සුසරණ ලංකා
සමාජ සත්කාර්යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ
සුසරණ ලංකා පදනමේ ලේකම්
ආචාර්ය සාලිය කුලරත්න
උදාවන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සුසරණ ලංකා සමාජ පදනමේ, පෙර
දැක්වූ මෙහෙයුම් අතරින් ආගමික හා සදාචාර අංශ මඟින් මෙහෙයවන ආගමික
වැඩසටහනක්,
මෙගොඩකළුගමුව ගංගාතිලක රජමහා විහාරයේදී මුළු දවස තිස්සේ පැවැත්වීමට
කටයුතු
සංවිධානය කර තිබේ. එකී විහාරස්ථානයේ සිල් සමාදන්වන උවසු උවැසියන් උදෙසා
ධර්ම දේශනා, වෙනත් දෙසුම්, භක්ති ගීත ආදී විවිධාංග එහිදී සූදානම් කර
තිබේ. මෙවන් අවස්ථාවකදී සමාන්තරව, අදාළ කේන්ද්‍රීය පූජ්‍යස්ථානය අවට
වෙසෙන ගම්වාසීන්ගේ සෞඛ්‍ය ගැටලු ආදිය සඳහා වෛද්‍යවරුන් විසින් පවත්වනු
ලබන සායනික උපදේශන සේවාද ක්‍රියාත්මක කිරීම,
වැඩසටහන් ව්‍යුහයට අයත් වේ.
මේ අප ගතකරන යුගය මනුෂ්‍යත්වය පිළිබඳ, විෂම අදහස් පැතිර යන සහ නොයෙක්
අන්තගාමී චින්තන විධීන් නිසා අර්බුදකාරී ව්‍යාකූ®ල මානසිකත්ව දරන
මිනිසුන් ගෙන් සමන්විත වූවකි. මේ මෑතක විරාම වැටුණු ත්‍රස්තවාදී
යුද්ධයද එවන් ක්‍රියාකාරකමක ඵලයකි. උගත්කමේ ඉහළ තලවල ගැවසෙන
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර සමහරෙක්ද, වඩා සන්සිදීම හා ගතයුතු
නිවැරදි මඟ වෙනුවට සිත්සතන් කුරුවල් කරගෙන ප්‍රතිව්‍යුහවාදී
(Deconstructive) අදහස් වපුරමින් තමාත් අතරමංව අනුන්ද අතරමං කරති.
සුසරණ ලංකා සමාජ සත්කාරයක යෙදුණු අවස්ථාවක් |
චිරාත් කාලීනව වඩා යහපත් යැයි සම්මත වූ අනුගමනීය වූ ආචාරධර්ම ඔවුන්
අතින් පසෙකට වන්නේ, එකී ආචාරධර්මවල වරද නිසා නොව, ඒ අයගේ ජීවිතවල
ආරම්භක යුගවලදී ඇති වූ පීඩා නිසා සිදු වූ ඉච්ඡාභංගත්වයන් හා පෞරුෂ බිඳ
වැටීම් හේතුකොට ගෙනය.
එනිසාම, ඔවුහු තමන් අසල මානයේ ඇති ඤාණ මූලාශ්‍ර නොදැක, නොහදාරා සත්
සමුදුරින් ඈත අන් අයට අදාළ වූ අමුතු මූලාශ්‍ර කටපාඩම් කරගෙන වමාරති. ඒ
අය නිවැරදියයි සිතන අන්ධබාලයෝ ඒ වමාරන දෑ ඉෂ්ට ඖෂධ යැයි සිතා පරිහරණය
කරති. උගතුන්ගෙන් ද නොඅඩු ඒත් සිදුවිය යුත්ත සිදු නොවන මෙවන් සමාජයක
නානාප්‍රකාර පුද්ගලයන්ගේ අධම ක්‍රියා පිළිබඳ මහැදුරු නන්දසේන රත්නපාල
වරක් ‘’මනුෂ්‍ය පේ‍්‍රතයන් සමඟ කළ දුෂ්කර ක්‍රියාවක්’’ නමින් පොතක්
ලිව්වේය. තිබ්බතීය සම්ප්‍රදායේ බෞද්ධ නායක භික්ෂුවක වූ දලයිලාමා ලියූ
Ancidnt wisdom and Modern World නම් ග්‍රන්ථයේ
Modern Socicty and the quest for Human Hapiness නමින් පරිච්ඡේදයක් ඇත. එහි එක් තැනක
ඉංගී‍්‍රසි බසින් දැක්වෙන අදහසක සිංහල අරුත මෙසේය.
