අධ්‍යාත්මික ගුරුවරුන්
බුරුමයේ බහුලයි
පරිවර්තනය –
නාරාවිල පැට්රික්
වෛද්‍ය තින් තින් ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ සෙබැස්ටපෝල්හි වෙසෙන භාවනා
ගුරුවරියකි. ඉංග්‍රීසියෙන් පළවන ‘ඉන්ක්වයරිං මයින්ඩ්’ සඟරාවේ සැන්ඩි
බවුචර් ඇය සමඟ පැවැත්වූ මේ සාකච්ඡාව පරිවර්තනය කරන ලද්දේ නාරාවිල
පැට්රික් විසිනි.
ඉන්ක්වයරිං මයින්ඩ් : ඔබ අනුගමනය කරන මාර්ගය පොදුවේ ගතහොත් බුරුම
බුද්ධාගමේ අඳුනා ගෙන තියෙන සම්ප්‍රදායෙන් වෙනස් වෙනව නේද? කරුණාකරල ඒ
ගැන කියන්න.
වෛද්‍ය තින් තින් :
ඔබත් දන්න හැටියට, බෞද්ධ භාවනා පුහුණුවෙ “සමථ භාවනාව“ කියල සිත එකඟ
කිරීමේ මූලික පුහුණුවීම් කොටසක් තියනව. අපි ඒකත් පුහුණු වන බව ඇත්ත. ඒ
එක්ක ම ඒකට කියන්නෙ ටිකක් වෙනස් විදිහකට “සමථ” කියලයි. අපි එහෙම
කියන්නෙ ථෙරවාදී සම්ප්‍රදාය තුළ අපේ මාර්ගයෙ වෙනස විවරණය කරන්න යි. මේ
සමථ මාර්ගය තුළ අභිඥා තත්ත්වයට ආපු ගුරුවරුන් අනුගමනය කරන විශේෂ
පියවරක් තියනව. ඒක සාමාන්‍ය සීමා ඉක්මවා යන අධ්‍යාත්මික ශක්තියක්. එහෙම
නැති නම් බලයක්. බුරුමයෙන් ලබා ගෙන ඇති විපස්සනා මාර්ගය කවුරුන් අතරත්
ප්‍රසිද්ධ යි. යූ. සීලානන්ද බුරුම භික්ෂූන් වහන්සේ ඒ පිළිබඳ
ප්‍රවීණත්වය ලබා ගත් කෙනෙක්. සමථ මාර්ගය බුරුමයෙ පවතින බෞද්ධ පිළිවෙතට
සමාන්තර යි. ඔබට කැමති හැටියට විපස්සනා හෝ සමථ මාර්ගය අනුගමනය කරන්න
පුළුවනි. කැමති කෙනකුට ඒ දෙක ම වුණත් තෝරා ගන්න හැකියි.
දකුණේ සිට - අජාන් අනෙක්, ලුආන්ග්පෝලියම්, අජාන් අමරෝ හා අජාන් පසන්නෝ
යන හිමිවරු |
සාමාන්‍ය බුරුම බෞද්ධ ගිහි ජනතාව අතර එදිනෙදා සමථ පුහුණුවීම්වල යෙදීම
හුඟක් කෙරෙනවා. මෙයට පන්සිල්, අටසිල් සහ දසසිල් සමාදන් වීම, පිරිත්
කීම, මෛත්‍රී වැඩීම, භාවනාව, බුදුගුණ කීම, ආනාපාන සතිය වැඩීම ද ඇතුළත්.
මේවායින් සමහර ඒව විශේෂයෙන් චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරනව. ඉන්ක්වයරිං
මයින්ඩ්:
මහර්ෂී සයදෝව් වගේ බුරුම විපස්සනා ගුරුවරුන් ඔවුන්ගෙ ඉගැන්වීම්, ජැක්
කෝන්ෆීල්ඩ්, ජෝසෆ් ගෝල්ඩ්ස්ටයින් සහ ශැරෝන් සැල්ස්බර්ග් වගේ අපරදිග
ශිෂ්‍යයන්ට දුන්න. බුරුම ගිහි ගුරුවරයකු වන යූ. බා. ඛින්, රුක් ඩෙනිසන්
සහ එස්. එන්. ගොයෙන්කාටත් විපස්සනා භාවනාව ඉගැන්නුව. සමථ ගුරුවරුන්
අපරදිග අයට කිට්ටුවෙන් හිටිය ද? නැතිනම් ඔවුන්ගෙ පුහුණුවීම්
විදේශිකයන්ට ඉදිරිපත් කරමින් සිටිය ද?
