“ලෝකවිදූ” නම් වන සේක
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමවාසී,
මැල්ලවගෙදර සමණධම්ම හිමි
බුදුරජාණන් වහන්සේ
ජීවිතයම ලෝකය වශයෙන් හැඳින්වූ අතර
ජීවිතයේ හටගැනීම, පැවැත්ම, නැතිවීම
යථාර්ථයෙන් අවබෝධ කර
එය නැවත හටනොගන්නා අන්දමට
පත් කළ හැකි බව අවබෝධ කළ සේක.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සත්තාවාසාදි සංඛාතේ
කාම රූපාදිකේ තථා
සංඛාර සත්ත මෝකාස
ලෝකේයෝ වේදිතං නමේ
වාසනාවන්ත පින්වත්නි,
ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළ හෙයින්ද, ලෝක ස්වභාවය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක
සමුදය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධ උපාය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද
සංස්කාර ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, අවකාශලෝකය
සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින් ද, සත්ත්ව ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ
කළහෙයින්ද, ලෝකවිදූ නම් වන සේක.
බඹයක් පමණවූ මේ ශරීරය ලෝකය වශයෙන් බුදුපියාණන් වහන්සේ වදාළසේක. දුක්ඛ,
සමුදය, නිරෝධ, මාර්ග යන ආර්ය සත්‍යය සතර අනුව ලෝක ස්වභාවය පවතින ආකාරය
නුවණින් නිසියාකාරවම අවබෝධ කළ සේක.
බුදුරජාණන් වහන්සේ ජීවිතයම ලෝකය වශයෙන් හැඳින්වූ අතර ජීවිතයේ හටගැනීම,
පැවැත්ම, නැතිවීම යථාර්ථයෙන් අවබෝධ කර එය නැවත හටනොගන්නා අන්දමට පත් කළ
හැකි බව අවබෝධ කළ සේක.
මේ ජීවිතය නමැති ලෝකය තණ්හාව මුල්කර ඇතිබවත්, තණ්හාව නිරුද්ධ කිරීමෙන්
මේ ලෝකයෙන් නිදහස් වීමට නොහොත් සසරේ පැවැත්ම නැති කළ හැකි බවත්
දුටුසේක.
ගමනේන න පත්තබ්බෝ
ලෝකස්සන්තෝ කුදාචණං
නච අප්පත්වා ලෝකන්තං
දුක්ඛා අත්ථි පමෝචනං
පාගමනින් ලෝකයේ කෙළවරට පැමිණිය නොහැකිය. ලෝකයේ කෙළවර නොදැක දුකෙහි
කෙළවරද දැකිය නොහැක. එනිසා මේ බඹයක් පමණ වූ ජීවිතය නමැති ලෝකයේ කෙළවර
දැකීම පිණිස පඤ්චෝපාදනස්කන්ධය මනාව අවබෝධ කළ යුතුයයි බුදුපියාණන්
වහන්සේ දේශනා කළ සේක.
මේ ලෝකය නමැති ජීවිතය සෑදී තිබෙන අන්දම බුදුරජාණන් වහන්සේ යථාර්ථයෙන්ම
අවබෝධ කළ සේක. යම් තැනක ඇස තිබේද, රූප තිබේද, ඇසෙවිඤ්ඤාණය තිබේද, ඇසේ
ස්පර්ශය තිබේද, ඇසේ හඳුනාගැනීම, ඇසේ වේදනාව, ඇසෙන් හටගන්නා චේතනාව
තිබේද, එමෙන්ම කන, නාසය, දිව, ශරීරය, මනස මුල්කරගන නිර්මාණයවන පංච
උපාදානස්කන්ධයේ පැවැත්ම ඇද්ද එතන ලෝකය පවතින බවත්, ලෝක සම්මුතිය එය
බවත් සම්මාසම්බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එසේම ලෝකය
පංචඋපාදානස්කන්ධය තුළම ඇති බව වදාළ බුදුරජාණන් වහන්සේ රූපය පෙනපිඬක්
මෙන්ද, වේදනාව දිය බුබුලක් මෙන්ද, සඤ්ඤාව මිරිඟුවක් මෙන්ද සංස්කාර
කෙසෙල් කඳක් මෙන්ද, විඤ්ඤාණය මායාවක් මෙන්ද උපමාකර වදාළ සේක. මෙසේ
ලෝකයත් ලෝකයෙන් මිදීමත් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන
සේක.
සර්වඥයන් වහන්සේගේ ලෝකය පිළිබඳ වූ දැනුම පංච උපාදානස්කන්ධයටම පමණක්
සීමා නොවීය. බුදුරජාණන් වහන්සේ දසසහස්ශ්‍රී ලෝකධාතුවම අතරැඳී
නෙල්ලිගෙඩියක් මෙන් මනාව දුටුව සේක. අවකාශ ලෝකය, සංස්කාර ලෝකය සත්ව
ලෝකය ඇතැඹුලක් සේ දුටු ලෝක නාථයන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.
