ධනය ඉපයීමයි බොදු අදහසයි
ඉතා දුෂ්කරව ලබාගත් මිනිසත් බව තුළින්,මෙලොව සාර්ථක දිවි පෙවෙතක් ගත
කිරීම සඳහා පුද්ගලයකුට ප්‍රමාණවත් ධන සම්පතක් තිබීම සැපතක් බව දැක්වේ.
ඒ සඳහා එක් එක් පුද්ගලයා ධාර්මික ජීවනෝපායන මාර්ගයක නිරතවීම අත්‍යවශ්‍ය
කරුණකි. මෙලොව නානා විධ අවශ්‍යතා සඳහා ධනය අවශ්‍ය වන නිසා ඕනෑම
ක්‍රමයකින් ධනය ඉපයීම කළ යුතුයැයි කිසිම තැනක නොදැක්වේ. නොපසුබට
උත්සාහයෙන් යුතුව ජීවන මාර්ගයක යෙදෙමින් ධාර්මික ලෙස ධනය උපයා ගැනීම කළ
යුතුවේ.
එස්. ඩබ්ලිව්. ගුණරත්න
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)
බුදුදහම මෙලොව දියුණුවට මග නොපෙන්වන පරලොව දියුණුවට පමණක් මග පෙන්වන
දහමක් ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ දරති. මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය
මෙන්ම අසාධාරණ නිගමනයකි. මිනිසා හා ඔහු ජීවත්වන සමාජයේ පරිපූර්ණ
සංවර්ධනයක් ඇති කිරීම, මානව කේන්ද්‍රීය දහමක් වූ බුදු දහමේ මූලික
අරමුණකි. එහිදී මෙලොව ධාර්මිකවූත්,, අර්ථවත්වූත් ජීවිත ගත කිරීම
අවධාරණය කෙරේ. ධාර්මික ජීවන මාර්ගයක යෙදෙමින්, ධනය ඉපයීම පරිභෝජනය ,
අරපරිස්සම ආදී කරුණු ගෘහස්ථ ජීවිත යහපත්ව පවත්වා ගෙන යාමට යොදා ගත යුතු
අන්දම පිළිබඳව කරුණු පහදා දෙයි.
ඉතා දුෂ්කරව ලබාගත් මිනිසත් බව තුළින්, මෙලොව සාර්ථක දිවි පෙවෙතක් ගත
කිරීම සඳහා පුද්ගලයකුට ප්‍රමාණවත් ධන සම්පතක් තිබීම සැපතක් බව දැක්වේ.
ඒ සඳහා එක් එක් පුද්ගලයා ධාර්මික ජීවනෝපායන මාර්ගයක නිරතවීම අත්‍යවශ්‍ය
කරුණකි. මෙලොව නානා විධ අවශ්‍යතා සඳහා ධනය අවශ්‍ය වන නිසා ඕනෑම
ක්‍රමයකින් ධනය ඉපයීම කළ යුතුයැයි කිසිම තැනක නොදැක්වේ. නොපසුබට
උත්සාහයෙන් යුතුව ජීවන මාර්ගයක යෙදෙමින් ධාර්මික ලෙස ධනය උපයා ගැනීම කළ
යුතුවේ. ‘කඉච්ඡ්‍යෙය අධම්මේන සමිද්ධිමත්තිනෝ සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
“ යනුවෙන් එය ධම්මපදයේ දැක්වේ. ගිහි ජනතාව සඳහාම වූ ව්‍යඝ්ඝපජ්ජ
සූත්‍ර දේශනාවේ ධාර්මික ලෙස නියැලිය හැකි ජීවනෝපායන මාර්ග රාශියක්
දැක්වේ. රාජ්‍ය සේවාව කෘෂිකර්මය ,වෙළෙඳාම , ගවපාලනය, ආරක්ෂක සේවා හා
වෙනත් කාර්මික ශිල්ප ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම ජීවන වෘත්තීන්වල
නිරතවීම වුවද, ඉතාම ධාර්මික අන්දමට සිදුවිය යුතුය. කුමන අන්දමකින් හෝ
අධාර්මිකවීම බෞද්ධ ප්‍රතිපත්තියට පටහැනිය. වෙළෙඳාම ධාර්මික වුවද, හොර
කිරුම් මිනුම් මගින් එය අධාර්මික බවට පත්වේ. එසේම කුමන ජීවන වෘත්තියක
යෙදෙන්නෙක් වුව වෘත්තීය වංචනික ක්‍රියාවන්ගෙන් තොර විය යුතුය. මුදල්
භාණ්ඩ සොරා ගැනීම මෙන්ම රාජකාරි වේලාව තුළ ඉන්වැළකී, කාලය කා දැමීමද
වංචනික ක්‍රියාවකි.
පුද්ගලයෙකුට, තමා උපයාගත් ධනය ගැන සිතා සතුටුවිය හැක්කේ, එම ධනය
ධාර්මික ලෙස උපයාගෙන ඇත්නම් පමණකි. වංචනික කූඨ උපක්‍රම මගින්, උපයන ධනය
ගැන සිතා සතුටු විය නොහැකි අතර, ඉන් විනාශ මුඛය කරා යාම තමා
නොදැනුවත්වම සිදුවේ. බුදුදහම ගැන හොඳ වැටහීමක් ඇති තැනැත්තා කිසිමවිටෙක
අධාර්මිකව ධනය ඉපයීම සඳහා නොපෙළඹේ. ශ්‍රද්ධාවන්ත සීලවන්ත හා ප්‍රඥාවන්ත
පුද්ගලයා ධාර්මික ලෙස ධනය උපයන අන්දම “පන්තකම්ම” සූත්‍රදේශනාවේ දැක්වේ.