වෛද්‍ය තින් තින් :
ඇත්තට ම සමථ මාර්ගය අපරදිගට ගිහින් තිබුණෙ හුගක් කලින්. ඇමරිකාවෙ පළමු
වැනි සමථ චෛත්‍යය ගොඩනඟල තියෙන්නෙ නිව්යෝර්ක් වලට ඈතින් නයගරා ඇල්ල
කිට්ටුව. ඒ 1958 දී දත් පවුං සොන් සයදෝව් විසිනුයි. ඔහු බුරුමයෙ ගිහි
සමථ ගුරුවරුන්ගෙ ගෝලයෙක්. එතුමා ඇමරිකාවට පය ගහල තියෙන්නෙ වෙනත් කිසි ම
විපස්සනා ගුරුවරයකුට කලිනුයි. දත් පවුං සොන් ලෝකය පුරා ම චෛත්‍ය ගොඩනඟල
තියනව. ඒ කියන්නෙ නවසීලන්තය, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාව සහ
කැනඩාවෙයි. ඇමරිකාවෙ නම් දෙකක් ම හදල තියනව.
තවම ඉගැන්වීම් පැතිරිලා නැතත්, ලොව පුරාත්, ඇමරිකාවෙත් සමථ සම්ප්‍රදායෙ
පෙර ගමන්කරුවන් වුණේ මේ චෛත්‍ය. ආධ්‍යාත්මික ශක්තිය විහිදුවන මේ චෛත්‍ය
ගොඩනැඟීම ධාන්‍ය බිජුවට තැන්පත් කරනව වගෙයි. පුහුණු මධ්‍යස්ථාන බවට
පත්වීමට ඒ තැන් පැන නැඟීම බිජුවට වපුරන්න සුදුසු වෙලාව එනතුරු ගොවිබිම්
සකස් කිරීම වගේ කටයුත්තක්.
ඉන්ක්වයරිං මයින්ඩ් :
විපස්සනා සම්ප්‍රදාය ගැන මගෙ අත්දැකීම අනුව ඇමරිකාවෙ පුහුණු කරන හැටියට
ගුරුවරුන් උපදෙස් දෙන්නෙ ආධ්‍යාත්මික ශක්‍යතා වර්ධනයට පටහැනිවයි. ඒත්
සමථයෙදි ඔබ කියාවි ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරනවයි කියල.
වෛද්‍ය තින් තින්:
ඔව්, අපේ භාවනා මාර්ගයෙ පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි ගුරුවරුන්ගෙ
වගකීම. ඒ වගකීම මඟින් ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වෙන්නෙ අධ්‍යාත්මික
ශක්තිය. ථෙරවාදී ධර්ම ග්‍රන්ථවල දිව්‍ය බල හැටියට හඳුන්වනු ලබන මේව
සීමාව ඉක්මවපු ලක්ෂණ යි. දිවැස්, අහසින් යෑම, සිත් කියවීම සහ දෙදෙනෙකු
හෝ තිදෙනෙකු ලෙස සිටීම, පුද්ගලයකුට එක ම මොහොතේ දෙතැනක හෝ තුන් තැනක
සිටීමට ඇති හැකියාව එවන් සීමාව ඉක්මවූ ලක්ෂණ යි.
