූ ගිරි ලිපියකද මේ මතය
සඳහන් වෙයි.
කාලාම සූත්‍රයේ ඉගැන්වීම් බුදුනුවන් අතර ඉතා ප්‍රකටය. බුදුරදුන් ගේ
අභීත චින්තනයේ ස්වරූපය ඉන් පැහැදිලි වෙයි. මානව චින්තන ඉතිහාසයේ කිසිම
කලෙක මෙබඳු අභීත ප්‍රකාශයක් දක්නට නො ලැබේ. අන් රටක නම් එබඳු අදහස්
පවසන උගතුන්ට රාජ්‍ය පාලකයන්ගෙන් දඬුවම් ලැබෙනු නියතය.
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ |
ගතානුගතික නොවී නිර්භීතව තම අදහස් පවසන්නට ඉඩ ලැබෙන්නේ
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළය. එහෙත් ඊටත් බාධා ඇති බව සැලැකිය
යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික
ප්‍රජාතන්ත්‍රවාදය යැයි කොටස් දෙකකට බෙදිය හැකි බව ඩබ්ලිව්. ඇම්.
රයිබර්න් ලියු ‘ක්‍රිඒටිව් එඩියුකේෂන්’ නමැති පොතෙහි සඳහන් වෙයි. පළමු
වන ක්‍රමය තුළ නිර්භීතව මත ප්‍රකාශයට ඉඩ තිබුණද දෙවන ක්‍රමය තුළ එබඳු
නිදහසක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු තිබුණ ද දැනට ඇති හොඳම
දේශපාලන ක්‍රමය එය යැයි කෘත්‍යසාධකවාදියකු වූ ජෝන් ඩුවී පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ අගය වැටැහෙන්නේ එය නැති වූ විටය.
අදෘෂ්ටිගතවීම
සතර අගතියෙන් තොරව, බුද්ධිගරුකව, අදෘෂ්ටිගතව මැදිහත්ව ක්‍රියා කිරීමට
ජනතාව යොමුකිරීමට ජනතාව යොමු කරන ස්වභාවය අපේ අධ්‍යාත්මික උරුමයේ හයවන
ලක්ෂණය වෙයි.
තමන් ගේ මතවාදවලට , දර්ශනයට, දෘෂ්ටියට අනුකූ®ලතාව දක්වන අය හිතමිතුරන්
සේ සැලකීමත් ඊට විරුද්ධවන අය සතුරන් සේ සැලකීමත් බොහෝ දෙනාගේ චරිත
ලක්ෂණය වෙයි. අනුන්ට දේවේෂ කරන පුද්ගලයා අනුන්ට විනාශය ලබාදෙන අතර තමාට
ද හානි පමුණුවා ගනී. අනුන්ට හිංසා පීඩා කරන බොහෝ දෙනකු නොදන්නා
සත්‍යයක් වෙයි. අනුන්ට වධදී විකෘති ආස්වාදයක් ලබන අයට තමන් ගේ
සුපර්ඊගෝවෙන් දඬුවම් ලැබෙන බව මොවුහු නොදනිති. සුපර්ඊගෝව දෙන දඬුවම්
වැළැක්වීමට කිසිවෙකුට ශක්තියක් නැත. ඇතැම් අයට මනෝකායික රෝග (සයිකො
සෝමැටික්) වැළදෙන්නේ සුපර්ඊගෝවේ බලය නිසාය. ඇතැම් ජාතක කතාවලද මෙබඳු
මානසික රෝගීන් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙයි. මහා කපි ජාතකය මීට
නිදසුනකි. භීතිය මෙන්ම මෝහයත් මිනිසුන් අගතිගාමී කිරීමට ඉවහල් වෙයි.
මිනිසුන් තුළ මුල් බැසගත නිර්විඥානික භීතියක් ඇති බව ක්ලිෆර්ඩ් ඇලන්
නමැති මනෝ විද්‍යාඥයා පවසයි. මේ භීතිය නිසා මිනිසුන් ගේ් සිත් තුළ
කැකෑරෙන අසහනය චිත්ත සමාධියට බාධාවකි. මෝහය නිසා කරන අපරාධ බොහෝ වෙයි.