ධාර්මික ලෙස ආදායම් ඉපයීම පිළිබඳ ක්‍රියාවලියේදී පුද්ගල උත්සාහය
නිරතුරු අවශ්‍යතාවයකි. උදාසීන නොවී කරදර බාධක මැඩගෙන තම කටයුතු
විධිමත්ව පවත්වා ගත යුතුය. දෑත වෙහෙසමින් දහදිය හෙළමින් ක්‍රියාකිරීමට
සිදුවේ. අත්‍යාවශයෙන්ම තිබිය යුතු මෙම ගුණාංග උට්ඨාන සම්පදාව යනුවෙන්
හැඳින්වේ.
ගිහි පුද්ගලයකු මෙසේ නොපසුබට උත්සාහයෙන් යුතුව ඇප කැපවීමෙන් ධනය ඉපයීය
යුත්තේ ඇයි? ඒ ආශාවෙන් මසුරුකමින් රැස් කර තබා ගැනීමට නම් නොවේ. තමාගේ,
තම පවුලේ, දූ දරු මව්පිය ඥාතීන්ගේ අවශ්‍යතා සපුරාලීම ආදී වශයෙන්
ප්‍රධාන වශයෙන් මෙසේ දැකිවිය හැකිය.
1. තමාගේ අඹුදරු මව්පිය, සහෝදර සහෝදරියන් ඥාතීන් , මිතුරන්,සේවක සේවිකා
අවශ්‍යතා සපුරාලීමට
2. ලෙඩ දුක් හදිසි විපත්, විවිධ ආපදා වැනි අවස්ථාවලදි ප්‍රයෝජනයට ගැනීම
3. පූජ්‍ය පක්‍ෂයට දන්දීම හා විවිධ ආගමික අවස්ථා සඳහා යෙදවීම
4. ආගන්තුක සත්කාර, මියගිය අයට, රජයට යුතුකම් ඉටුකිරීම
5. පොදු සමාජසේවා හා සුබ සාධක වැඩ ආදියට
දහසක් දුක් කරදර විඳිමින් ඇපකැපවී උපයා ගන්නා ධනය පරිභෝජනයට ගැනීම
පිළිබඳ ක්‍රමවත් සැලැස්මක් අවශ්‍ය වේ. එම සැලසුම බුදු දහමේ විස්තර කරනු
ලැබ ඇත.
ඒකේන භෝගේ භුඤ්ජ්‍යෙය
ද්විහිකම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාප්‍යෙය
ආපදාසු භවිස්සති
මෙම ගාථාවෙන් ප්‍රකාශ වන්නේ උපයන ධනයෙන් එක් කොටසක් , දෛනික අවශ්‍යතා
සඳහා පරිභෝජනයට ගැනීමත්, කොටස් දෙකක්, ආදායම් මාර්ග වර්ධනය කර ගැනීම
සඳහා ආයෝජනය කිරීමත් හා අවසාන කොටස හදිසි ආපදාවකදි ප්‍රයෝජනයට ගැනීම
සඳහා ඉතුරු කිරීම පිළිබඳව සැලකිලිමත්වීමට මග පෙන්වා ඇති අන්දමයි.
සැලැස්මක් නොමැතිව තමා උපයන ධනය නිකරුණේ නාස්ති කර දැමුවහොත් ඉන්
විනාශය සිදුවේ. වැය පක්ෂයේදි තමාට ලැබෙන ආදායම සැලකිල්ලට ගැනීම ඉතාම
වැදගත්ය. තමාගේ් ආදායමට ගැළපෙන අයුරු වියදම සකස් කර ගත යුතුය.ආදායමට
වඩා වියදම වැඩිවුවහොත් ඉන් පිරිහීම ළඟා කරයි. එලෙසම අවශ්‍යතා සඳහා ධනය
වැය නොකර මසුරුකමින් කටයුතු කිරීමද නුසුදුසුය. එසේම චරිත වර්ධනයෙන්
තොර ධනවත්කම හානිදායකය. යහමග පෙන්වන කල්‍යාණ මිත්තතාව හෙවත් කලණ
මිතුරන් ඇසුර , ඒ සඳහා යහපත් පිළිවෙතකි.
උපයන ධනය පරිහානියට හේතුවන දොරටු රාශියක් විවෘතව ඇත. සිහිනුවණින් යුතුව
ඒවා වසා ගැනීම ධනය උපයන්නා විසින් කළ යුතුය. එනම්, නීති විරෝධි ලෙස
කම්සැප සෙවීම, මත්ද්‍රව්‍ය , මත්වතුර කෙරෙහි ලොල්බව, සූදුවේ යෙදීම,
පවිටු දුදන මිතුරන් ඇසුරු කිරීම යන කරුණුය. මෙම පවිටු පුරුදු ඇත්තෙකුට
කොතෙක් ධනය ඉපයූවත් පලක් නොවේ. මෙසේ ධන පරිහානි දොරටුවලින් ඉවත්ව මෙලොව
සැප විඳින ගිහියා පරලොව සැප පිණිස රැස්කර ගත යුතු සම්පත් කීපයකි. එනම්
1. ශ්‍රද්ධා සම්පදා (බුදුගුණ ඇදහීම )
2. සීල සම්පදා (කය වචන දෙකේ හික්මීම)
3. චාග සම්පදා
4. මසුරුකමින් තොරව පරිත්‍යාගශීලිවීම
5. මනා සිහි නුවණින් (පඤ්ඤා සම්පදා)
මෙම කරුණු වලින් යුක්තවීම අවබෝධවන්නේ බුද්ධිමත්ව, සිහිනුවණින් යුතුව
ධනය ඉපයීම හා පරිභෝජනය මෙලොව සැපත් මෙන්ම පරලොව සැපත සඳහාද මනා
පිටිවහලක් වන අන්දමයි. |