අලුත්ගම මුල්ලපිටිය 
			ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරය
			
			 
				
					| 
					 
					  
			චෛත්‍යය  | 
				 
			 
			
			අලුත්ගම,
			හෙට්ටිමුල්ල හන්දියෙන් හැරී කන්දේ විහාරය මාර්ගයේ කිලෝමීටර එකක් පමණ 
			ගමන් කිරීමේ දී මුල්ලපිටිය ශ්‍රී ස්වර්ණබිම්බාරාම පුරාණ විහාරයට ළඟා 
			විය හැකිය. 
				
					
						| 
						 
						  
			විහාර මන්දිරය  | 
					 
				 
			 
			
			වර්ෂ 1890 දී ඇරඹි මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති ඉපැරණිම පූජනීය පින් 
			බිමකි. එසේම බොදු ජනතාවගේ සියලු වැඳුම් පිඳුම් කටයුතු සඳහා සකස් වී ඇති 
			බෞද්ධ මධ්‍යස්ථානයකි. වස්කඩුවේ මේධාවී තිස්ස නායක ස්වාමින්ද්‍රයන් 
			වහන්සේගේ දැඩි කැපවීම හා නොපසුබස්නා උත්සාහය මෙම විහාරස්ථානය ඇරඹීමට 
			හේතු වූ බව වත්මන් විහාරාධිපති පෝහද්දරමුල්ලේ වජිරඥාන හිමියෝ පවසති. 
			වස්කඩුවේ විදුරජෝති තිස්ස හිමි හා වරාපිටියේ පියනන්ද හිමිවරුන් ද මෙම 
			විහාරස්ථානය සංවර්ධනය කිරීම උදෙසා කළ ඇති මෙහෙය අති විශාලය. 
			විහාරස්ථාන භූමියේ ඉදි කොට ඇති විහාර මන්දිරය කොටස් දෙකකින් යුක්තය. 
			එහි ප්‍රධාන කොටස බුද්ධ ප්‍රතිමා වහන්සේ කිහිප නමකින් හා දුර්ලභ චිත්‍ර 
			නිර්මාණ රැසකින් පිරී ඇත. එය 1890 දී නිර්මාණය කර තිබේ. විහාර මන්දිරයේ 
			දෙවැනි කොටස වත්මන් විහාරාධිපති පෝහද්දර මුල්ලේ වජිරඥාන හිමියන්ගේ 
			අනුශාසනා පරිදි දර්ශනීය බිතු සිතුවම් හා මූර්ති රැසකින් යුතුව නිමවා 
			තිබේ. බුදු දහමේ දර්ශනය තාර්කිකව විමසන විශාල ප්‍රමාණයේ චිත්‍ර තුනක් 
			හා විසිතුරු බුදු සිරිතේ සිද්ධි ගණනාවක අර්ධ මූර්ති රැසක් මෙම විහාරයේ 
			නිම කර ඇත. එසේම ධම්ම පදයේ සඳහන් බොහෝ අවස්ථා චිත්‍ර ලෙසින් ජීවිතය 
			පිළිබඳව විමසන්නට නිර්මාණය කළ බව විහාරාධිපති හිමියෝ පවසති. 
				
					
						| 
						 
						  
			සිදුහත් උපත පිළිබිඹු වන අලංකාර මූර්තියක්  | 
					 
				 
			 
			
			විහාර මන්දිරය, සංඝාවාසය, ධර්ම ශාලාව බෝධි ප්‍රාකාරය ඇතුළු ගොඩනැගිලි 
			සියල්ල නිර්මාණශීලී ලෙස නිමවා ඇති මෙහි අට විසි බුදුවරුන්ගේ ප්‍රතිමා ද 
			නිර්මාණය වෙමින් පවතී. සංචාරක පුරවරයක් ආශ්‍රිතව පිහිට මෙම විහාරස්ථානය 
			ප්‍රදේශයේ දැකුම්කළු පූජනීය පින් බිමකි. 
			 
			ඡායාරූප හා සටහන  
			කපිල කුලසිංහ 
			කටුකුරුන්ද සමූහ 
			  
			  
			  
			  
				
					
					  
			බෝධි ප්‍රාකාරය | 
					
					  
			අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ | 
					
					  
			බිතු සිතුවමක් | 
				 
			 
			
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			   |