මේ ගුරුවරුන් හුඟක් දුරට බෝධිසත්ත්ව වරු යි. මෙලොව ලෞකික ජීවිතාවසානයේ
ඒ අය ලෝකෝත්තරත්වයට පත් වෙනව. ඒ කියන්නෙ වෙනත් සීමා සහිත අමරණීයත්වයක්
ඇති ලෝකවල උපදිනව. ඔවුන් බුද්ධත්වයට පාරමිතා පුරන්නෙත්, පුහුණු
වෙන්නෙත් ඒ තැන්වල යි. ඒ එක්ක ම ඒ තැන්වල සිටිද්දී ම බෞද්ධ ඉගැන්වීම්වල
ආරක්ෂකයන් හැටියට ක්‍රියා කරනවා. ඔවුන් තමන්ගෙ ඉලක්කය සම්පූර්ණ වනතුරු
කල්ප ගණන් ඒවයෙම ඉන්නව. ඇත්තට ම පරිසමාප්ත අවබෝධය වෙත වූ මේ කියන
සුවිශේෂ ප්‍රගතිය බුරුමයෙන් පිටත අත්දකින් නෑ.
ඉන්ක්වයරිං මයින්ඩ්:
කොහොම ද මේ ජීවිතයෙදි ලබන අවබෝධය අධ්‍යාත්මික ශක්තීන්ගෙ වර්ධනයට
සම්බන්ධ වෙන්නෙ?
වෛද්‍ය තින් තින්:
විශේෂයෙන් අවුරුදු සියයකටත් ඉස්සර ලීඩ් සයදෝව් පරිවර්තනය කරපු ආගමික
ග්‍රන්ථවල සමහර කොටස්වල මෙහෙම තියනව. අවබෝධය ලබද්දී ම, අභිඥා වලත්
සංවර්ධනයක් ඇති වෙනව. ඒ කියන්නෙ හැම දෙනාම පෙනෙන, හැම දේ ම ඇහෙන සහජ
අවබෝධය සහ තමන්ගේත්, අනුන්ගේත් අතීත ජීවිත ගැන දැනුම යි. ඒ වගේ ම
දෙතැනක එකවර පෙනී සිටීම, අහසින් යෑම, බිත්ති මැදින් පසා කර ගෙන යෑමත්
ඒවට අයිතියි. විපස්සනා භාවනාව පුහුණු කරවන ගුරුවරුන් ලියාපු පොත්වල
ඉන්දියානු භාවනා ගුරුවරියක වන දීපා මා ගැන විස්තර කරල තියනව. ඇයට
කාටවත් නොපෙනී බිත්තියක් පසාරු කර ගෙන අල්ලපු කාමරයට යන්න පුළුවන් බව
සඳහන් කරල තියනව.
ඉන්ක්වයරිං මයින්ඩ්:
ඇත්තට ම ඔබ ඔබේ ම ගුරුවරුන්ගෙ අධ්‍යාත්මික ශක්තිය අත්දැකල තියනව ද?
වෛද්‍ය තින් තින්:
මම පළමුවෙන් 1984 දී ශවේ බව් ගියුං සයදෝව් හම්බ වුණු වෙලාවෙ එක්තරා
සිදුවීමක් වුණා. මම හීනයක් දැක්ක. ඒකෙන් කියවුණේ මගෙ හතර අවුරුදු පුතා
අනාගතයේ අනතුරකට මූණපාන බව යි. ඒ එක්ක ම මට උපදෙසකුත් ලැබුණ. එයින්
කියවුණේ පුතාගෙ ආරක්ෂාව පිණිස මෙතන කියවෙන සයදෝව් වෙතට ගෙන යන්න කියල
යි. අපි සයදෝව්ගෙ අසපුවට ආපු වහා ම මගෙ විඥාණයේ කිසියම් වෙනසක් ඇති
වන බව මට දැනුණ. ඒ වෙලාවෙ මට දැනුණෙ මම මේ ගුරුවරය හොඳහැටි සහ හෘදයංගමව
දන්නා බව යි.
එක් හැන්දෑවක අසපුව පැත්තෙ ඇවිදින්න යද්දී, එක තැනකදී මගෙ පුංචි පුතා
මොහොතකට නොපෙනී ගිහින්, ඒ එක්ක ම නැවත පෙනෙන්න හිටිය. ඊළඟ දවසෙ අපි
දවල් කෑම ගනිද්දී අමුත්තෙක් අපේ පුතා අඳුන ගෙන මෙහෙම කිවුව. “මම ඊයෙ රෑ
සයදෝව්ගෙ ගෙදර මිදුලෙ ඉන්නකොට මේ ළමයත් එතන හිටියනෙ.”