බුදුපියාණන් වහන්සේ විශ්වය නමැති අවකාශ ලෝකය මනාව දුටුව සේක.
බුදුරජාණන් වහන්සේගේ ස්වර විඤ්ඤාපනය කෙතෙක් වන්නේදැයි අනද හිමියෝ
බුදුන්වහන්සේගෙන් විමසූහ. “ආනන්දය, සඳ, හිරු බබලමින් යම්තාක් තැන් ගමන්
කෙරෙද්ද එය සහසී‍්‍ර ලෝක ධාතුවයි. එහි සඳ දහසක් ඇත. හිරු දහසක් ඇත.
සුනෙරු පර්වතයෝ දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. මහා සමුද්‍රයෝ සාරදහසක් ඇත.
මහා රාජ්‍යයෝ සාරදහසක් ඇත. චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත,
නිර්මාණරතී, පරනිර්මිත වසවර්ති යන දිව්‍යලෝක දහස බැගින් ඇත. මෙම
සහශ්‍රී ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ද්වී සහසී‍්‍ර ලෝක ධාතුවයි.
ද්වි සහසී‍්‍ර ලෝක ධාතුව දහසින් ගුණ කළ කල්හි ත්‍රීසහසී‍්‍ර
ලෝකධාතුවයි. මෙසේ දස සහසී‍්‍ර ලෝකධාතුවටම පණිවිඩ ස්වරයෙන් විඤ්ඤාපනය කළ
හැකියයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. දස දහසී‍්‍ර ලෝකධාතුවටම ආලෝකය
පතුරුවා බුද්ධකාය දැකීමට සැලැස්වීමටත් ශබ්දතරංග පතුරුවා හඬ ඇසීමටත්
සැලැස්වීමට හැකි අසිරිමත් බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක.
සංස්කාර වනාහි පටිච්ච සමුප්පන්න හෙවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නෝ වෙත්.
සවිඤ්ඤාණවූත්, අවිඤ්ඤාණවූත් බිඳීම, නැතිවීම වන අනිත්‍ය ස්වභාවයයි. ඇස,
කන, නාසය, දිව, ශරීරය යන අධ්‍යාත්මක පසිඳුරෝ ඒවාට ගෝචර වන්නාවූ
ආරම්මනයෝත් සංස්කාර ලෝකයටම අයත් ය. සංස්කාර ලෝකය දොළොස් ආකාරයකින්
බුදුපියාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ සේක.
ආහාරය පිහිට කොට ඇත්තේ
එක්වැදෑරුම් ලෝකයද,
නාම, රූප නම් දෙවැදෑරුම් ලෝකයද,
සුඛ, දුක්, උපේක්‍ෂා තෙවැදෑරුම් ලෝකයද,
චතුරාහාරය නම් සිව් වැදෑරුම් ලෝකයද,
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
පංච උපාදානස්කන්ධය පස් වැදෑරුම්
ලෝකයද,
අධ්‍යාත්මික ආයතන හය වැදෑරුම් ලෝකයද,
සත්ත්ව විඤ්ඤාණ තිථීය
ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නා වූ සත්
වැදෑරුම් ලෝකයද,
අෂ්ඨ ලෝක ධර්මය නම් අට වැදෑරුම්
ලෝකයද,
නව සත්කායවාස නම් නවවැදෑරුම් ලෝකයද,
දස ආයතන නම් දස වැදෑරුම් ලෝකයද,
ද්වාදස ආයතන නම් දොළොස්
වැදෑරුම් ලෝකයද,
අටලොස් ධාතු නම් අටලොස්වැදෑරුම් ලෝකයද මනාව අවබෝධ කළ හෙයින් ලෝක විදූ
නම් වන සේක.
කුසලා කුසල විපාක අනුව සතර අපාය, මිනිස්ලොව, සදිව්ලොව, රූපිබඹතල සොලස,
අරූපී බඹතල සතර, වශයෙන් සත්ත්වයන් වාසය කරන්නා වූ එක්තිස්තලයක් එක්
ලෝකධාතුවක ඇති බව මනාව ප්‍රත්‍යක්‍ෂ කළ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම්
වන සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ ජීවිතය නමැති ලෝකයත් විශ්වය නමැති
බාහිර ලෝකයත්, එමෙන්ම ප්‍රඥාලෝකයෙන් නිරය, ප්‍රේත ලෝකය, මිනිස් ලොව,
තිරිසන් ලොව, සදෙව් ලොව, රූපී, අරූපී බඹලෝ විස්ස ආදී සත්ත්වයන් වාසය
කරන ලෝක ධාතු තිස් එකක් අවබෝධ කර ඒ සියලු ලෝක ධාතුවලින් නිදහස් වී වදාළ
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක. ඒ ලෝකවිදූ නම්
බුදුගුණයට නමස්කාර වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි. |