ලුඅං පෝ ලියම් චිත්තධම්මෝ
2011.04.02 සහ 2011.04.11 දෙදින බුදුසරණ පත්‍රයේ පළ කරන ලද
Walking with awareness – A guide to Walking
Meditation මැයින් වූ ලිපියේ
පරිවර්තනයකි. ලුඅං පෝ ලියම් චිත්තධම්මෝ ගේ මුල් ලිපිය ඉංගී‍්‍රසියට
පරිවර්තනය කර ඇත්තේ ධනියෝ හිමියන් විසිනි. සිංහල පරිවර්තනය නාරාවිල
පැට්රික් විසින් කැර තිබේ.
ජොං - ග්‍රොම්
(Jong - grom) සක්මන යනු එහා මෙහා සක්මනෙහි යෙදෙන අතර භාවනාව ප්‍රගුණ
කරන ක්‍රමයකි. මේ භාවනාවේ දී අප එය ප්‍රගුණ කරන විට අප තුළ සතුට සහ
සංහිඳියාව ජනිත කරනු ලැබේ.
සක්මන් භාවනාවේ දී අපේ සක්මන කඩිමුඩි එකක් නොවන සන්සුන් එකක් විය යුතු
ය. ඒ සමඟ සාමකාමී සහ සැහැල්ලු ආකල්පය ද, මුහුණ මඳහසින් පිරීම ද, වැදගත්
ය. ලොව පුරා හැම විටම සක්මන හෙවත් ඇවිදීම අපට දකින්නට ලැබේ. කෙසේ
වෙතත්, අන් කිසිවක් නැතත් අපට ඇවිදීමෙන් වැළකී සිටින්නට නොහැකියි. අප
තබන හැම පියවරක් සමඟ අපි අපේ කරදර වලට මඟ හැර යන්නට ඉඩ හරිමු. නැතහොත්
අපි ඒවායින් බාධා කරනු ලබමු. අප තබන එක් එක් පියවරක් පාසා අපේ සතුට සහ
සංහිඳියාව ස්ථාවරව පවත්වා ගන්නට සිහි තබා ගත යුතුය. ඒ හැකියාව අපෙන්
පරිබාහිර දෙයක් නොවේ. අප හැම කෙනකුටම එය කළ හැක්කකි. සැබවින්ම අප හැම
කෙනකුම තැන්පත්ව සතුටින් ජීවත් වීමට කැමති හෙයිනි. බොහෝ විට අපි අපේ
දෛනික ජීවිතයේ දී අප තබන හැම පියවරක් ම දුක් දොම්නසින් පිරී ඇතිවා
පමණක් නොව, අපේ සිත් තුළ රැව් පිළිරැව් නඟන අපේක්‍ෂා වලින් හෙම්බත්ව
සිටිමු.ඇතැම් විට අපේ ජීවිත, අවුරුදු සහ මාස ගණනාවක් තිස්සේ ගොඩ ගැසුණු
කරදර වලින් නිමැවී ඇතැයි ඔබ කියන්නට පුළුවන. සැහැල්ලු ලෙස අපේ අඩිය
ඔසොවා පියවර තබන්නට අපට නොහැක්කේ ඒ නිසා විය හැකි ය.
එහෙත් මොහොතක් සිතා බලන්න. මේ ලෝකය සුන්දරත්වයෙන් පිරී ඉතිරී ගියේ නොවේ
ද? ඒ සුන්දරත්වය තුළ ඔබට සිත් සේ සැරි සරන්නට තෝරා ගැනීමට නෙත් සිත් ඇද
බැඳ ගන්නා කෙතරම් මංපෙත් තිබේද? එහි ඔබට නෙත ගැටෙන නොයෙක් මංපෙත්හි
සුපිපි මලින් විහිදෙන සුවඳ ය. ඒවා වර්ණ සංයෝජනය මැනවින් හඳුනන
දෙනෙතකින් තෝරා පෙළ ගසන ලද්දාක් වැන්න. එහෙත් අපි ගණනකට නොගෙන අපේ
වටපිටාව අගය කර රස විඳින්නට මොහොතක් නොසිට පැකිලෙන පියවරින්, නොසන්සුන්
ගමනින් යන්නමෝ ෙවමු. ජොං - ග්‍රොම් සක්මනින් ඇඟවෙන්නේ අප සක්මනෙහි
යෙදෙන මාර්ගය ගැන ප්‍රතිප්‍රවීණත්වයකි. ඒ අනුව අප ආයාසයකින් තොරව
සක්මනෙහි යෙදෙන්නට උගනිමු.
