Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
සදහම් දැනුම

 

ප්‍රශ්නය
පුද්ගලයා සමාජගත වීමෙහිදී එකිනෙකා හමුව ‘සුහද’ හමුවීමක් විය යුතුය. දෙදෙනකු අතර ප්‍රසන්නශීලි හමුවක් වීම සඳහා මාහැඟි ගුණ හයක් බුදු සිරිතෙහි දක්නට ලැබෙයි. මෙම සද් බුදු ගුණයන් මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුරු :–
දී:නි: සෝණදණ්ඩ සූත්‍රාගත දේශනාවන්හි සෝණදණ්ඩ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෙසේ සඳහන් කරයි. සිද්ධාර්ථ ගෞතමයන් හමුවීමට අපම යායුතුය. එසේ හමුවීම සඳහා හේතු වන කරුණු විසි හතක් දක්වන අතර ඒවා අතරින් සද්ගුණ හයක් හඳුන්වා ඇත.

1. ගෞතමයන් වහන්සේ ඒහි සාගතවාදීය.
ආගන්තුකව පැමිණෙන්නා යහපත් පැමිණීමක් කියා පිළිගන්නෙකි.
2. ගෞතමයන් වහන්සේ සිඛිලෝය. කණට මිහිරිබව දනවන කථාබහ කිරීමේ දක්ෂයෙකි.
3. ගෞතමයන් වහන්සේ සම්මෝදකෝය. සතුටුසාමිචි පිළිසඳරේ යෙදෙන්නෙකි.
4. ගෞතමයන් වහන්සේ අබ්හාකූටිකය . තරහෙන් බමු හැකිළීම නොකරන්නෙකි.
5. උත්තාන මුඛය කථාබහට පි‍්‍රය මනාප වූ උතුමන් වහන්සේ නමකි.
6. ගෞතමයන් වහන්සේ තමන් පළමුවෙන්ම කථාකරන්නෙකි.

ප්‍රශ්නය ගින්න (අග්නි) භාරතීය බ්‍රාහ්මණ සංස්කෘතියෙහි .පූජනීය වස්තුවකි. සාවද්‍ය ආගමික සංකල්පයක් වූ අග්නි පූජාව සම්‍යග් සංකල්පයක් ලෙස බුදුන් වහන්සේ ‘අග්නි’ පූජාව යොදාගත් අයුරු සූත්‍ර දේශනාවල සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
ගින්න බ්‍රාහ්මණ සංස්කෘතියට අනුව පූජනීය වස්තුවක් ලෙස නොනිවා ආරක්‍ෂා කරයි. බුදු දහම එම සංකල්පය සංකේතයක් වශයෙන් යොදා ගනිමින් පිදිය යුතු ගිනි තුනක් හඳුන්වා දෙති”

1. ආහුණෙය්‍ය ගින්න

දෙමව්පියන් –අඹුසැමි දැසිදසුන් දූ – පුතුන් ආදින් පිදිය යුතු වේ.

2. ගෘහපති ගින්න

ගෘහපති යුතුකම බැඳී පවතින්නේ අඹුදරුවන් සහ සේවක ජනයා වෙත හෙයින් ගෘහපතියාගේ ප්‍රදානයන් ලබන ගින්න ගහපති අග්නිය ලෙස හැඳින්වෙයි.

2. ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස මද මානාදියෙන් තොරව ආත්ම දමනයෙහි නිරත වන හෙයින් දක්ඛිණ්‍යෙ (අග්නි) ගින්න ලෙස සැලකේ.

ප්‍රශ්නය
“යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝර මෙසිනො” ගිහිගෙයි වසන්නාවූ සැදැහැවත් යම් ගිහියෙකු හට මේ කරුණු සතර ඇත්නම් මෙලොව හා පරලොව දෙක්හිම ශෝක නොකරයි. ගෘහස්ථ ජීවිතයෙහි අනුගමනය කළයුතු මේ ප්‍රතිපත්ති මොනවාද?

පිළිතුර
සත්‍යය – දමනය – පරිත්‍යාගය –ඉවසීම

ප්‍රශ්නය
බුදු දහමට අනුව “සබ්බත්ථ මපරාජිතා” අපරාජිත ජීවිතය බෙහෙවින් අගය කරයි. එසේම පුද්ගල පරාභවය (පිරිහීමට හේතුවන කරුණු අතර තයො පටික්ඛ්‍යො” තමා විසින් ප්‍රතික්ෂේප කළයුතු කරුණු තුනක් අවධාරණය කොට ඇත. ඒ මොනවාද?

පිළිතුර
ස්වකීය ආධ්‍යාත්මික ජීවිතය පරිහානියට හේතුවන කරුණු තුනක් ප්‍රතික්‍ෂේප කොට ඇත.

1. මහිච්ඡතා – (අසීමිත ආශාව)
2. අසන්තුට්ඨිතා - (තෘප්තිමත් නොවීම)
3. අමත්තඤ්ඤතා – (පමණ නොදැනීම)

ප්‍රශ්නය
බුදු දහම ප්‍රපංච යනුවෙන් සඳහන් කරන ධර්ම කරුණු මොනවාද?