ඒ එක්ක ම තවත් කෙනෙක් විරුද්ධ වෙලා, “ නෑ නෑ, එහෙම වෙන්න බෑ” යි තර්ක
කළා. ඔහු තදින් ම කියා හිටියෙ මගේ පුතා මුළු හැන්දෑ කාලෙ ම සයදෝව් එක්ක
වෙන කොහෙ හරි තැනක ඉඳල තියනව කියල යි. ඒත් ඒ දෙන්න ම තමන් එක එක්කෙනා
හරි බව ඔප්පු කරන්න තර්ක කළා. හණිකට හැම කෙනෙක් ම නිශ්ශබ්ද වුණා.
අන්තිමට ඔක්කොම අඳුන ගත්ත. ඒක හැම දෙනාගෙ ම ජයග්‍රාහී මොහොතක්. පුදුම
යි! මේ කියාපු පුතා එක ම වෙලාවෙ දෙතැනක ඉඳල.
ඒ අත්දැකීමෙන් මගෙ පුතාගෙ ආරක්ෂාව ගැන මගෙ හිතේ තිබුණු අවධානය යි,
කනස්සල්ල යි තුනී වුණා. එයින් මට තහවුරු වුණේ ඔහු මගේ ම කර්මානුරූප
අතීතයට හැම අතින් ම සම්බන්ධ විදිහට හැඩ ගැසුණු සුවිශේෂ ගුරුවරයකු බව
යි.
ඉන්ක්වයරිං මයින්ඩ්:
ඔබ මේ අධ්‍යාත්ම මූලික මාර්ගයෙ අංගයක් බව ඔබේ ශිෂ්‍යයන් දන්නව ද? ඒ අතර
ම ඔබ ඒව හෝ අධ්‍යාත්මික ක්‍රියාවලියෙ යම් කොටසක් ඔවුන්ට උගන්වනව ද?
වෛද්‍ය තින් තින්:
මාත් එක්ක හොඳට ම ළඟින් ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සහ අනික් හිතවත්
ශිෂ්‍යයනුත් ඒ ගැන දන්නව. මගෙ පිළිවෙත් හරි පුහුණුවීම් ඒ අයටත් උගන්වනව
ද කියල ඇහුව නේද? ඒකට දෙන්න තියන උත්තරය, “ඔව්, නෑ.” කියන එකයි.
ඉන්ක්වයරිං මයින්ඩ්:
මේ අධ්‍යාත්මික සංවර්ධනය ප්‍රගුණ කිරීම ගුරුවරුන්ට හුගක් වැදගත් වෙනව
ද?
වෛද්‍ය තින් තින්:
ගුරුකුලේ යුතුකම් නොකඩවා පවත්වා ගෙන යෑමට මේ වගේ දක්ෂකම් ගුරුවරුන්ට
තිබීම වැදගත්. ඒත් මධ්‍යස්ථානයෙ ඉන්න සියලු ම ගුරුවරුන් ඔවුන්ගේ
අධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගෙන නෑ. ඇමරිකන් ශිෂ්‍යයන්ට අධ්‍යාත්මික
පුහුණුවෙදි ඉගැන්වීම ගැන මම හුඟක් පරිස්සම් වෙනව.
ඒකට හේතුව ඒව ග්‍රහණය කර ගන්න තරම් ඔවුන්ට සංස්කෘතික පසුබිමක් නෑ. ඒ
වගේ ම ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් ඇති කර ගන්නවත්, බුරුමයට යන්න අත
දෙන්නවත් විදිහක් නෑ. අධ්‍යාත්මික බල, අධ්‍යාත්මික ගුරුවරුන්, සමථ
ගුරුවරුන් ආදියෙන් බුරුම ජනතාව සමෘද්ධිමත්. බුරුම ජනතාවගෙන් හුඟ දෙනකු
සමහරවිට ඒ ගුරුකුලයට හෝ සම්ප්‍රදායකට නැතත්, සමථ ගුරුවරුන්ට ගරු
බුහුමන් දක්වන්න යනව. බුරුමය තරයේ ම උපකාරක, සමාජශීලී සහ ආගමික
පසුබිමක් ඇති රටක්. තම තමන් එකෙකා දියුණු වෙන්න අධ්‍යාත්මික පුහුණුව
ප්‍රගුණ කරන අයට, මෙහෙදි නම් ඇත්තට ම මට පෙනෙන්නෙ ඒ ක්‍රමය සුදුසු නොවන
බව යි. මගේ හුඟක් ශිෂ්‍යයන් බුදුදහම ඉගෙන ගන්න අපේ මධ්‍යස්ථානයට එනව.