ස්වාභාවිකව ම අපේ ජීවිත අහඹු සහ අවුල් සහගත වන්නා සේ පෙනේ. අපි නිතර ම
වාගේ ඒ නිසා හෝ මේ නිසා යැයි කියමින් ඉවරයක් නැති කඩිමුඩියෙන් සහ
නුරුස්නාවෙන් ඔබ මොබ දුවපනිමු. අපට ඉවරයක් නැතිව වැඩ කටයුතුවල නිරත
වන්නට සිදුවී ඇතැයි අපි කනස්සලු වෙමු.
ඉතින් අප එතරම් කඩිමුඩියෙන් දුවන්නේ කොයිබටද? මෙය අප කාටත් ප්‍රශ්නයක්
වූවත්, අපි කිසිවෙක් එය අපෙන් ම අසන්නට වත් නැඹුරුවක් නොදක්වමු.
ජොං ග්‍රොම් යනු සන්සුන් සක්මනකට සමානය. එහිදී කිසිදු ඉලක්කයක් හෝ කාල
නියමයක් තබා ගැනීමට වුවමනා නොවේ. අප මේ සක්මන් භාවනාවේ යෙදෙන්නේ හුදෙක්
ඒ සඳහාම ය. ඒ හැර වෙනත් අරමුණක් නැත. හුදෙක් එහි අරමුණ සක්මන ම පමණි.
එහි ළඟා විය යුතු ඉලක්කයක් නැත. සක්මන් භාවනාව ක්‍රමයක් නොවේ. එය
හුදෙක් ප්‍රවේශයක් පමණි. එහිදී අප තබන හැම පියවරක් ම අපේ ජීවිතයේ
මොහොතක් පමණි. එබැවින් එය ජීවිතය ම වෙයි.
සක්මන් භාවනාවේ හැම පියවරක් ම පහන් සුවය දනවන්නකි. කඩිනම් සක්මනක් ගැන
නොසිතිය යුතු වීමට හේතුව එයයි. මැනවින් සිතාමතා යොදා ගන්නා ලද සන්සුන්
උදාර හැඟීමකින් පියවර තැබිය යුතු වීමට හේතුවත් එයම යි. එහිදී අප විසින්
ප්‍රවේශ විය යුතු තැනක් කොහේ වත් නැත. එසේ ම අප ඉදිරියට මෙහෙයවන
අරමුණක් ද නැත. මෙවන් හැඟීමකින් අපි අපේ මුහුණින් විකසිත සතුටක් සමඟ
පරිස්සම් සහිතව සක්මනේ යෙදෙමු.
අපි සදහටම අපේ දුක් දොම්නස් වලට නැඟී සිටින්නට ඉඩක් නොතබා සක්මන්
භාවනාවේ නිරත වෙමු. අප විසින් මිහි මත සටහන් කරන ලද පියවර ආකෘතියෙහි
අපේ දුක් දොම්නස් පිළිබඳ වාර්තා දකින්නට අපට බුද්ධ ඥානය තිබිණැ යි
සිතමු. විද්‍යාඥයකු අන්වීක්‍ෂයකින් ක්‍ෂුද්‍ර ජීවීන් නිරීක්‍ෂණය
කරන්නාක් මෙන්, අපටත් අපේ ම පිය සටහන් පසු කර යන විට ඒවා නිරීක්‍ෂණය කළ
හැකි ය. සක්මන් භාවනාවේ රහස, පිය සටහන් බලා සක්මනේ රිද්මය හෝ ශෛලිය
විමසීම පමණක් නොවේ. එනම් එක් එක් පියවරක සටහන් වී ඇති සාමකාමී
සන්තුෂ්ටිය නිරීක්‍ෂණය කිරීමයි. මෙලෙස සක්මනේ යෙදීමට නම්, කිසිත්
විශේෂත්වයකින් තොරව, අපේ සියලු දුක්ඛ දෝමනස්සයන් පලවා හරින්නේ කෙසේදැයි
අපි උගත යුත්තෙමු.
