අසිරිමත්
බුදු වදන්
තැඹිලිපොල රාජ මහා විහාරාධිපති
කර්මවාගාචාර්ය
ධර්ම කීර්ති ශ්‍රී සීලරතන
නාමල්වත්තේ ශ්‍රී ආනන්ද හිමි
සම්බුද්ධ දේශනා විලාසයෙහි තවත් වැදගත් ලක්‍ෂණයක්
වන්නේ මධුර ස්වරයයි.
හඬෙහි මිහිරි බවයි.
ඕනෑම අයකු ගේ කනට මිහිරක් ඇති කිරීමේ සමත් මේ ලක්‍ෂණය දෙතිස් මහා පුරුෂ
ලක්‍ෂණ
වලින් ද එකකි. කුරවීක භාණී
සකුනරභාණී ආදී නම් වලින් ද මෙය හැඳින්වේ. මිහිරි කෝකිල කූජනය පරයන
සුගම්භිර සුලලිත සුභාෂිත මධුර හඬක්
බුදුරදුන් සතුවිය.
තමන් සතු
දැනුම සරලව පැහැදිලිව අර්ථවත්ව වෙනත් අයකුට ප්‍රකාශ කළ හැකි පුද්ගලයන්
ලොව වෙසෙන්නේ අල්ප වශයෙනි. එයින් ද තම දේශනයට ශ්‍රාවක සවන් වසඟ කරවා
හදවත පහන් කිරීමට සමත් පුද්ගලයන් සෙවීම ඉතා විරලය.
බුදුපියාණන් ගම් නියම්ගම් සැරිසරා සිව්වනක් පිරිසට ඉතා ව්‍යක්ත ලෙස දම්
දෙසූ සේක. ඒවා අර්ථ ව්‍යඤ්ජන සහිතය. ශ්‍රාවක සිත් පහන් විය. බුදු
මුවින් වෑහෙන සෑම වදනක්ම ශ්‍රාවක සවනට අමා දහරක්ම විය. බුදු රදුන්
විසින් තම දේශනා සඳහා යොදාගත් බස ඉතා සරල, සුගම, අර්ථ සම්පන්නය. පෙළ
පොතෙහි “අනේක පරියානේන ධම්මො පකාසිතෝ ” යනුවෙන් සඳහන් ආකාරයට සම්බුද්ධ
දේශනාවෙහි සුවිශේෂ ලක්‍ෂණයක් වන්නේ එකම කාරණය විවිධ අයුරින් දේශනා
කිරීමයි.
කරුණු ඉදිරිපත් කිරීමේදී වරෙක හකුළුවා (කෙටියෙන්) කීමත් වරෙක සවිස්තරව
ඉදිරිපත් කිරීමත් ධර්ම ග්‍රන්ථවලින් දැකිය හැක. කෙටියෙන් කිවයුක්ත
විස්තරව කීමත්, විස්තරව කිවයුත්ත හකුළුවා කීමත් දේශකයාගේ දුර්වල කමකි.
එකී දුබලතාව බුදු පියාණන් ගේ දේශනාවල දක්නට නැත.
බුදු රජාණන් වහන්සේගෙන් දම් ඇසූ සැම දෙන ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.
ඉතා දැඩි තීර්ථක මතයන්හි එල්බ සිටි අය පවා අතිශය පැහැදීමට පත්වූ බව
පෙනේ. භවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේගේ දේශනය ඉතා යහපත්ය. යටිකුරු කරන
ලද බඳුනක් උඩුකුරු කළාක් මෙන්ද වසා තැබූවක් විවර කළාක් මෙන්ද මංමුළා
වූවෙකුට මඟ පෙන්වූවාක් මෙන්ද අඳුරට පහනක් මෙන්ද ඔබ වහන්සේ විසිතුරු කොට
දම් දෙසූහ. මම අද පටන් දිවි ඇතිතාක් තෙරුවන් සරණ යමි යනුවෙන් ඔවුහු
සතුට ප්‍රකාශ කළහ.
බුදු දහමේ නිර්මාණශීලිත්වයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කථාවේ හා
ක්‍රියාවේ නිර්මාණශීලී බවෙන් ලෝකය ජයගත හැකි බව ධර්ම ග්‍රන්ථ පරිශීලනය
කිරීමෙන් පැහැදිලි වෙයි. “විචින්න පටිභාණී” යනුවෙන් බුදු රජාණන් වහන්සේ
හඳුන්වා ඇත. මෙලෙස දැක්වෙන්නේ උන් වහන්සේගේ විචිත්‍ර දේශනා විලාශයයි.
මෙහි ලක්‍ෂණය වන්නේ යම් අයෙකුට තම දේශනය නො වැටහුනේ නම් විමසා බලා එය
නැවැත නැවැත දේශනා කිරීමයි.
දිනක් උපාලි ගෘහපතියා හා බුදු රදුන් අතර ධර්ම සංවාදයක් ඇතිවිය.
සම්බුද්ධ දේශනය මුලින්ම තමන්ට වැටහුණු බවත් ඒ බව නොදන්වා සිටියේ බුදු
රජාණන් වහන්සේගේ විචිත්‍ර ප්‍රශ්න විසර්ජනයට තමා වඩාත් ප්‍රිය කරන නිසා
බවත් හෙළි විය. මෙයින් සනාථ වන්නේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ
විචිත්‍ර දේශනයට බොහෝ දෙනා වඩාත් ප්‍රිය කළ බවයි.