ඔවුන් ශික්ෂණයට සතිපට්ඨානය පුහුණු වෙනව. ඒ මඟින් ඔවුන්ගෙ ජීවිතයෙ
ස්ථාවරත්වය බලාපොරොත්තු වෙනව. අධ්‍යාත්මික කාරියක වගකීමක් ඔවුන්ට
හඳුන්වා දීමෙන් ඔවුන් මෙහෙට ආපු පරමාර්ථයෙන් ගිලිහිලා ගිහින් අවුලකට
වැටෙන්නත් පුළුවනි.
ඉන්ක්වයරිං මයින්ඩ්:
ගුරුවරුන් බෝධිසත්ත්ව මාර්ගය අනුගමනය කරන බව ඔබ කියල තියනව.
මහායානිකයන් තමන් ථෙරවාදී සම්ප්‍රදායෙන් වෙන් කරල හඳුන්වා ගන්නව.
ථෙරවාදි සම්ප්‍රදායෙදි පුද්ගලයකු හුදෙක් තමන්ගේ විමුක්තිය ගැන පමණක්
සිතා ක්‍රියා කරන අතර මහායානිකයා හුදෙක් තමන් ගැන පමණක් නොසිතා
අනුන්ගේත් විමුක්තිය සඳහා වෙර දරන බව කියනව. ථෙරවාදී සහ මාහායාන
සම්ප්‍රදාය දෙකේ එක වෙනසක් නේද ඒක?
වෛද්‍ය තින් තින්:
ඔබ ඒ ප්‍රශ්නය අහනවට මම හුඟක් කැමති යි. ඒ මොකද කියනව නම්, අපරදිග
ථෙරවාද සම්ප්‍රදාය තුළ, බෝධිසත්ත්ව මාර්ගය ඒ තරමට ම නොදන්නව විතරක්
නොවෙයි, අමතක කරල. ථෙරවාද සම්ප්‍රදාය අනුව පුද්ගලය කැමති නම්, අර්හත්
මාර්ගය හරි, බෝධිසත්ත්ව මාර්ගය හරි දෙකින් එකක් තෝරා ගන්න පුළුවනි.
ඉන්ක්වයරිං මයින්ඩ්:
සමථ මාර්ගය පුහුණු කරන අය ජපන් සෙන්, නැතිනම් තිබ්බත බෞද්ධයන් ප්‍රගුණ
කරන බෝධිසත්ත්ව ගිවිසුමට එකඟ වෙනව ද?
වෛද්‍ය තින් තින්:
ගිවිසුමක් තියනව. ඒත් එතනදි යෙදෙන්නෙ එක ම වචන නොවෙයි. අත්‍යවශ්‍ය
මූලික දේ පමණ යි. මහා පරිමාණ බුරුම සමාජයෙ බෝධිසත්ත්ව ගිවිසුම හෝ
දිව්රීම, මහායාන බුදුදහමෙ වගේ නිතර නිතර හෝ බහුල ලෙස කියවන්නෙ නෑ. ඒත්
වුවමනා නම් කියවල දිවුරන්න අවස්ථාව තියනව. මේ තරම යි කියන්න බැරි තරම්
ගිහි පරිස යි, අසූ නවයක් ඓතිහාසික සමථ ගුරුවරුන්ගෙන් වැඩි දෙනකු යි
බෝධිසත්ත්ව ගිවිසුම අනුව දිවුරල තියනව. මෙයින් පැහැදිලි වෙන්නෙ මේ
ගුරුවරුන් එහෙම දිවුරුවෙ ඔවුන්ගෙ දිව්‍ය ඥානය නිසා කියල යි. ඒ වගේ ම
ඔවුන් වෙත තිබුණු සුව කිරීමේ බලයත් එක් හේතුවක්. ඔවුන්ට අනුගාමිකයනුත්
ආකර්ෂණය වෙනව. සමහර දෙනකුට අතීත කුසල කර්මයන්ගෙ බලපෑමක් තියනව. එක්
ජීවිත කාලයකට පස්සෙ එකක් ගණනෙ හීන මඟින් සහ හැබහින් පෙනිලත් ඔවුන්ගෙ
ඊළඟ ගුරුවරය කවුදැ යි කියනව. එයින් සහතිකවෙන්නෙ බුදුදහමෙ ඉගැන්වීම්
දිගින් දිගට පවත්වා ගෙන යන්න සෑහෙන තරම් වැදගත් විශාල අනුගාමිකයන්
පිරිසක් ඉන්න බවනෙ.
