අනුරාධපුරයේ පින්කම්
			වෝල්ටර් දයාරත්න – අනුරාධපුර දිසා විශේෂ 
			
			 
			අනුරාධපුර මහා විහාර ය ප්‍රධාන අටමස්ථානයට අයත් හා ඒ අවට සියලු පූජනීය 
			ස්ථානවල මෙම බක් පෝදා දාන, ශීල, භාවනා ඇතුළු බෝධිපූජාමය පින්කම් 
			පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. 
			ප්‍රධාන පුණ්‍යෙීත්සවය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා 
			හිමියන්ගේ අනුශාසනා පරිදි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වේ. 
			එසේම එදින පස්වරු 4.00 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් 
			බාලසූරිය සහ දක්‍ෂිණ ලංකා ආණ්ඩුකාර කුමාරි බාලසූරිය යන මහත්ම මහත්මීන් 
			2004 ආරම්භ කළ පුන්පෝදා ධර්මානුශාසනා මාලාවේ 77 වන ධර්මානුශාසනාව ද 
			පැවැත්වේ. 
			ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම 
			හේමරතන නා හිමියන් ගේ අනුශාසනා පරිදි රුවන්මැලි මහසෑ රදුන් අබියස දීද, 
			උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක , 
			නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී සම්බුද්ධජයන්ති 
			විහාරස්ථානයේ ද, ඊතල්වැටුනවැවේ ඤාණතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි 
			මිරිසවැටිය රජමහා විහාරස්ථානයේද, රළපනාවේ ධම්මජෝති නා හිමියන්ගේ 
			අනුශාසනා පරිදි ලංකාරාම විහාරස්ථානයේද ඉහලහල්මිල්ලෑවේ රතනපාල නා 
			හිමියන්ගේ අනුශාසනා මත ජේතවනාරාම විහාරස්ථානයේද කල්ලංචියේ රතනසිරි නා 
			හිමියන්ගේ අනුශාසනා පරිදි අභයගිරි විහාරස්ථානයේද පින්කම් රැසක් 
			පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි 
			පොතානේ ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි පූර්වාරාම විහාරස්ථානයේද 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 
			අනුශාසනා පරිදි සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ 
			නිකායේ දිසාපාලක ඉහලගම පවරකිත්ති නා හිමියන් ගේ අනුශාසනා පරිදි 
			කුට්ටම්පොකුණ විහාරස්ථානයේද දාන, ශීල, භාවනා ඇතුළු බෝධි පූජාමය 
			ධර්මානුශාසනා පින්කම් රැසක් පැවැත්වේ.  |