පිළිතුර
ප්‍රපංච හෙවත් මනසෙහි ඇතිවන විවිධාකාර විපරීත විශේෂතා තුනක් “තීනි පවටමානි” යනුවෙන් සඳහන් වෙයි. එනම් තණ්හා - දිට්ඨි- මානවේ.

ප්‍රශ්නය
ශ්‍රී මහා බෝධියට මඳක් උතුරු දෙසින් පිහිටි ගල්කණු රාශියකින් සමන්විත නටබුන් වූ ගොඩනැගිල්ල ලෝවාමහාපාය නම්වේ. මහල් නවයකින් යුක්ත මෙම ගොඩනැගිලි වහල සෙවිලි කරන ලද්දේ තඹ උළුවලින්ය.

ඊට ලෝවාමහාපාය හෙවත් ලෝහ ප්‍රාසාද යන නම ව්‍යවහාර වූයේද මේ උළු සෙවිලි කරන ලද බැවිනි. කසා තොටටත් දිඹුලාගලටත් දර්ශනය වූ ලෝවාමහාපාය එකල ලංකාවේ පැවති උසම ගොඩනැගිල්ල විය. මෙම ඓතිහාසික නිර්මාණයේ නිර්මාතෘවරයා කවරෙක්ද කුමන අරමුණක් සඳහා මෙම විශිෂ්ට නිර්මාණය කරන ලද්දේද?

පිළිතුර
මහා සංඝයා වහන්සේගේ ආවාස ගෘහයත් පොහොය ගෙයත් ලෙස භාවිත වූ මේ ප්‍රාසාදය දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලදුව සද්ධාතිස්ස රජු දවස පහනකින් නැගුණු ගින්නකින් විනාශ වූයේ පසුව සද්ධා තිස්ස රජතුමා සත් මහල් කොට තැන වූයේය. පළමුවන සිරිනාග රජතුමා මේ ප්‍රාසාදය පිළිසකර කරවා පස් මහලක් කොට නැවත තැනවීමෙන් පෙනෙන්නේ ක්‍රමයෙන් ප්‍රසාදය අවනතියට පත්බවයි.

ප්‍රශ්නය :- ගෘහ ජීවිතයෙහි සුවසෙත පිණිස පවත්නා චතුර්විධ වූ සම්පදාන මොනවාද?

පිළිතුර
ගිහි දිවියෙහි යහපත පිණිස පවත්නා කරුණු හතරක් ලෙස සද්ධා සීල චාග හා පඤ්ඤා යන සම්පදා හතර දැක්වේ. සද්ධා නම් බුද්ධත්වය කෙරෙහි ඇති විශ්වාසයයි. ශීලය නම් ගෘහස්ථයන් පංචශීලය රැකීමයි. චාග නම් ලෝභකම් දුරලා පරිත්‍යාගශීලිව සිය සම්පත් වෙනත් අය සමගද බෙදා හදාගෙන භුක්ති විඳීමේ කැමැත්තයි. ධර්මයන්ගේ උප්පාද හා වය ලක්‍ෂණ පිළිබඳ අවබෝධය වශයෙන් හැඳින්වෙයි. දුක් කෙළවර කිරීම සදහා පවතින ප්‍රඥාව සිව්වන සම්පදාවයි.

ප්‍රශ්නය
ආනන්දය, “සුභද්‍ර” ට මා වෙත පැමිණීමට ඉඩදෙන්න. ඔහු මා වෙහෙසට පමුණුවන්නෙක් නො වේ. තවදුරටත් කරුණු විමසා සැක දුරු කර ගැනීමට පැමිණ සිටී. මේ සිදුවීම කුමක්ද?

පිළිතුර
කුසිනාරා නුවර විසු “සුභද්‍ර” නම් පරිබ්‍රාජකයෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැද තමා තුළ උපන් සැකයක් දුරු කර ගැනීම පිණිස පැමිණියේය. ඔහු තථාගතයන් වහන්සේ දක්වන සේ තෙවරක් කී නමුත් තථාගතයන් වහන්සේගේ අවසන් මොහොත වෙහෙසකර වනු අක මැති ආනන්ද හිමියන් ඔහුට අවසර නුදුන්හ. මේ දෙදෙනාගේ කථාව අසා සිටි බුදුරජාණන් වහන්සේ සුභද්‍ර පිරිවැජියා කැඳවන ලෙස අනඳ හිමියනට නියම කළහ.

ප්‍රශ්නය
වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එහෙයින් සිහියෙන් යුතුව නොපමාව නිවන පිණිස වූ සියලු කටයුතු සපුරාගන්න.

මෙම බුද්ධ වචනය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට මොහොතකට කලින් “මහණෙනි දැන් තොප අමතමි” යනුවෙන් ඉහත සඳහන් අවවාදය දේශනා කළහ. එම දේශනය අවසාන බුද්ධ වචනය වශයෙන් බුදු සිරිතට එකතු විය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.