මගෙ ගුරුතුමා වන ශ්වේ බෝ ගියුං සයදෝව් තුමාගෙ පිහිට පතා ගෙන මිලියන
ගණන් ජනතාව අවුරුදු හතළිහක්, පනහක් තිස්සෙ ගිහින් තියනව. මගේ
ගුරුතුමාගෙ ජීවිත කාලය තුළ එයා ළඟට පළමුවෙන් ගිය පිරිස සමාජයෙන් කොන්
කරල තිබුණු අය. ඒ කියන්නෙ අපරාධකාරයන්, නීතියෙන් දඬුවම් ලැබූ අය, අනාථ
පිරිස්, සාහසිකත්වයට ගොදුරු වීමෙන් පීඩාවට පත් වුණු ඉතා දුප්පත්
ගැමියන් වගේ අය යි. එතුමා තුන් සරණය, පන්සිල් සහ මත්පැනින් සහ රතු
මසින් (ගව හා එළු මස්) වැළකීම වගේ මූලික පිළිවෙත් ඉගැන්නුව. ඒ වගේ ම
තමන්ට පහසුවෙන් සැලසුම් කළ ඛ්කි මන්ත්‍ර, පිරිත් ගැයීම සහ මෛත්‍රී
භාවනාවත් නියම කළා. අපරාධකාරයන් පමණක් නොවෙයි, හදි හූනියන්කාරයන් වෙන්න
හිටපු අයත් ඒව අත්ඇරල එතුමා අනුව ගියා. මගෙ ගුරුතුමා පවා තදින් මත්පැනට
ඇබ්බැහිවූවන් එයින් මුදා ගෙන සුවපත් කළා. බේබදුකමට ඇබ්බැහි වෙන්න හිටපු
අයත් ඉන් මුදා ගත්ත.
සයෙදොව් වින් එයාගෙ මධ්‍යස්ථානෙ වටා තිබුණු දුප්පතුන්ගෙන් පිරුණු ගම්
මැද්දෙ විදුහල් සහ චිකිත්සාගාර පිහිටුවල තියනව. එයාගෙ මුළු මධ්‍යස්ථානය
ම ජනගහනය 500 – 1000 තරම් ඉන්න ලොකු ගමක් වගෙයි. ඒකෙ දරුවන් උපදිනව,
හැදෙනව, වැඩෙනව, තරුණ තරුණියන් ආවාහ විවාහ වෙනව. ඇත්තට ම ඒ විදිහට
බුදුදහමෙ දැක්වෙන සමාජ අංගෝපාංග ඉහළළින් ම ප්‍රදර්ශනය වෙනව, ප්‍රායෝගික
වෙනව, ඒ වගේ තැන් බුරුමයෙ විදර්ශනා මධ්‍යස්ථානවල දර්ශනයට වඩා හුඟක්
වෙනස්. බුරුමයෙදි ඔවුනගේ භාවනා පුහුණුව යොමු වෙලා තියෙන්නෙ පුද්ගලයගෙ
අභ්‍යන්තරයට. ඒ සම්ප්‍රදාය විපස්සනානෙ.
ඉන්ක්වයරිං මයින්ඩ්:
මට හිතෙනව සමථ මාර්ගයෙදි ජනතාව ඒකට ඇදිල යන්නෙ සිහින, නැති නම් සුන්දර
දර්ශන ඔස්සෙ වෙන්නැති. කියල.