‘’වරෙක් මම බටහිර රටක ධනවත් නිවසක නැවතුනෙමි. ඒ නිවසේ ඉතා ප්‍රකට උගත්
අයද වූහ. මාහට ලෙන්ගතුව සැලකූ®හ. ඒත් හදිසියේ මා හුන් නිදන කුටියේ
කැබිනට්ටුවක ලාච්චුවේ නින්ද නොයාම සඳහා ගන්නා පෙති
( Sleeping pills ) හා ආතති සමන ඖෂධ (ට්‍රැංකි ලයිසර්
tranqnillizer) තිබිණි. ඉන් මා
තේරුම්ගත්තේ, ඒ අය මහා වියවුල් ගොඩක සිටිමින්, මහා පරිමාණ අදහස්
වපුරමින් පෞද්ගලිකව ආතතියෙන් සිටින බවය’’.
මෙවන් පසුබිමක් යටතේ අඩුම වශයෙන් අප වෙසෙන සමාජයට අපේ හැකියාවන්ගෙන්
හා දැන උගත්කම්වලින් යම් සේවයක් කළ යුතුව ඇතැයි, මහනුවර මල්වතු
විහාරවාසී රාජකීය පණ්ඩිත ගලහිටියාවේ සුමනරතන හිමියෝ නිතර මා හා කීහ. මේ
අදහස්වල ඵලයක් ලෙස උන්වහන්සේගේ සභාපතිත්වයෙන් යුතුව, මල්වතු විහාරය
කේන්ද්‍ර කර ගනිමින් සුසරණ ලංකා සමාජ පදනම නම් වූ බෞද්ධ සුභ සාධක
සංගමයේ මූලික උපත සිදුවිණි. මේ සත්කාර්යය ඇරඹීමේදී මහනුවර මල්වතු
විහාරයේ අනුනායක ධුරන්ධර පූජ්‍ය නියංගොඩ විජිත සිරි ස්වාමීන්වහන්සේගේ
පූර්ණ ආශිර්වාදයද ලැබිණි.
මේ සංගමය ඇරඹෙද්දී ඊට මූල්‍යමය වශයෙන් සතයකුදු නොතිබිණි. ඒත්
ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේගේ ධෛර්ය සම්පන්න ඒත්තුª ගැන්වීම
ඔස්සේ මහනුවර පෙදෙසේ විවිධ ක්‍රියාකාරීන් තුල හා වෘත්තීන්වල නිරත
වැදගත් පිරිසක් ඒ වටා එකතු වූහ. මූලිකව එසේ එක් රැස්වූ පිරිස අතර,
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමා, මහනුවර මධ්‍යම පළාතේ නියෝජ්‍ය
පොලිස්පතිතුමා, මේජර් ජෙනරාල් මනෝ පෙරේරා (මධ්‍යම පළාත් සේනංකාධිපති)
බ්‍රිගේඩියර් ආනන්ද බණ්ඩාර (මධ්‍යම පළාත් භාර ආඥාපති), උඩරට සංවර්ධන
අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ටී.බී. වීරසේකර මහතා, මහාචාර්ය ඩබ්. එම්.
සිරිසේන මහතා, මහාචාර්ය පී.ඒ. සෝමරතන මහතා, මහනුවර නගර සභාවේ
ගණකාධිකාරිනී අනුලා විජයරත්න මහත්මිය, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ රවී
වීරකෝන්, විශේෂඥ වෛද්‍ය තිලක් ජයලත්, අධිනීතිඥ නිශ්ශංක රණතුංග, මහනුවර
මහ රෝහලේ වෛද්‍ය චාමින්ද, වෛද්‍ය බණ්ඩාර ආදී මහත්ම මහත්මීන්ද විගණන
නිලධාරී නිරෝෂා මෙනෙවිය ඇතුළු තවත් සම්පත් දායකයින් රැසක් ඒ අතර වූහ.