7. ත්‍රිවිධ විපල්ලාසයන්ට (මුළාවීම්) ගොදුරුනොවී සුවපත් මනසකින් ගැටලු
විසඳා ගැනීමට අනුබල දෙන ලෝක දර්ශනය අපේ අධ්‍යාත්මික උරුමයේ සත්වන
ලක්ෂණය වෙයි. ගතානුගතික චින්තනය වෙනස්කිරීම ඉතා අමාරුය. බමුණු ඇදුරන්,
සිල්වත් උගත් ශුද්‍රයන්ට ගෞරව කළ සැටි ඒ ලිපියේ දැක්වෙයි. මනුෂ්‍ය
ස්වභාවය වෙනස් කළ හැකිය යන මූලධර්මය අධ්‍යාපන මනෝ විද්‍යාවේ ඇතුළත්
වෙයි. මනෝ විද්‍යාව හා ඒ ජීව විද්‍යාව පිළිබඳ අදහස් දියුණුවට පත්වීම
නිසා මේ මූලධර්මය තරමක් වෙනස්කිරීමට මනෝ විද්‍යාඥයන්ට සිදුවිය. මනුෂ්‍ය
ස්වභාවය තරමක් දුරට වෙනස් කළ හැකි යැයි ඒ උගත්තු පැවැසූහ.
ජීවන අරගලය
8. ජීවන අරගලයේ ගමන් මඟ පිළිබඳ බෞද්ධ මතය ගැඹුරින් සිතා බැලීම ඉතා
වැදගත් වෙයි. මේ චින්තනයේ අලුත් ගතියක් ඇත. රස කාමයෙන් බල කාමයෙන් හා
හිංසා කාමයෙන් ඈත්වීමත් මිනිසාට ධාර්මික ජීවිතයක් ගත කිරීමට හේතුවන බව
දැන ගැනීම අපේ අධ්‍යාත්මික උරුමයේ අටවන ලක්ෂණය වෙයි.
ජීවන අරගලයේ ගමන්මඟ මෙබඳු වෙයි.
1. වින්දනය නිසා ආශාව පහළ වෙයි
2. ආශාව නිසා සෙවීම ඇරැඹෙයි
3. සෙවීම නිසා ලැබෙයි
4. ලැබුණු විට ඒ ගැන ඇගැයුම් ඇතිවෙයි
5. ඇගැයුම් නිසා ඡන්දරාගය පහළ වෙයි
6. ඡන්දරාගය නිසා මමත්වය පහළ වෙයි
7. මමත්වය නිසා පරිග්‍රහය හෙවත් දැඩිව ග්‍රහණය කිරීම ඇතිවේ.
8. පරිග්‍රහය නිසා මසුරුබව ඇතිවෙයි
9. මසුරුබව නිසා වස්තුව රැක ගැනීම ඇරැඹෙයි
10. වස්තුව රැක ගැනීමට ආයුධ පරිහරනය කිරීම, වාදවිවාද කිරීම, කලහකිරීම,
ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලිත්වය, ඇතිවෙයි.
11. යුද්ධ කිරීමෙන් මනුෂ්‍යයන් මරා දැමීම සිදුවෙයි.
වින්දනයෙන් ඇරැඹෙන ජීවන අරගලය ප්‍රචණ්ඩත්වයෙන් යුදවැදීමෙන් කුළු
ගැන්වෙයි.
මේ මුල සිට අගට කරුණු මෙනෙහි කිරීමකි. අග සිට මුලටද කරුණු මෙනෙහි කළ
හැකිය. හේතුවකින් ඵලයක් ඇතිවෙයි. ඊට පසු ඵලය හේතුවක් වෙයි. මේ අනුව
හේතුඵල සන්තතියක් ඇතිවෙයි. තවද කිව යුත්තක් ඇත. ඇතැම්විට ඵලයක් හටගන්නේ
එක් හේතුවක් නිසාම නොව හේතු බොහෝ ගණනක් මුල්කර ගෙනය.
ජීවන අරගලයේ ස්වභාවය මැනැවින් ප්‍රත්‍යක්ෂ කර ගන්නා බුද්ධිමත් කෙනෙකුට
පෙනී යන්නේ සියලුම ගැටුම් වලට මුල් වන්නේ වින්දනයක් ලැබීමට ඇති
අතෘප්තිකර ආශාව බවයි. බුදුසමයේ ඉගැන්වෙන විරාගි දර්ශනය හා විරාගී චරණය
මානසික සුවයට හේතුවෙයි. යති විනයට අනුව ගිහියන් හැසිරිය යුතු නොවේ.