වෛද්‍ය තින් තින්:
YouTube
(යූටියුබ්) සම්බන්ධ මේක තමයි සමහර විට මිහිතලය මත තියන අද්විතීය
සහ ප්‍රතිඵලදායක සන්නිවේදන ක්‍රමය. ගෝලයන් ඉපදිලා ඉන්නෙ බුරුමයෙ වුණත්,
ඒ ඇරෙන්න ලෝකෙ වෙනත් ඕනැම රටක වුණත්, ඔවුන් තමන්ගෙ ගුරුවරුන්
අමතන්නෙ
YouTube ක්‍රමයට තමයි. ඒකත් කොහොම ද කිවුවොත්, හරියට මුළු ලෝකෙ ම
තමන්ගෙ එක මිටට ගත්ත වගෙයි. ඒක හරියට යෝධ දූත මෙහෙවරක් වගෙයි. ගෞතම
බුදුන් වහන්සෙ ඒක කල් ඇතුව කියල තියනවනෙ. ඊළඟට මෛත්‍රී බුදුන් උපදින
තුරු තමන්ගෙ දේශනාව ආරක්ෂා කර ගන්න බෞද්ධයන් උත්සාහ නොකළොත් එය
පවතින්නෙ අවුරුදු 2500 ක් විතරයි කියන එක උන්වහන්සෙ කියල තියනව. ඒ නිසා
ගුරුවරුන්ගෙ දූත මෙහෙවර වෙන්නෙ, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් එක දිගට
පවත්වාගෙන යෑමට ආරක්ෂකයන් හැටියට ක්‍රියා කිරීම යි. අනුගාමිකයන්ව
අධ්‍යාත්මිකව සම්ප්‍රදායට නැති නම්, ගුරුකුලයට ආපහු ඇද ගනු ලබන්න
පුළුවනි.
ඉන්ක්වයරිං මයින්ඩ්:
ඔබ කියනව සූදානම් අය අවබෝධය ලබාවි කියල. සමථ සම්ප්‍රදාය සම්බන්ධයෙන්
අවබෝධය ගැන ඔබේ අදහස් මොන වගේ ද?
වෛද්‍ය තින් තින්:
හරි, ඇත්තට ම බෞද්ධ සම්ප්‍රදාය තුළ අපි ඉගෙන ගෙන තියනව අපි ආත්ම
ගණනාවක් කල්ප ගණනින් සංසාරෙ සැරි සරල තියන බව. ඒ වගේ ගණනකින් කියන්න
බැරි තරම් ආත්ම ගණනාවක් තිස්සෙ, නොයෙක් මට්ටමින් එකතු කර ගත් පාරමී ඇති
අය ඉන්නව. ඇති තරම් පාරමී එකතු කර ගෙන මේ ආත්මෙදි ම අවබෝධය ලබන්න
සූදානම් අය ඉන්නව. සමථ මාර්ගයෙදි ගුරුවරයට පුළුවනි, තමන්ගෙ ගෝලය කොයි
තරම් දුරට පාරමි පුරල තියනව දැ යි දැන ගන්න. කොහොම වුණත් ගුරුවරය
සුදුසු පුද්ගලය දැන ගෙන එක විදිහකින් නැති නම්, තවත් විදිහකින් අවබෝධය
ලබා ගන්න දිරි ගන්වනව. එය බුදුන් වහන්සේ ජීවත්ව හිටපු කලෙ කථාන්දර වලට
අනුව විශාල පිරිසක් අතරින් සුදුසුතම පුද්ගලය තෝර ගනිද්දී ඒ මොහොතෙ ම
නිවන් දකින්න පුළුවන් වෙයි කියල හිතපු පුද්ගලය හරියට ම දැන ගැනීමට හැම
අතින් ම සමාන යි. එහෙම වෙලාවට බුදුන් වහන්සෙ ඒ විදිහට තෝර ගන්න
පුද්ගලයට උපදෙස් දෙනව. ඊට පස්සෙ හිටිවන ම අවබෝධය ලැබෙන හැටියට විශේෂ
අවස්ථාවක දී ධර්මය දේශනා කරනව. එතැනදී ඒ අතර ඉන්න අනික් අයටත් තම
තමන්ගෙ තරමට යහපතක් වෙනව.