මූල ධනයක් නොතිබීයදීම මේ වැදගත් පිරිස විසින් සංවිධානය කරන ලද සමාජ
සුබසාධන හා ආකල්ප සංවර්ධන වැඩසටහන් රැසකි. සංගමයේ ව්‍යුහයට අධ්‍යාපන
සංවර්ධන සෞඛ්‍යාරක්ෂණ සදාචාර සංවර්ධන, ආගමික සංවර්ධන හා ආර්ථික සංවර්ධන
ආදී මෙහෙයුම් පහක් අන්තර්ගත වේ. මේ සංගමයේ ආරම්භක අවස්ථාවේ ගලහිටියාගොඩ
සුමනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මාතලේ පෙදෙසේ දුෂ්කර පාසලක සිසුන්
සඳහා මගේ සහභාගිත්වයෙන් ආකල්ප සංවර්ධන වැඩසටහනක් පැවැත්විණි. ඉන්
අනතුරුව එවැනි වැඩසටහන් රැසක් පල්ලෙකැලේ යුදහමුදා කඳවුර, මහනුවර
පොලිසිය ආදී ස්ථානවල පැවැත්විණි. පසුගිය දිනක මහනුවර හා පේරාදෙණිය
රෝහල්වල වෛද්‍යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් බලගොල්ලේ කර්මාන්ත පුරයේ
පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් සඳහා කාන්තා දිනය තේමා කරගෙන
දිනක් පුරා සෞඛ්‍ය සායනයක් හා ආකල්ප සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක
විණි. පසුගිය පුර පසළොස්වක පොහෝ දිනයේදී දළඳා මැදුර කේන්ද්‍ර කර
ගනිමින් එහි සිල් සමාදන් වූ උවසු උවැසියන් පිණිස කාව්‍යමය ධර්ම
දේශනාවක් පෙරටු කරගත් ආගමික දේශන ඇතුළු අංග ගණනාවකින් යුතු වැඩසටහනක්්ද
මෙමඟින් ක්‍රියාත්මක කෙරිණි. මේ සත් අධ්‍යාශයෙන් යුත් එකතුව පිළිබඳ ඇසූ
මහනුවර හා තදාසන්නයේ වෙසෙන රාජ්‍ය බැංකු හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ
මහතුන් රැසක් මෙහි ඇතැම් බරපැන දැරීමටද ඉදිරිපත් වූහ.
එසේම පූජ්‍ය සුමනරතන හිමියන් මේ මෑතකදී මැලේසියාව, සිංගප්පූරුව,
තායිවානය ආදී රටවල වෙසෙන බෞද්ධ භික්ෂූන් හා ගිහියන් සමග මේ අදහස
පැවසීමේදී ඔවුහු ද මෙයට මූල්‍යමය හා භාණ්ඩමය ආධාර අනාගතයේ පරිත්‍යාග
කිරීමට සූදානම්ව සිටිති.
උදාවන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සුසරණ ලංකා සමාජ පදනමේ, පෙර
දැක්වූ මෙහෙයුම් අතරින් ආගමික හා සදාචාර අංශ මඟින් මෙහෙයවන ආගමික
වැඩසටහනක්, මෙගොඩකළුගමුව ගංගාතිලක රජමහා විහාරයේදී මුළු දවස තිස්සේ
පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එකී විහාරස්ථානයේ සිල් සමාදන්වන
උවසු උවැසියන් උදෙසා ධර්ම දේශනා, වෙනත් දෙසුම්, භක්ති ගීත ආදී විවිධාංග
එහිදී සූදානම් කර තිබේ. මෙවන් අවස්ථාවකදී සමාන්තරව, අදාළ කේන්ද්‍රීය
පූජ්‍යස්ථානය අවට වෙසෙන ගම්වාසීන්ගේ සෞඛ්‍ය ගැටලු ආදිය සඳහා
වෛද්‍යවරුන් විසින් පවත්වනු ලබන සායනික උපදේශන සේවාද ක්‍රියාත්මක
කිරීම, වැඩසටහන් ව්‍යුහයට අයත් වේ.