ඉඳුරන් පිනැවීමට ගිහියන්ට නිදහස තිබේ. ගිහියන් ඉන්ද්‍රිය සන්තර්පනය
යොමුවිය යුත්තේ ශිෂ්ට සීමාවක් තුළ සිටය.
ජීවන අරගලය පිළිබඳ බෞද්ධ මතය දැනගැනීම, නො ඇලී, නොබැඳී, විවිධ
ගැටුම්වලින් මිදී ජීවත්වීමට මඟ පාදයි. ජීවන ගැටුම් හා ගැටලු උද්ගතවීමට
බෙහෙවින් හේතුවන්නේ් මත වාදවල චඋව එල්බ ගනිමින් නොසිදෙන ආසා සහ
අවශ්‍යතා ඇතිකර ගැනීමයි.
දැහැමි පාලනය
9. රටක පාලන ධර්ම රටවැසියන් ගේ සුගතිය හා උන්නතිය සඳහා පැවැතිය යුතු බව
බෞද්ධ උගතුන් ගේ පිළිගැනීම වෙයි. ඒ මතය අපේ අධ්‍යාත්මික උරුමයේ නවවන
ලක්ෂණය වෙයි. බුදු සමයේ ආභාසය ලැබූ අපේ රජවරු රටේ ජනතාවගේ යහපත පිණිස
ක්‍රියා කළහ. ඔවුහු රටවැසියන්ගේ ආර්ථික ප්‍රගතිය සැලසීමටත්, ඉන්පසු
ඔවුන් ගේ් අධ්‍යාත්මික දියුණුව සැලසීමටත් ක්‍රියා කළහ.
බුදුසමයේ ඉගැන්වීම් නිසා සිංහල ජනතාව අතර ඒකාත්මිකභාවයක් පහළ විය. මේ
චිත්ත ස්වභාවය නිසා රජවරුන්ට ඔවුන් සමගි කර වැව් සැදීම ආදියට යොදා ගත
හැකිවිණ.
වැව් තැනූ අයට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවිය. උගතුන් සිතන්නට
පෙළැඹුණේ ගැටලුවලට මුහුණ දෙන විටයි. සිංහලයෝ වැව් තාක්ෂණය ඉතා දියුණු
තත්ත්වයකට නැංවීමට සමත්වූහ. ආදි හෙළයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් ගේ දස්කම
ඉතා මහත් විය.
ඉන්පසු රජවරු මහා චෛත්‍යය ආදිය ඉදිකිරීමට යොමුවූහ. බුදුසමය දුක ගැන කතා
කළද ආදි සිංහලයෝ සතුටින් ජීවත් වූහ.
10. ආදී යුගයේ සිටි උගත්තු ජනතාව ගේ ජීවිතය උසස් කිරීමට සාහිත්‍යය
දියුණු කළහ. මේ උතුම් සාහිත්‍ය නිර්මාණ අපේ අධ්‍යාත්මික උරුමයේ දසවැනි
ලක්ෂණය වෙයි.
පුරාණ ලේඛකයන් ගේ අරමුණ වූයේ ජනතාවට ආත්ම විශුද්ධිය ලබාදීමයි. ජනතාවක්
සත්පුරුෂ ක්‍රියාවන්ට යොමුවන්නේ චිත්ත පාරිශුද්ධිය ලැබූ කල්හිය
මිනිසුන් තුළ භේද භින්නතා ඇති කරන කෙලෙස් දහම් තුනී කිරීමට ආත්ම
විශුද්ධියට හැකිවිණ.
මෙයද ලේඛකයන් ගේ ක්‍රියා මාර්ගය, ජනතාව ගේ සුපර්ඊගෝව හෙවත් කුසලා කුසල
විඥානය සවිමත් කිරීමට හේතුවිය.
ලියෝ ටෝල්ස්ටෝයි ගේ අරමුණ වූයේ ද සාහිත්‍යයේ මාර්ගයෙන් ජනතාවට ආත්ම
විශුද්ධිය ලබාදීමයි. එතුමාගේ මේ උතුම් ගතිය පෙන්වා දුන්නේ ජැන්කෝ
ලැව්රින් නමැති විචාරකයායි.