මගෙ ගුරුතුමා මෙලොව ජීවිතය අත්ඇරල ගියත්, බුරුමයෙ එයාගෙ ගෝලයන්ගෙන් අති
බහුතරයක් තවමත් හුඟක් දුරට ආගමික ජීවිතයක් ප්‍රගුණ කරමිනුයි ඉන්නෙ.
දහයක් නැති නම්, ඒ තරම් ගණනකින් වැඩි හරියක් උප මධ්‍යස්ථාන හීනෙන්
පෙනිල හරි, ඇත්තට ම පෙනිල වගේ හරි එතුමා විසින් මෙහෙයවනු ලබනව. ඒ අය
දියුණුවක් ලබන්නෙ ඒ හැටියෙනුයි. කොහොම වෙතත් ගුරුවරය, තමා ප්‍රකෘති
පුද්ගල හැටියට පෙනී හිටින්නෙ නෑ. ඒ වගේ ම තමයි මාත් මෙහෙයවනු ලබන්නෙ.
මගේ අධ්‍යාත්මික කණ්ඩායමේ ශිෂ්‍යයන් සුළු පිරිස මෙහෙයවෙන්නෙත් එහෙම යි.
තමන්ගෙ ශිෂ්‍යයන්ගෙ අවබෝධය නැති නම්, විමුක්තිය තමයි ගුරුවරුන්ගෙ අවසාන
ඉලක්කය. අපේ ගුරුවරුන් අප මෙහෙයවන්නෙත්, අවබෝධය වෙත පමුණුවන්නෙත්
ඔවුන්ගෙ අභිඥා බලයෙන්. එනම් දිව්‍ය ඥානයෙන්.
ඉන්ක්වයරිං මයින්ඩ්:
සමථය ප්‍රගුණ කරන හැම දෙනාට ම ඒ පුහුණුවේ ඉලක්කය අවබෝධය (විමුක්තිය )
ද?
වෛද්‍ය තින් තින්:
ඔව්, නියතයෙන් ම එහෙම යි. ඒ ගැන ප්‍රශ්නයක් නෑ.
ඉන්ක්වයරිං මයින්ඩ්:
සමථ හෝ සමාධි පුහුණුව අවබෝධය වෙත මෙහෙයවන්නෙ නැහැ යි සමහර දෙනා විවේචනය
කරල තියනව. ඔබ කොහොම ද ඒ විවේචනයට ප්‍රතිචාර දක්වන්නෙ?
වෛද්‍ය තින් තින්:
සමථ පුහුණුවෙන් පමණක් අවබෝධය වෙත මෙහෙයවෙන්නේ නැති බව ඇත්ත. ඒත් එයින්
පුද්ගලයාට අවබෝධයට පදනම සූදානම් වෙනව. මගෙ ගුරුවරය එයාගෙ දේශනයකදී
මෙහෙම කිව්ව. “විපස්සනාව විදුලි පන්දමේ බල්බය වගෙයි.
සමථය විදුලි පන්දමේ බැටරිය වගෙයි. ඇත්තට ම ආලෝකය දැල්වෙන්න නම්, බල්බය
ඕනැ. ඒත් ඒ වගේ ම බල්බයට විදුලි බලය එන්න නම් බැටරිය ඕනැ.” සමථ
පුහුණුවෙ බලය පුද්ගලයා නියම ගුරුවරයකු වෙත සහ අවබෝධයට මෙහෙයවන නිවැරදි
අත්දැකීම් වෙතත් යොමු කරනව. ඒ නිසා සමථය අවබෝධය පහසු කරන ඉතා ම බලවත්
මාර්ගයක්. සමථ පුහුණුව ඔබේ පාරමී ධර්ම බලය වේගවත් කරන්නක්. කොහොම ද
කියනව නම් කන්දක්, නැතිනම් පඩි පෙළක් නඟිද්දී ඇවිද ගෙන යනව වෙනුවට
විදුලි සෝපානයක් ලැබුණ වගෙයි. |