සරණාගමනය පැවිදිවීම යනාදියෙහි හේතු සම්පත් බලා ශ්‍රාවක සිත තේරුම් ගෙන
දාන කථා සීලකථාදී පිළිවෙල කථා කිරීමෙන් අනතුරුව දම් දෙසීම බුදු රදුන්
අනුගමනය කළ ඉතා වැදගත් ක්‍රමයකි. මූලික සිද්ධාන්ත තේරුම් ගැනීමෙන් පසු
ගැඹුරුම දම් දෙසීම බුදු රදුන්ගේ සිරිතය.
මෙලෙස අනුපුබ්බ කථාවෙන් දහම් දෙසනවිට ශ්‍රාවකයාට ජීවිතයේ ස්වභාවය එහි
යථාර්ථය වැටහේ. ඉන්පසු මේ ඝොරතර සසරින් මිදීම පිණිස බුදුරජාණන්
වහන්සේගේ පිහිට පිළිසරණ අයැදී. පුණ්‍ය සම්පත් ශක්තිමත්ව ඇත්නම් ඔවුහු
සසර දුක් නිවා දහමින් සැනසෙති.
බුදුරජාණන් වහන්සේගේ මේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයේ අගය සුමංගල
විලාසිනියේ සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවේදී දැඩි අගැයීමකට ලක්කර තිබේ.
සද්ධා ජනනතො ශ්‍රද්ධාව උපදවයි. පඤ්ඤා ජනනතෝ ප්‍රඤ්ඤාව උපදවයි. අර්ථවත්
බවින් යුක්තයි. සාත්ථතො ව්‍යඤ්ජන සහිතයි ව්‍යඤ්ජනතො සැඟැවිය යුතු දෙයක්
නෑ උත්ථානපදතො ගැඹුරු අර්ථයෙන් යුත්තයි ගම්භීරත්ථතො කනට මිහිරියි.
“කණ්ණ සුඛතො” හද පත්ලෙන්ම පැන නගින්නක් “හදයංගමතො” තමන්ගේ උසස්බව පමණක්
නො කියයි. අත්තුක්කංසනතො” අනුන් හෙළා දැකීමක් නෑ. පරවම්භනතො කරුණා
සීතලෙන් හා ප්‍රඥාවෙන් යුක්තයි. කරුණා සීතලතො පඤ්ඤා වදනතො ඉන්ද්‍රියන්ට
රමණීයයි. ආපාථ රමණීය නො ඇසීමට ප්‍රියයි. සූයමාන සුඛතො විමසා බැලීමට
යෝග්‍යයි, “වීමංසමාන හිතතො” මේ ආදී සැමතින්ම යහපත්ය.
සම්බුද්ධ දේශනා විලාසයෙහි තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නේ මධුර ස්වරයයි.
හඬෙහි මිහිරි බවයි. ඕනෑම අයකු ගේ කනට මිහිරක් ඇති කිරීමේ සමත් මේ
ලක්‍ෂණය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් ද එකකි. කුරවීක භාණී සකුනරභාණී
ආදී නම් වලින් ද මෙය හැඳින්වේ. මිහිරි කෝකිල කූජනය පරයන සුගම්භිර
සුලලිත සුභාෂිත මධුර හඬක් බුදුරදුන් සතුවිය.
ගැළපෙන පදමාලා යොදාගෙන හැල හැප්පීමකින් තොරව ක්‍රමවත්ව ගලා එන අර්ථවත්
වාග්මාලාවකින් උන්වහන්සේ දම් දෙසූ සේක. පාරිසරික වස්තුන් උපමා කොට දම්
දෙසීම සම්බුද්ධ දේශනාවේ පෙනෙන තවත් විශේෂ ලක්ෂණයකි.
කතන්දර මගින් යම් යම් කරුණු අවබෝධ කර වීමේ ක්‍රමයද උන්වහන්සේ අනුගමනය
කළ බව විමාන වත්ථු ප්‍රේත වත්ථු ආදී ග්‍රන්ථ පරිශීලනය කිරීමේදී පෙනී
යයි. මෙයින් ගම්‍ය වන්නේ කුසලාකුසල විපාක දැක්වීම හා යළි ඉපදීම තේරුම්
කරදීමට යොදාගත් දේශනා විලාසයයි.
ධර්මය අවබෝධ කිරීමෙහිලා බුදු රදුන් අනුගමනය කළ ප්‍රාතිහාර්ය තුනක්
පිළිබඳ දීඝ නිකායේ කේවට්ට සූත්‍රයේ සඳහන් වේ.
1. ඉද්ධී පාටිහාරිය
(විස්මය උපදවන ක්‍රියාවක් මගින් කෙනකුගේ සිත සුදුසු පරිදි දමනය කොට දම්
දෙසීම)
2. ආදේශනා පාටිහාරිය (අසන්නාගේ චිත්ත ස්වභාවය අවබෝධ කොට දහම් දෙසීම)
3. අනුසාසනා පාටිහාරිය (කුසල් අකුසල් පෙන්වමින් අකුසල් බැහැර කිරීමටත්
කුසල්හි නිරත කරවීමටත් උත්සාහ කරන ලද දේශනය) යනුයි.
මේ සෑම උපමාවක්ම ඉතාමත්ම සරලය. සුගමය, මේ නිසාම උන්වහන්සේ කථා
කරන්නවුන් අතර ශ්‍රේෂ්ඨ වූහ. “වදතංපවරො” මෙසේ වදහළ ශ්‍රී සද්ධර්මය
කෙලෙස් රෝග වනසන ධර්මයක් බවත් ධර්ම ඖෂධයට සමාන දෙයක් නැති බවත් බුදුහු
වදාළහ.
යේ කේචි ඕසධා ලෝකේ
විජ්ජන්ති විවිධා බහූ
ධම්මෝසධ සමං නත්ථි
ඒවං පිවථ භික්ඛ වෝ ති |