පරමාර්ථය මෙන් ම එය ඉටුකර ගන්නා මාර්ගයද ධාර්මික විය යුතුය යන්න අපේ
උරුමයේ එකොළොස් වන ලක්ෂණයයි. පූර්ණ පෞරුෂ සංවර්ධනයක් සැලැසීම වැදගත් බව
පෙන්වාදීම අපේ උරුමයේ දොළොස් වන ලක්ෂණයයි. අධර්මය, දුරු කිරීම ධාර්මික
ක්‍රියා මාර්ගයකින් ඉටු කරගත යුතුය යන්න අපේ උරුමයේ දහතුන්වන ලක්ෂණයයි.
සමස්ත දර්ශනයක් දියුණු කරගත යුතුය යන්න අපේ උරුමයේ දහහතර වන ලක්ෂණයයි.
මිනිසුන් ගේ දුබලකම් දෙස දයානුකම්පාවෙන් බැලීම සත්පුරුෂ ලක්ෂණයක් බව
පිළිගැනීම අපේ උරුමයේ පහළොස්වන ලක්ෂණයයි.
මිනිසුන් ගේ නූගත්කම නිසා කරන වැරැදි හා පුදපූජා මනෝ යථාර්ථයක් ලෙස
පිළි ගැනීම අපේ උරුමයේ දහසය වන ලක්ෂණය යි.
මිනිසුන් ගේ දුබලකම දෙස දයානුකම්පාවෙන් බැලීම සත්පුරුෂ ලක්ෂණයක් බව
පිළිගැනීම අපේ උරුමයේ පහළොස් වන ලක්ෂණයයි. මිනිසුන් ගේ නූගත්කම නිසා
කරන වැරැදි හා පුදපූජා මනෝ යථාර්ථයක් ලෙස පිළිගැනීම අපේ උරුමයේ දහසය
වැනි ලක්ෂණයයි. නව දෘෂ්ටි කෝණයක පිහිටා බෞද්ධ පුරුෂාර්ථ විමසා බලන
කල්හි අපට පෙනී යන්නේ බුද්ධ ධර්මයේ ඇති සර්වකාලීන අගයයි. බුද්ධ ධර්මය
එදාට අර්ථවත් වූ ලෙස වර්තමානයට ද අර්ථවත් වෙයි. ප්‍රකෘති විඥානයේ ඇති
ම්ලේච්ඡ තිරශ්චීන ආවේගයන් හීලෑ කිරීම පිණිස ධාර්මික විචාර විඥානය හෙවත්
සුපර්ඊගෝව පොහොසත් කිරීමට සමත්සනාගත ගුණධර්ම අපට හිමිවී ඇත. ආත්ම
කේන්ද්‍රිත, වර්ග කේන්ද්‍රිත ප්‍රවණතා විශ්ව කේන්ද්‍රිත ප්‍රවණතා බවට
පත් කිරීමට සමත් දර්ශනයක් බුදු සමයේ ඇතුළත් බව අමෙරිකානු ජාතිත බෝධි
හිමියෝ පවසති.
මෙහි සඳහන් විශ්ව සාධාරණ පුරුෂාර්ථ නිබඳ මෙනෙහි කොට මානව හිතවාදී රංජන
පහළ කර ගත යුතුය. මිනිසුන් ක්‍රියා කරන්නේ මේ රංජනවල ඇණවුම් පරිදිය.
බෞද්ධ දරුවන් තුළ සුදුසු රංජන ඇති කිරීමට ගුරුවරුන් මෙන්ම භික්ෂූණ්
වහන්සේ සිත් යොමු කළ යුතුය. දරුවන් ගේ චිත්තවේගික ස්වභාවය ගැන ද
සැලකිල්ලක් දැක්විය යුතුය. බුදු සමයේ චිත්තවේග ගැන මෙනෙහි කිරීම
හැඳීවෙන්නේ වේදනානුපස්සනා යනුවෙනි.
තිරසාර චිත්තවේග සාදා ගැනීම අභීතව ජීවිතයට මුහුණදීමට අවශ්‍යය. දරුවන්ට
වැළදෙන චිත්තවේගික රෝග පහක් ඇති බව මනෝ විද්‍යාඥයෝ පවසති. බෞද්ධයන්ට
හිමිවුණු අධ්‍යාත්මික උරුමයේ ඇති විශ්ව සාධාරණ ලක්ෂණ ගැන නිබඳ සිතිය
යුතුය. |