අප සක්මනේ යෙදෙන මඟ කරදර වලින් තොර එකක් විය යුතු ය. මෙයින් අදහස්
කෙරෙන්නේ සක්මන පිරිසුදු තැනක විය යුතු බවයි. එවන් තැනක සිත් ඇද ගන්නා
සුන්දරත්වය, සාමය සහ ඉමහත් සන්තුෂ්ටියක් ද ඇත.
එවන් තැනක් ඔබ විසින් සොයා ගත යුත්තේ කවර ආකාරයෙන් සක්මනේ ෙයදෙන්නද?
සත්තකින්ම ඒ පිරිසුදු තැන තැබෙන ඔබේ පතුල් සලකුණු වල ලෝකයේ පවතින දුක්
සහ කරදරයන්ගේ හැඟීම් සටහන් නොවෙති යි ඔබට සහතික විය හැකි ද?
සක්මන් භාවනාවේ දී කරුණාකර ස්වාභාවික ඉරියව්වකින් සමක්මනේ යෙදෙන්න.
දෑත් උරය හරහා තබා ගැනීම හෝ දරදඬු ඉරියව්වකින් තබා ගැනීම වුවමනා නොවේ.
වන පියසක්, මහජන උද්‍යානයක්, ගංඉවුරක්, අසපුවක් හෝ භාවනා මධ්‍යස්ථානයක්
වැනි සන්සුන් හෝ සාමකාමී සක්මන් පෙතක් තෝරා ගන්න.
එවන් තැනක ඔබට කැමති තරම් කාලයක් පුහුණු විය හැකි ය. ඕනෑ ම කෙනකු ඔබ
දුටු කල්හි ඔබ සක්මන් භාවනාවේ යෙදෙන බව තේරුම් ගෙන ඔබට බාධාවක් නොකරනු
ඇත.
ඔබ භාවනාවේ නිරතව සිටින විට, ඕනෑම විටක කිසිවකු මුණ ගැසුණහොත්, දෙඅත්ල
එක් කොට ඒවා උරය දක්වා ඔසොවමින්, සරල කෙටි සංඥාවකින් බුහුමන් දක්වා ඔබේ
සක්මන පවත්වා ගෙන යන්න.
වර්තමානයේ අපි වැඩි දෙනා අරමුණකින් තොරව ඇවිදිමින්, සිටගනිමින්,
ඉඳගනිමින් හෝ ලොවපුරා ඇති විවිධාකාර දේ සහ එහි සිටින නොයෙක් ජීවි
සත්වයන් ද එපා වන තුරු බලමින් ජීවිතය අපතේ හරිති. කෙසේ ද කියතොත්
කෙතරම් දේ බැලුවත් නිදා ගෙන ඇවිදින්නවුන් සේ ය. බොහෝ විට අපට අප තරමින්
සිටින්නේ කුමක් ද හෝ අප බලා සිටින්නේ කවර දිසාවක් දෙස ද යන්න ගැන
තැකීමක් නැත. අපේ අවබෝධය රඳා පවතින්නේ අපට හොඳ සිහි කල්පනාවෙන්
(සතියෙන්) සක්මන් කරන්නට හැකි ද, නැද්ද යන්න මත ය. සත්තකින් ම මිහිතලය
මත ජීවත්වන සියලු සත්වයන්ගේ අනාගතය රඳා පවතින්නේ අප තබන එක් එක්
පියවරකට අනුවය.
ගහ කොළින් සෙවණ ලත් සක්මන් පෙත් සහ පතිත කොළ රොදින් වැසී ගිය සිත් ඇද
ගන්නා මංපෙත් ආදිය අප ඉදිරිපිට වැතිර සිටී. ඒවා සක්මන් භාවනාව සඳහා
සූදානමිනි. මෙවන් සක්මන් පෙත් වලින් අප පූර්ණ ආස්වාදය ලද යුතු ය. ඒවා
අප නොමඟ නොයවනු ඇත. අප සක්මන් කරන අතර ලෝකය පීඩාවට පත් සැබෑ සන්තාපයට
විවෘතව, එය නිරීක්‍ෂණය කරමින් ඒ ගැන මනසෙහි සටහන් තබා ගනු මැනවි.
සති සම්පජඤ්ඤයෙන් හෙවත් සිහි නුවණින් ආශ්වාස ප්‍රශ්වාසයෙහි නිරතවීම,
පුරුදු පරිදි සාමාන්‍ය හුස්ම ගැනීමට වඩා ඉඳුරා වෙනස් ය.