නවීන විද්‍යුත් දෘශ්‍ය මාධ්‍ය වලින් පොදුවේ විකාශනය කෙරෙන ආගමික
වැඩසටහන් වල පවා අවශ්‍යයෙන් ප්‍රගුණ වියයුතු අවබෝධ තත්ත්වයන් අභිභවා
පේ‍්‍රක්ෂකයන් සුළු පරිමාණකොට, සම්පත් දායකයන් විශාලනය කොට, පිරිනමන
හුරුපුරුදු ප්‍රතිරූප සහිත වැඩ සටහන් දැකගත හැකි වේ. ඒ අය ඇතැම්විට
අදාළ විෂයෙහි හොඳම දැනුමැත්තන් නොවීය හැකිය. ගැඹුරු පර්යේෂකයන් නොවිය
හැකිය.
ජේම්ස් කැරේ (Jamescarey) දක්වන අන්දමට මේ වනාහි, ජනපි‍්‍රය මාධ්‍ය
වටිනාකම් වේ. ජනපි‍්‍රය ආයතනික ප්‍රතිපදා ලෙස ඒවා හඳුනාගත හැකිය. එසේම
ජනපි‍්‍රය ජීවන තත්ව ආදර්ශනයක් ද එමඟින් සිදුවේ. මේ තත්වය කෙසේ වෙතත්
අපේ සංගමයේ මූලිකම අවස්ථාවේදී ගලහිටියාගොඩ සුමනරතන හිමියන් හා මාහට
සමාජයේ ආකල්ප ප්‍රතිෂ්ඨාපනය තේමා කරගත් සජීවී වැඩසටහනක් කුණ්ඩසාලේ
විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට ජාතික රූපවාහිනිය මඟින්
අවස්ථාව ලැබිණ. ඒ සම්බන්ධයෙන් එකී මාධ්‍යයට ස්තූතිවන්ත වෙමි.
එහිදී අප සාකච්ඡා කළේ ඇතැම් දෘෂ්‍ය මාධ්‍ය විසින් සමාජ සදාචාරයට කරනු
ලබන ව්‍යසන ගැනය. ආචාර ධර්මය විනාශ වූ විට ජීවිත ආකල්ප නැසේ. එවිට ඊට
සංවේදී වන සොබාදහම විපරීත ප්‍රතික්‍රියා ඇතිකරයි. ජපානය තාක්ෂණික ලෙස
දියුණුව පැවති රටකි. ඔවුන් ඒ සුඛ විහරණ භාවිත කරන අතරේ රහස්‍ය ලෙස ආචාර
ධර්ම විලෝපනයකටද රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නිල නොවන අවස්ථා සලසා තිබිණි.
ජපානයේ Net Nippon Educational television නමින් යුත් නාලිකාව ජපන්
සමාජය ලිංගිකව දූෂණය කළේය. එනිසා එය Nippon Erotic
televition නම්
විණි. වර්ෂ 2000 දී මාහට ජපානයේ සංස්කෘතික නගර කිිහිපයක් නැරඹීමේ
අවස්ථාව සැලසිණි.
එහිදී මේ කියන Erotichannel ඔස්සේ දුටු දර්ශනයකි. එක් ආගන්තුකයන්
පිළිගන්නා ආයතනයක, ආගන්තුකයන් ඉදිරියේ පෙනී සිටින සුන්දර සරාගී
යුවතියකි. එක් රාත්‍රියේ ඇය ඒ ආගන්තුකයන් අතින් දූෂණය වන්නේ මුදලට හා
කැමැත්ත අනුවය. මෙවන් රහස්‍ය, ආචාර දූෂණයක් සඳහා සොබාදහම දෙන පිළිතුර
සුනාමියක් හෝ භූකම්පනයක් විය හැකිය. අපද සැනසිය යුතු නැත. අපෙන් බොහෝ
දෙනෙක් සොබාදහම මේ වනතුරු සුළුකොට තකති. ඒත් ශිෂ්ඨාචාරය සුණුවිසුණු වී
යාමට දවසකටත් අඩු කාලයක් ප්‍රමාණවත්ය. |