පිළියන්දල සංකල්ප විහාරයේ
			විහාර මන්දිරය විවෘත කිරීම මැයි 13 වන දා 
			
			 
			පිළියන්දල මාකන්දන, සංකල්ප විහාරයේ අභිනව සම්බුද්ධ මන්දිරය විවෘත 
			කිරීමේ මහා පින්කම් මැයි මස 13 පස්වරු 3 ට කථානායක චමල් රාජපක්‍ෂ 
			මැතිතුමා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 
			මැතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාගේද 
			සහභාගිත්වයෙන් පැවැත්වේ. 
			මල්වතු පාර්ශ්වයේ අනුනායක දිල්ලුකුඹුරේ ශ්‍රී මේධංකර විමලධම්ම නාහිමි, 
			පහමුනේ සුමංගල නාහිමි ඇතුළු ගරුතර නාහිමිවරුන්ගේ ආශිර්වාදයෙන් පින්කම් 
			පැවැත්වේ.මේ නිමිත්තෙන් සති පිරිත් දේශනය මැයි 3 සිට මැයි 10 දක්වා 
			පැවැත්වෙන අතර පිරිත් අනුශාසනාව පුහුල්වැල්ලේ ධර්මාරාම හිමියන් පවත්වන 
			අතර මෙම පින්කම් මාලාව මැයි මස 26 දක්වා පැවැත්වේ 
			.විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් 
			මාලාව සංවිධානය කර ඇත.  |