සිහි නුවණින් යුතුව ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදීම යන්නෙන් අදහස් කැරෙන්නේ
අප ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදෙන විට, අප එසේ කරන බව චිත්ත ක්ෂණයක් පාසා
අතරක් නොතබා අඛණ්ඩව මෙනෙහි කිරීමය. මෙහි යථාර්ථය වන්නේ අප දිග හුස්මක්
ඉහළට අදින විට, අප එසේ කරන බව මඳ විරාමයකුදු නොතබා සිහි නුවණින් අරමුණු
කිරීමයි. එසේ ම කෙටි හුස්මකින් ආශ්වාසයෙහි සහ ප්‍රශ්වාසයෙහි යෙදෙන විට
පෙරකී පරිදි ම අරමුණු කිරීමයි. මෙසේ ආශ්වාසය හා ප්‍රශ්වාසය යන දෙකෙහිම
දිග හා කෙටි වශයෙන් නිරතවීම සිදුවිය යුතු ය. අප විසින් ඉතා සියුම් ලෙස
ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ නිරත වන විටත්, මෙය අත්දකින්නට හැකි වනු ඇත.
සක්මනෙහි නිරත වන විටත්, මෙය අත්දකින්නට හැකි වනු ඇත. සක්මනෙහි නිරත වන
අතර ම ආශ්වාස ප්‍රශ්වාසයත් කෙරෙන කල්හි ඒ දෙක ම සිහි නුවණින් කරන්නේ
කෙසේ ද?
ආශ්වාස ප්‍රශ්වාසය හෙවත් ශ්වසනය සහ සක්මන බද්ධ කරන්නට ඇති එක් මඟක්
වන්නේ ගණන් කිරීමේ තාක්‍ෂණය යොදා ගැනීමයි. සක්මනේ එක්තරා ක්‍රමයකට අනුව
අප තබන පියවර ගණන අපට ම ගණන් කළ හැකි ය. එසේ නැතහොත් අපට ම එය තවත්
විධියකින් කරන්නට පුළුවන.
එනම් අප තබන පියවර ගණනට අනුව අපේ ආශ්වාසයේ හෝ ප්‍රශ්වාසයේ දිග මැන
ගැනීම යි. අපි හුස්මක් ඉහළට අදින විට පියවර කීයක් තබමු ද? එසේ ම අපි
හුස්ම පහළට හෙළන විට පියවර කීයක් තබමු ද?
ටික දිනක් එසේ කරන්න. එය සති කීපයක් සෑහේ. ඊට ප්‍රමාණවත් උත්සාහයක
යෙදෙන්න. එය පරීක්‍ෂණයට ලක් කරන්න. පියවර එසවීමේත්, පහත හෙළීමේත් වේගය
අඩු කරන්න. එහෙත් සීමාව ඉක්මවා නොවේ. ස්වාභාවික තත්ත්වය නොඉක්මවා හුස්ම
ගන්න. ඔබේ හුස්ම ගැනීම හෝ හෙළීම දීර්ඝ කිරීමට උත්සාහ නොකරන්න. මැනව යි
සිතෙන කාල සීමාවකට එසේ කරන්න. ඉක්බිති ඒ ගැන විශේෂ අවධානයක් යොමු
කරන්නට පටන් ගන්න. එනම් ඔබ හුස්මක් ඉහළට ගන්නා විටත්, පහළට හෙළන විටත්
පියවර කීයක් තැබුවේ ද යනු යි. මේ ක්‍රමය යොදා ගනිමින් එක ම වේලාවට අපේ
හුස්ම ගැනීම හා සක්මන කෙරෙහි අවධානය යොමු කිරීම සහ අපේ සක්මනේත්, හුස්ම
ගැනීමේත් පැහැදිලිකම වර්ධනය කර ගනිමු. මේ සබඳතාව අපේ අවධානය,
සාමකාමීත්වය, සන්හිඳියාව සහ සොම්නස වර්ධනය කරයි. එය අපේ සන්සුන් බව සහ
අවධානයේ අරමුණු පැහැදිලි කරයි.
ආලෝකෝ උදපාදි! විජ්ජා උදපාදී !
පඤ්ඤා උදපාදී ! |