බොරලැස්ගමුව 
			ශ්‍රී නාගරුක්ඛාරාමයේ පින්කම්
			
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බොරලැස්ගමුව ශ්‍රී 
			නාගරුක්ඛාරාමයේ අටපිරිකර 2600 ක් පූජා කිරීමේ පින්කමක් මැයි මස 12 වන 
			දින සවස 4.00 ට පැවැත්වේ. බොරලැස්ගමුව පරමධම්ම නිවෙස පිරිවෙන 
			විහාරස්ථානයේ සිට පෙරහරකින් වඩම්මාගෙන එන අටපිරිකර ශ්‍රී 
			නාගරුක්ඛාරාමයට පැමිණීමෙන් පසු විහාරාධිකාරි මඩුපොත සරණතිස්ස හිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් පින්කම ආරම්භ වේ.  |